• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සම්පත් බැංකුවෙන් අලුත උපන් සිවු නිවුන් දරුවන්ගේ ජීවිතවලට යහපත් ආරම්භයක්

September 12, 2020
in Business
Reading Time: 1 min read
A A
සම්පත් බැංකුවෙන් අලුත උපන්  සිවු නිවුන් දරුවන්ගේ ජීවිතවලට යහපත් ආරම්භයක්
Share on WhatsAppShare on Facebook

සම්පත් බැංකුව විසින් පසුගියදා බොරැල්ල ද සොයිසා කාන්තා (ශික්ෂණ) රෝහලේදී උපත ලද සිවු නිවුන් දරුවන් වෙනුවෙන් පුබුදු ළමා ඉතුරුම් ගිණුම් විවෘත කරමින් ඔවුන් වෙත රන් පෙන්ඩන්ට් ලබාදීමට කටයුතු කරන ලදී. දරුවන්ගේ අනාගතය සඳහා වන ආයෝජනයක් ලෙස දෙමව්පියන් දිරි ගැන්වීම වෙනුවෙන් සම්පත් බැංකුව එම පියවර ගනු ලැබීය. මෙම දුර්ලභ සිවු නිවුන් දරු උපතේදී මවගේ මෙන්ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (කොළඹ විශ්වවිද්‍යාලය) නිශානි ලූකස් මහත්මිය සහ වාට්ටු භාර හෙද සොයුරිය වන එච්.එම්.පී. රංජනී මහත්මිය ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සම්පත් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “සිවු නිවුන් දරු උපතක් යනු දරු උපත් 800,000කට එකක් පමණක් සිදුවන ඉතා දුර්ලභ සිදුවීමක්. අද ලෝකයේ සිදුවන සිය ව්‍යවසනයන් පිළිබඳ සැලකීමේදී මේ ආකාරයේ වටිනා අවස්ථාවක් ඉතා ඉහළින් සැමරිය යුතුයි. මෙම දරුවන්ගේ ජීවිතයට යහපත් ආරම්භයක් ලබාදීමට සහ කුඩා අවධියේ පටන් ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කර ගැනීමට ඔවුන්ට සහාය වීමට ලැබීම අප ලද භාග්‍යයක් කොට සලකනවා. ඔවුන් මේ රටේ යහපත් මෙන්ම ඉහළ පුරවැසියන් බවට පත්ව ජාතියේ අභිවෘද්ධිය උදෙසා වටිනා දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”යනුවෙනි.

සම්පත් බැංකු විසින් දරුවන් වෙනුවෙන් පුබුදු සහ සපිරි නමින් ඉතිරි කිරීමේ ගිණුම් දෙකක් හඳුන්වාදී ඇත.එහිදී පුබුදු ළමා ඉතුරුම් ගිණුම මඟින් දරුවන් වෙත ආකර්ෂණීය තෑගි රැසක් ලබා දීමට කටයුතු කර ඇති සම්පත් බැංකුව සපිරි ඉතුරුම් ගිණුම තුළින් ඉතිරි කරන දරුවන් වෙනුවෙන් ඉහළ පොලී අනුපාතයන් ලබා දෙමින් වටිනා ආයෝජන ගිණුමක් හිමි කර දීමට කටයුතු කර ඇත. රුපියල් 500/-ක අවම තැන්පතුවකින් පුබුදු හා සපිරි ළමා ඉතුරුම් ගිණුම් ආරම්භ කළ හැකි අතර අඛණ්ඩ ශේෂයක් පවත්වාගෙන යාම තුළින් දරුවන්ට පාසල් බෑග්, මවුන්ටන් බයිසිකල්, ඩ්‍රෝන හෝ හෙල්කොප්ටර්, ස්කූටි, හෝම් තියටර් සිස්ටම් සහ LED රූපවාහිනී දක්වා වටිනා ත්‍යාග හිමිකර ගත හැකිය.

SendShareShare
Previous Post

ක්‍රිස්බ්‍රෝ සිය වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කරයි

Next Post

අලියාන්ස් ලංකා, ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සමඟ එක් වෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.