• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අලියාන්ස් ලංකා, ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සමඟ එක් වෙයි

September 12, 2020
in Business
Reading Time: 1 min read
A A
අලියාන්ස් ලංකා,  ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්  සමඟ එක් වෙයි
Share on WhatsAppShare on Facebook

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා (අලියානස් ලංකා) ජාතියේ විශිෂ්ටයන් වෙනුවෙන් ප්‍රතිලාභ හිමි කර දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් (SLO) සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්රෙැම මැතිතුමාගේ අනුග්‍රහය යටතේ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකදී දෙපාර්ශ්වය විසින් මීට අදාළ අවබෝධතා ගිවිසුමට එක් විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්, අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සහ අලියාන්ස් ලංකා නියෝජිතයන් එක්ව සිටියහ.
මෙහිදී ශ්‍රී ලාංකේය ක්‍රීඩා විශිෂ්ටයන් වෙත සිය ආචාරය පුද කරමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෛද්‍ය ආවරණයක් සහ පුද්ගල හදිසි අනතුරු ආවරණයක් ලබා දීමට අලියාන්ස් ලංකා කටයුතු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේ “අපගේ ඔලිම්පික් තාරකාවන්ට සහයෝගය දැක්වීම සඳහා අලියාන්ස් ලංකා සමාගම සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්හි එක්වීම පිළිබඳව මගේ ප්‍රශංසාව පළ කිරීමට කැමතියි. මෙවැනි වැඩසටහන් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන රජයේ වැඩසටහන් සමගද සම්බන්ධ වනවා. අපේ ක්‍රීඩා විරුවන් හට රට වෙනුවෙන් වැඩි ගෞරවයක් අත් කර දීමට සිදුකරන කැපවීම පිටුපස අපි සියලු දෙනා එකමුතුව කටයුතු කරමු” යනුවෙනි.

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්හි සභාපතිනි ශ්‍රියාණි කුලවංශ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ “අපගේ මූලික අරමුණුවලින් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් එක් කරමින් ඔවුන් නියෝජනය කිරීම සහ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමයි. ඔවුන්ට සහයෝගය දැක්වීමේ අපගේ මෙහෙයුම වෙනුවෙන් අප සමග එක් වීම පිළිබඳව අලියාන්ස් ලංකා ආයතනයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. අපගේ ක්‍රීඩකයන්ට අවශ්‍ය මොහොතේ මූල්‍යාධාර ලබා දීමේ මෙම මුල පිරීම ජාතියේ අභිමානය ලෙස පෙන්වා දිය හැකි මෙම විරුවන්ට මිල කළ නොහැකි කටයුත්තක් බව සඳහන් කළ හැකියි.” යනුවෙනි.

මෙම සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් ජාතියේ අභියෝගාත්මක මානසිකත්වයේ සංකේතයක් මෙන්ම විශිෂ්ටත්වයේ අභිමානයක් ලෙස සඳහන් කළ හැකි බවය. අප සියලු දෙනා අමන්දානන්දයට පත් කරන මේ වීරයන් වෙනුවෙන් පුළුල් රක්ෂණ ආවරණයක් ලබා දී ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සමග එක් වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි.” යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ මෙම සබඳතාව විවිධ කණ්ඩායම්, සංවිධාන, සංස්කෘතික චරිත, ක්‍රීඩා ස්ථාන සහ අධ්‍යාපන වැඩසටහන් ආදිය සමග අපගේ අඛණ්ඩ ගෝලීය හා දේශීය හවුල්කාරීත්වයේ කොටසක් වන අතර එමගින් ක්‍රීඩාව හා නව්‍යකරණය තුළින් මානව ජයග්‍රහණ පිළිබඳ කතාවක් විදහා දක්වනවා” යනුවෙනි.

SendShareShare
Previous Post

සම්පත් බැංකුවෙන් අලුත උපන් සිවු නිවුන් දරුවන්ගේ ජීවිතවලට යහපත් ආරම්භයක්

Next Post

නාමල්ගේ ‘වොක්ටෝක්’ (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.