• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රයිනෝ සමූහය නව තිරසර සංවර්ධන මාවතක

August 31, 2019
in Business
Reading Time: 1 min read
A A
රයිනෝ සමූහය නව තිරසර සංවර්ධන මාවතක
Share on WhatsAppShare on Facebook

රයිනෝ සමූහ ව්‍යාපාරය, තිරසර සංවර්ධනය සහ දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා දක්වන කැපවීම පෙරදැරි කරගෙන සිය තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීමේ අරමුණ ඇතිව දීර්ඝකාලීන ක්‍රමෝපායික වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.
මෙරට ජනතාවගේ ගෞරවය දිනූ, සමාජය කෙරෙහි වගකීම්සහගත සමාගමක් ලෙස රයිනෝ සමූහ ව්‍යාපාරය කවදත් තිරසාරත්වයට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. පසුගිය දශක 5ක කාලය තුළ එම සමූහය තම ව්‍යාපාර කටයුතුවලදී සෑම විටම තිරසර ක්‍රමවේදයන් භාවිත කර ඇති අතර, ප්‍රජා සත්කාරයන් සඳහාද නිරන්තරයෙන් අවධානය යොමුකර ඇත.
මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික සහ පරිසර තත්ත්වය පිළිබඳව කරන ලද දීර්ඝ පර්යේෂණවලින් අනතුරු සහ තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් මෙරට පවතින අඩුපාඩු හඳුනාගැනීම තුළින් නව තිරසාරත්ව වැඩසටහන් පෙළක් දියත්කිරීමට සමාගම කටයුතු යොදා තිබේ.
රයිනෝ සමූහය තිරසාරත්වයේ මූලික පදනම් ලෙස සලකනුයේ මානව සම්පත, නිෂ්පාදන, ප්‍රජාව සහ පෘථිවිය යන පදනම් සතරයි. මෙම පදනම්වලට මූලිකත්වය දෙමින්, 2025 වසර තෙක් විහිදෙන තිරසාරත්වයේ ගමන් මගක් සැලසුම් කිරීමට එම සමූහය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් රයිනෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂක ඊ.ජේ. ඥානම් මහතා මෙසේ පැවසීය. “සමාජයේ විවිධ පාර්ශ්ව සම්බන්ධ කරගැනීම සහ තිරසාරත්වය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම අතින් ගත් විට රයිනෝ සමූහ ව්‍යාපාරයේ දැක්ම ඉතාම පුළුල් පරාසයක් ආවරණය කරන අතර, පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම මේ සියලු පාර්ශ්වයන්ට පෙන්වා දීම අරමුණු කරගත් දැක්මක් ලෙස එය හැඳින්වීමට පුළුවන්. මේ තිරසාරත්ව වැඩසටහන් සතර ක්‍රියාවට නැංවීම මගින් අපට සමාජ හා ආර්ථික තිරසාරත්වය නැංවීමට මෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කිරීමට පැහැදිලි දායකත්වයක් ලබාදීමට හැකිවන බව අපගේ විශ්වාසයයි. තිරසාරත්වයේ මූලික පදනම් සතර සමඟ ව්‍යාපාරික කටයුතු සමගාමී කිරීම ඔස්සේ පරිසරයට හා සමාජයට යහපතක් සිදුකරමින්, දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කරමින්, රට තුළ සැබෑ පරිවර්තනයක් සිදුකිරීමට අප උත්සාහ කරනවා.”

SendShareShare
Previous Post

ඔබ විසින් LG ශීතකරණයක් තෝරා ගත යුත්තේ ඇයි?

Next Post

ජනපතිවරණයට ‌පෙර ඇල්පිටියේදී ගීතයි-ගයන්තයි සටනක

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.