• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

July 12, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලාව අප කාටත් පොදු දෙයක්. සමහරුන්ට නටන්න, ගයන්න, සිතුවම් අඳින්න පුළුවන්. තවත් සමහරුන්ට මූර්ති, කැටයම් කලාව පුළුවන්. මේ සියලු දක්ෂතාවන් ඔවුන් අරගෙන එන්නේ සහජයෙන්මයි. ඉතින් එවැනි දක්ෂතාවන් රැසක් ඉතා අපූරුවට පිහිටපු ශිල්පිනියක් සමගයි අද අපේ කතාබහ ඇරැඹෙන්නේ. ඇය නෙයි සාරා. පසුගියදා නිමාවට පත්වුණු ‘වරකත’ ටෙලිනාට්‍යයේ මාලා ඔබට මතක ඇති. ඇය මාලා චරිතයට පණපොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා. අපි දැන් නෙයි සාරාගෙ කතාව අහමු. Sri Lanka Latest News

සාරා ඉතින් කොහොමද?
හොඳින් ඉන්නවා. මේ දිනවල ‘සිත නිදි නෑ’ ටෙලිනාට්‍යය සමග කාලය ගතකරනවා. ඒ වගේම පසුගිය දිවස්වල නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. මේ දවස්වල වේයන්ගොඩ ප්‍රේක්ෂක ජනතාවට රසවිඳින්න වේදිකා නාට්‍යයක් ගෙන එන්න මමයි මගේ යාළුවෙකුයි එකතු වෙලා සංවිධාන කටයුතු කරනවා.
ඔබ මුලින්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු විදිය ගැන කතා කළොත්?
මම 2019 වර්ෂයේ නිරූපිකාවක් ලෙස තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. පැජන්ට් එකක් හරහා අවසන් 12 දෙනා අතරට මම තේරුණා. මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හිතවලත් තිබුණේ නැහැ. වජිර විජේවර්ධන සර් ළඟ මම නිවේදන කටයුතු හැදෑරුවා. මම මුස්ලිම්. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන නිසා මට ගොඩක් හිතන්න වුණා. වජිර සර් තමයි මගේ දක්ෂතාව හඳුනාගෙන මට නිවේදනයට වඩා රංගනය පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා කිව්වේ. ඉතින් අවුරුදු කිහිපයකට පසු රංගනයට පිවිසුණා.
ඔබව ගොඩ දෙනෙක් හඳුනා ගත්තේ ලොකු නෝනා හරහා?
ඔව්. ‘කුජීත ෆිල්ම්ස්’ යූටියුබ් නාලිකාවේ ලොකු නෝනා චරිතයට මට ගොඩක් දෙනෙක්ගේ ආදරය ලැබුණා.
සාරාගේ ආගම, සංස්කෘතිය පැත්තෙන් ප්‍රශ්නයක් මතුවුණේ නැද්ද මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම නිසා?
එහෙම කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. මිනුවන්ගොඩ මුස්ලිම් පල්ලියෙන් මට ලොකු සහායක් ලැබුණා. ඒ නිසා මගේ ගමනේ පාර ලස්සනට හදාගෙන හෙමිහිට මේ ගමන යනවා.

‘වරකත’ ඒ ගමන් මගේ රසමුසු නවාතැන්පළක් වුණා?
මගේ ජීවිතයේ සොඳුරුම නවාතැන්පළ තමයි ‘වරකත’ ටෙලිනාට්‍යයේ මාලා කියන චරිතය. මිහිර සිරිතිලක අයියට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ චරිතය සඳහා අවස්ථාව ලබාදුන්නට. මාලා චරිතයට මට පුළුවන් උපරිම සාධාරණයක් කළා කියලා මම හිතනවා. මැටි ගොඩක් පදම් කරලා හදනවා වගේ මිහිර අයියා මගේ හැම දේම හැදුවා. දෙබස් උච්චාරණයේදී මට පොඩි පොඩි වචන උච්චාරණය කරන්න අපහසුතාවක් තිබුණා. ඉසුරු අයියා, දමයන්ති අක්කා, නිරෝෂා අක්කා ඇතුළු මුළු කණ්ඩායමෙන් මට මාරම සපෝට් එකක් දුන්නේ. මාලා චරිතය මගේ වාසනාවට ලැබුණු චරිතයක්.
මාලා වගේ ගොඩදෙනෙක්ට සමාජය තුළ සිදුවෙන්නේ අසාධාරණයක් නේද?
ගැහැනියක් විදියට මම හිතනවා අවංකව ආදරය කරන පිරිමි හමුවෙනවා අඩුයි. ගොඩක් දුරට මිනිස්සු ආදරය කරන්නේ ලබාගන්න බැරි දේවල්වලට. මෙතැනදී මාලා වුණත් හිතන්නේ නැති කෙනකුට ආදරය කරනවා. මාලාට වලව්වේ හාමුගේ අවංක ආදරය ලැබෙනවා. සාමාන්‍ය ජීවිතයේ බොහෝ අය මාලා වගේ ආදරයකින් බැඳුණාම, ඇය මවක් වුණා කියලා දැනගත්තාම අත්හැරලා දානවා. ඒත් මාලාට ඒ අසාධාරණය නොවී ඔහුගේ සැමියා ලැබුණා. ඒ වෙලාවේ මට දැනුණේ ඒ දේ මට ලැබුණා වගේ හැඟීමක්. මාලා වගේ අය මේ රටේ ඕනෑ තරම් ඇති. ඒ වගේ අයට කිසිම අසාධාරණයක් නොවී අවංක ආදරයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
සාරාගේ ජීවිතයට සමාන ගති ලක්ෂණ මාලා චරිතය තුළ ඔබ අත්වින්දාද?
මගේ ජීවිතයට සමානකම් තිබුණු විශේෂ අවස්ථා කිහිපයක් මාලා චරිත ස්වභාවය තුළ ගැබ්වෙලා තිබුණා. මම දෙදරු මවක්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මමත් තනිවෙලා ඉන්නේ. ඒ වගේම තමයි මාලාගේ ජීවිතයෙත් ප්‍රශ්න රැසකට ඇයට මුහුණ දෙන්න සිදුවුණු අවස්ථා තිබුණා. අම්මා කෙනෙක් විදියට මගේ ජීවිතයට මුහුණ දුන්න අවස්ථා තියෙනවා. මගේ ජීවිතයේ ඒ ලබපු අත්දැකීම් එකතු කරගෙන මම චරිතය හොඳට රඟපෑවා. චරිතය වෙනුවෙන් මගේ බාහිර ස්වරූපයවත් මම වෙනස් කළේ නැහැ.
ඔබ කාලයක් මේ ක්ෂේත්‍රයෙන් දුරස් වීමට හේතුව?
තාත්තාගේ මරණයෙන් පසු මම ගොඩක් මානසිකව වැටුණා. කලාව ගැන හිතන්න තරම්වත් මට මානසික මට්ටමක් තිබුණේ නැහැ. මගේ තාත්තා නොසිටින්න මම අද කලාවේ නැහැ. මගේ තාත්තා තමයි මම කරන්න කැමැති දේට පාර පෙන්නුවේ. මගේ අයියලා මගේ ගමනට විරුද්ධ වුණත් තාත්තා තමයි කිව්වේ ‘මම බලාගන්නම් ඒ දේවල් කියලා.’ මගේ ජීවිතයේ ශක්තිය තාත්තා. මට දැන් ලොකු දුකක් තියෙනවා මගේ මේ හොඳම කාලයේ මගේ රඟපෑම් දකින්න ඔහු ජීවතුන් අතර නැති එක ගැන. මට හිතෙනවා තාත්තා කොහේ හරි ඉඳගෙන මගේ දක්ෂතාව බලාගෙන ඇති කියලා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Next Post

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News
Heart

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…!  ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News
Heart

ගේට්ටුවාහි අමුතුම ගැටයක් ගහන කපටි මනාලි…! ගැළපෙන එකක් තිබ්බොත් කරනවා….! ඉල්ලගෙන යන්නේ නැහැ…! ආරාධනා අඩු නෑ…! මුළු කාලයම වෙන්වෙලා තියෙන්නේ පුතාට…! වගීෂා ඉෂාන්ති I Sri Lanka Latest News

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News
Heart

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News
Heart

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

Load More
පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News
Exclusive

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

දේශපාලනයේ සන්නිවේදන සෙල්ලම් හරි අපූරුය. බලයට එන්නට පෙර රටේ තොටේ හැම හුස්මකම සද්දය, පාරක යන බල්ලෙක් බුරන සද්දය පවා ඉතා...

Read more
නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.