• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

July 12, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශපාලනයේ සන්නිවේදන සෙල්ලම් හරි අපූරුය. බලයට එන්නට පෙර රටේ තොටේ හැම හුස්මකම සද්දය, පාරක යන බල්ලෙක් බුරන සද්දය පවා ඉතා සංවේදීව ඇසෙන නායකයන්ට, ඉහළ පුටුවල වාඩිවී රතු පලස් උඩින් ඇවිදින විට හිටිහැටියේම සන්නිවේදන අංශ අඩපණ වීම ලාංකීය දේශපාලනයේ සාමාන්‍ය සිරිතකි. මේ දිනවල රටේම අවධානය යොමුව තිබෙන බන්ධනාගාරයේ සිදුවූ මහා අර්බුදය සම්බන්ධයෙන් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා අපූරු සහ අතිශය ළදරු කතාවක් කීවේය. ඒ, තමන්ට සෝෂල් මීඩියා හෙවත් සමාජ මාධ්‍ය බලන්නට වෙලාවක් නොතිබූ නිසා බන්ධනාගාර සිදුවීම ගැන විස්තර හරියටම දන්නේ නැති බවය. ඇමැතිතුමාගේ ඒ අහිංසක, ‘මං සුදනා’ ප්‍රකාශය ඇසූ කල අපට සිහිපත් වූයේ මේ රටේ අතීත පාලකයන් තොරතුරු දැනගත් සහ රට පාලනය කළ ආකාරයයි. අපට ඇති ප්‍රශ්නය නම්, රටේ මෙවැනි බරපතළ සිදුවීම් පාලකයන් දැනගත යුත්තේ උදේ පාන්දර පත්තර බලලාද, නැතිනම් රෑ බෝවෙලා සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරලාද යන්නයි. රටක් පාලනය කරන නායකයන් සහ ඇමැතිවරුන් රටේ තොටේ තොරතුරු දැනගන්නට පත්තර හෝ ෆේස්බුක් දෙස බලා සිටිය යුතු නම්, එතැනින්ම ඒ පාලනයේ ඇති බංකොලොත්භාවය මැනැවින් පැහැදිලි වේ. Sri Lanka Latest News

මේ කතාව ඇසෙන විට අපට නිතැතින්ම මතක් වන්නේ යහපාලන ආණ්ඩුව සමයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියපු සුප්‍රසිද්ධ කතාවකි. එදා රටේ ලොකු ලොකු පෙරළි, දේශපාලන තීන්දු තීරණ සිදුවන විට එතුමා මාධ්‍ය අභිමුවට අවංකවම පැමිණ කීවේ තමන්ද රටේ සිදුවන දේවල් උදේ පාන්දර දැනගන්නේ පත්තර බැලීමෙන් කියාය. ජනාධිපති කෙනෙක්, රටේ පළමුවන පුරවැසියා, මුළු රටේම බුද්ධි අංශ තමන්ගේ අණසක යටතේ තබාගෙන සිටින නායකයා රටේ තොරතුරු දැනගන්නට උදේ පත්තරේ එනකම් ඉන්නවා නම් එවැනි රාජ්‍ය නායකයෙකුගෙන් රටකට ඇති වැඩක් තිබේද කියා එදා ජනතාව ප්‍රශ්න කළහ. එදා පත්තරෙන් රටේ තොරතුරු සෙවූ ජනාධිපතිවරුන් දෙස බලා හිනාවුණු මිනිසුන්ට, අද සෝෂල් මීඩියා බලන්න වෙලාවක් තිබුණේ නැතැයි කියන ඇමැතිවරුන් දෙස බලා හඬන්නට සිදුව ඇත. පත්තරෙන් තොරතුරු සෙවූ යුගයේ සිට සෝෂල් මීඩියාවලින් තොරතුරු සොයන යුගය දක්වා අපේ රටේ පාලකයන්ගේ ‘තොරතුරු දැනගැනීමේ’ පරාසය වෙනස් වී ඇති අපූරුව කනගාටුදායකය.

නමුත් ඉතිහාසය දෙස බලන විට, ආර්. ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන් උදේ පාන්දර හතරට පහට අවදි වී, තමන්ගේ තේ කෝප්පය මේසයට එන්නටත් පෙර රටේ පළවන සියලු පුවත්පත් තමන් ඉදිරියට ගෙන්වාගෙන කියවූ හැටි ප්‍රසිද්ධ කරුණකි. එතුමා පත්තර බැලුවේ රටේ තොරතුරු දැනගන්නට ක්‍රමයක් නැති නිසා නොවේ. පත්තරවල ලියැවෙන අඩුපාඩු සහ මහජන ප්‍රශ්න රතු පෑනෙන් ලකුණු කර, උදේ හත වනවිට අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ නිලධාරියාට දුරකතන ඇමතුමක් දී වහාම පියවර ගන්නැයි නියෝග කරන්නටය. ඔවුන් රටේ තොරතුරු දැනගැනීමට පත්තර පරිශීලනය කළත්, වගකිවයුතු පාලකයන් ලෙස තමන් සතු නිල රාජ්‍ය යාන්ත්‍රණය සහ නිලධාරීන් ලවා ඒවා තහවුරු කරගැනීමට කටයුතු කළහ. පාලකයා යනු නිලධාරීන්ට සහ සාමාන්‍ය ජනතාවට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටිය යුතු චරිතයක් බව ඔවුන් ක්‍රියාවෙන් පෙන්නුවේය. නමුත් අද වනවිට කතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරී, මුළු රාජ්‍ය සන්නිවේදනයම හාස්‍යයට කරුණක් බවට පත්ව ඇත.

අද රට පාලනය කරන ඇමැතිවරුන් සහ උසස් නිලධාරීන් තමන්ගේම විෂය පථයට අදාළ බරපතළ සිදුවීම් පවා දැනගන්නට බලන් සිටින්නේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් වදිනකම් හෝ ටික්ටොක් වීඩියෝ එකක් ලයිව් එනකම්ය. රටේ බුද්ධි අංශ, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෑස් සහ දෑත් මෙන් ක්‍රියා කළ යුතු රාජ්‍ය නිලධාරි පැලැන්තිය සහ රාජ්‍ය සන්නිවේදන ජාලයන් නඩත්තු කිරීම වෙනුවෙන් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරන්නේ ඇයිදැයි අපට සිතෙන්නේ එවිටය. ඇමැතිවරයෙකුට රටේ තීරණාත්මක තොරතුරක් දැනගන්නට සෝෂල් මීඩියා බලනකම් ඉන්නට සිදුවන්නේ නම්, ඔය කියන නිලතල, වගකීම් සහ වරප්‍රසාදවල ඇති ඵලක් තිබේද? ඇමැතිවරුන්ට සහ රජයට නිල තොරතුරු සැපයිය යුත්තේ රාජ්‍ය බුද්ධි අංශ සහ නිලධාරීන් මිස ෆේස්බුක් පේජ්කාරයන් නොවන බව මේ නවක පාලකයන්ට අමතක වීම ඛේදවාචකයකි. තමන්ගේ අමාත්‍යාංශය යටතේ පවතින බන්ධනාගාරයක මහා පෙරළියක් සිදුවන විට, ඒ බව නිලධාරීන්ගෙන් දැනගන්නට ක්‍රමයක් නැතිව, සෝෂල් මීඩියා බලන්න වෙලාවක් තිබුණේ නැතැයි කීම තරම් විහිළුවක් තවත් තිබේද?

කතාවේ ඇති ලස්සනම සහ හාස්‍යජනක හරය නම්, අද රටේ සාමාන්‍ය මිනිස්සු මේ සියලු දේශපාලකයන්ට සහ නිලධාරීන්ට වඩා සැතපුම් ගණනාවක් ඉදිරියෙන් සිටීමයි. රටේ කොහේ හෝ තැනක අසාධාරණයක්, දූෂණයක් හෝ බන්ධනාගාරයක මහා ප්‍රශ්නයක් සිදුවන විට, ඇමැතිතුමා කාර්යබහුලකම අස්සේ ෆේස්බුක් ලොග් වෙනකම් ඉන්නට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නැත. ජනතාව ඒ සියල්ල ඇසිල්ලකින් දැනගෙන, විවේචනය කර, අවසාන නිගමනවලටත් පැමිණ ඉවරය. අවසානයේ සිදුවන්නේ, රටේ වැදගත්ම සහ සංවේදීම තොරතුරු ටික සාමාන්‍ය ජනතාවගෙන් හෝ මාධ්‍යවේදීන්ගෙන් අසා දැනගන්නට පාලකයන්ට සිදුවීමයි. රාජ්‍ය රහස් සහ තොරතුරු ගලා යායුත්තේ ඉහළ සිට පහළට මිස, පහළ සාමාන්‍ය ජනතාවගෙන් උඩ ඉන්නා ඇමැතිවරුන්ට නොවේ. සෝෂල් මීඩියා බලන්නට වෙලාවක් තිබුණේ නැතැයි කියමින් ඉතා සරලව ඇඟ බේරාගන්නා නායකයන් සිටින රටක, ඊළඟ වතාවේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ ප්‍රශ්නයක් ගැන ඇසූ විට ‘අනේ මගේ ඩේටා පැකේජ් එක ඉවර වෙලා තිබුණේ, සිග්නලුත් නැහැ, ඒකයි දන්නේ නැත්තේ’ යැයි ඇමැතිවරුන් මාධ්‍ය හමුවල කියන දිනයද වැඩි ඈතක නොවේ. පාලකයන් පත්තරවලින් සහ සෝෂල් මීඩියාවලින් පමණක් රටේ තොරතුරු සොයන තාක්කල්, නිලධාරීන්ද තමන්ගේ වගකීම් පැත්තක දමා ‘ලයික් සහ කමෙන්ට්’ ගණන් කරමින් සිටිනු ඇත. අවසානයේ මඩ සෝදාගත් ගොවියාට පමණක් නොව, ස්මාර්ට් ෆෝන් එක අතට ගත් සාමාන්‍ය මිනිසාට ද සිදුවන්නේ මේ ‘ඇනලොග්’ මානසිකත්වයේ සිටින පාලකයන්ව ‘ඩිජිටල්’ ක්‍රමයටම දේශපාලන වේදිකාවෙන් ඩිලීට් කර ගෙදර යවන්නටය.

SendShareShare
Previous Post

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

Next Post

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

MORE NEWS

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News
Exclusive

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Exclusive

විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! උපරිමාධිකරණ විනිසුරුවන්ට විතරක් නැතිව සියලුම විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 2කින් දීර්ඝ කරන්න සූදානම් වෙයි! I Sri Lanka Latest News

අනුර මාලෙට ගොඩබැස්සා! පිළිගත්තේ මාලදිවයින් ජනාධිපතිතුමා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

16 අනුර ප්‍රංශෙ යන්නෙ නෑ! I Sri Lanka Latest News

Load More
ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

මදුරන්කුලිය විවිධ සේවා සමුපකාරයේ නිලවරණය සඳහා වූ ඡන්ද විමසීම ඊයේ (11) ප්‍රාදේශික කිහිපයක පැවැත්වුණු අතර, එහිදී කඩයමොට්ට ප්‍රාදේශිකයේ බලය ශ්‍රී...

Read more
ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.