ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයක් තියා ජනතා මතය උරගා බැලීමේ අවස්ථාවක් ප්‍රධාන පාර්ශවයන් දෙකටම හිමිව තිබේ.
ඒ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වහා පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කිරීමත් සමගය.
ඒ අනුව මෙම මැතිවරණය ගාල්ල ඇල්පිටිය ආසනයේ එජාප නියෝජනය වන ගයන්ත කරුණාතිලක මහතා හා පොහොට්ටුවේ නියෝජනය වන ගීතා කුමාරසිංහ මහත්මිය අතර ද්වන්ධ සටනක් වන ලකුණු වනවිට පහළ කර තිබේ. මේ වනවිට ගයන්ත කරුණාතිලක මහතා ඍජුවම සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රිවරයකු බවට පත්ව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහාය ගීතා කුමාරසිංහ මහත්මියට හිමිවීමට නියමිතය.
සෙනසුරාදා දිනයක් වන ඔක්තොම්බර් 05 වැනිදා බොහෝ දුරට එම මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇතැයිද වාර්තා වේ.