• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කසාදයට කලින් සැලැස්ම හදන්න

September 5, 2020
in Astrology
Reading Time: 3 mins read
A A
කසාදයට කලින් සැලැස්ම හදන්න
Share on WhatsAppShare on Facebook

සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර රාශියකි. හෙළ බෞද්ධයාගේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර ඉටු කිරීම ඉතා අගනේය. පහත නැකැත් ආශ්‍රයෙන් මෙය විග්‍රහ කළ හැකිය.
පොරොන්දම් බැලීම
විවාහ යෝජනාවකදී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිදුකළේ ස්ත්‍රි – පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් පිළිබඳ බැලීමයි. ඉන්පසු දෙපාර්ශ්වයේම අයගේ පවුලේ දෛවඥයා හෝ දෛවඥයන් ලවා පොරොන්දම් බැලීම සිදුකරයි. දෙපාර්ශ්වයේම පොරොන්දම් ගැළපීම සෑහීමකට පත්වන්නේ නම් දෙවැනි පියවර වන්නේ පවුල බලන්නට යාම හෙවත් ‘බත බුලත් කෑම’යි.
පවුල බලන්නට යෑම (බත, බුලත කෑම)
පළමුවෙන්ම මනමාලයාගේ පාර්ශ්වයෙන් මනාලියගේ නිවෙසට පැමිණීම සිදුකරයි. මනාලිය මනා ලෙස සැරැසී බුලත් හෙප්පුවක් රැගෙන මනාලයා ප්‍රමුඛ මනමාල පාර්ශ්වයේ ඥාතීන් හමුවට පැමිණ ආචාර කරයි. මනාලිය විසින් බුලත් හෙප්පුව මනාලයා වෙත පිළිගන්වයි. අනතුරුව සිදුකරන්නේ මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාගේ පවුල බලන්නට යෑමයි. මෙහිදී මනාලිය එම ගමනට සහභාගි නොවේ.
නැකැත් සෑදීම
මනාල මනාලිය දෙදෙනාගේ වයස, රූපය, තත්ත්වය අදහස් ගැළපීම දෙපාර්ශ්වයේම තත්ත්වය (ආගම, කුලය, ධනය, බලය, ඥාතීන් හැකියාව ආදිය) ගැළපේ නම් ඊළඟ කටයුත්ත විවාහයට නැකැත් සකස් කිරීමයි. සාම්ප්‍රදායික ලෙස නැකැත් සෑදීම කරන්නේ මනමාලයාගේ පාර්ශ්වයෙන්ය. මනමාලයාගේ පාර්ශ්වයෙන්ම නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට බාර දෙන අතර එම නැකැත්වල දෝෂ, අඩුපාඩු ඇත්නම් මනාලියගේ පාර්ශ්වයෙන් පරීක්‍ෂා කර බලයි.
විවාහයේදී විශේෂයෙන් සලකා බලන නැකැත්
පූර්ව මංගල නැකැත්
* මනමාලයාගේ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට බාර දීම.
* දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන් මංගල දිනයට ආරාධනා කිරීම. (බුලත් දීම)
* තෙල් වළං ළිප තැබීම.
මංගල දිනයේ නැකැත්
* මනාල මහතා නිවෙසින් පිටත් වීම
* මනාලියට තැල්ල බැඳීම (වේල් එක බැඳීම)
* මනාලයාගේ පැමිණීම
* මංගල පෝරුවට නංවා චාරිත්‍ර ඉටු කිරීම (සළු පැලඳවීම ආදිය)
* පෝරුවෙන් බැසීම
* පොතේ විවාහය සිදුකිරීම (විවාහය ලියාපදිංචි කිරීම)
* මඟුල් මඩු ඉඳුල් කිරීම
* යුවළ පිටත් වීම
පසු නැකැත්
* ජෝඩුව පසු ගමන් පිටත් වීම
* මනාල යුවළ නිවෙසට ගොඩවැදීම
මනමාලයාගේ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට බාර දීම
ඈත අතීතයේ සිංහලයන් ඉතා ඕනෑකමින් සිදුකළ චාරිත්‍රයකි. සෙත්කවි, ශ්ලෝක ආදියෙන් විචිත්‍රවත්ව සකස් කරන ලද නැකැත් පත්‍රය මනාලියගේ පාර්ශ්වයට ඉදිරියේ කියැවීමද විශේෂත්වයකි. කවි කතාවලින් වර්ණවත් වූ විවාදාත්මක ස්වරූපයක් ගත් මෙය මනා සුහද හමුවක් වැනිය.
දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන් මංගල දිනයට ආරාධනා කිරීම (බුලත් දීම)
මෙයද සුවිශේෂී චාරිත්‍රයකි. මේ සඳහා තෝරා ගන්නේ තමන්ට ඉතා හිතවත් විශ්වාසදායී සමීප පවුලේ ඥාතියකුය. බුලත් දීම සිදු කරන තුරු මංගල දිනය අනෙක් අයට දැනුම් නොදීම ඉපැරැණි ක්‍රමයක් වුවත්, වර්තමානයේ මංගල උත්සව හෝටල්වල ගැනීම ආදී විසිතුරු වැඩ නිසාම අන්දන කෙනාට, ෆොටෝ ගසන්නාට, සැමට පෙර මඟුල් දිනය දැන්වීමට සිදුවෙයි. එනමුත් බුලත් දී චාරිත්‍රානුකූලව කෙරෙන කාර්යයකට ඉන් පීඩාවක් නැත.
තෙල් වළං ළිප තැබීම
නැකැත් දිනය ආසන්න වන විට දෙපාර්ශ්වයේම අය මංගල්‍යයට කැවිලි සෑදීම සඳහා නැකැතට තෙල් වළං ළිප තබයි.
මනාල මහතා නිවෙසින් පිටත් වීම
මංගල දිනයේදී මනාල මහතා මනාලියගේ නිවෙසට යෑමට තම නිවෙසින් පිටත් වෙන්නේ සුබ නැකැතටය. මනාලයාගේ මව වතුර වීදුරුවකට සුදු මල් දමා පෙරමඟට පැමිණේ.
මලින් සරසන ලද මංගල රථයට මනාලයා සමඟ දෙවැනි මනාලයාද ගොඩවන අතර අනෙක් ඥාතීන් වෙනත් වාහනවලින් මංගල රථයේ පසුපසින් පැමිණේ.
සමහර මනාලයන් නිවෙසින් පිටවීමට නැකැතක් නොබලයි. ඔවුන් මනාලයාට මේ අවස්ථාව ඉතාමත් වැදගත් අවස්ථාවක් බැවින් ඒ සඳහා නැකැතක් බැලීම අත්‍යාවශ්‍යය. සමහර අවස්ථාවලදී මනාලයා නිවෙසින් පිටවී යන නැකැත එළැඹෙන අවස්ථාවේ මනාලයාගේ පවුලේ අය පෙනී නොසිටිති. සමහර විට මනාලයා නිවෙසින් පිටවීමේ නැකැත හා මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට ළඟා විය යුතු වේලාව අතර සෑහෙන පරතරයක් පවතී. මේ අවස්ථා 2කම නිසා සිදුවන්නේ මනාලයා නිවෙසින් පිටවීමේ නැකැතට නිවෙසින් මිදුලට පැමිණ පැය ගණනක් බලා සිටීමය. සිදුවිය යුත්තේ මෙය නොවේ. මෙම නැකැත පිළිපැද්දා යැයි පවසා සිත සනසා ගැනීමට දරන උත්සාහයකි. නැකැත ඇත්තේ පවුලේ සියලුදෙනා සමඟින් නිවෙසින් පිටවී යෑම මිස නිවෙසේ ප්‍රධාන දොරටුවෙන් පිටවීමට නොවේ. මෙයින් මනාලයා කලකිරීමට පත්වීම හා වෙහෙසට පත්වීම ආදියද සිදුවෙයි. එමෙන්ම වර්තමානයේ බොහෝ මංගල උත්සව මනාලියගේ නිවෙසේ නොගෙන හෝටල්වල ගන්නා නිසා මනාලිය පිටවීමේ නැකැතක්ද නැකැත් පද්ධතියට එකතු වී ඇත.
මනාලයාගේ පැමිණීම
මනාලියගේ නිවෙසට ඇතුළු වීමට ප්‍රථම මනාල මහතාගේ පියා විසින් මනාලියගේ නිවෙසට ගොඩවැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්‍රමාණයට බුලත් හුරුල්ලක් සකස් කර මනාලියගේ මවුපිය ඥාතීන්ට පිරිනමා තම නිවෙසට පැමිණීමට අවසර පතයි. දෙපාර්ශ්වය අතර සාම්ප්‍රදායික තහංචි කවි හුවමාරුවෙන් පසු සතුටු සිතෙන් යුතුව නැකැත් වෙලාවට මනාලයා ප්‍රමුඛ ඥාතීන් මනාලියගේ නිවෙසට ගෙඩවදී. වර්තමානයේ හෝටල්වල උත්සව ගැනීම නිසාම මේ චාරිත්‍රයේ ප්‍රායෝගික වින්දනය යටපත් වී ඇත.
මල් කලඹ පිළිගැන්වීම
මනාලයා නිවෙසට ගෙඩාවැදීමට පෙර රථයෙන් බැස මනාලියගේ නිවෙසට එන දෙවැනි මනමාලයා විසින් මල් කලඹ මනාලිය අතට දී නැවැත පිරිසට එකතු වෙයි.
පාවඩ එළීම
මනාලයාගේ පැමිණීමට මනාල පාර්ශ්වයේ හේන් මාමා විසින් පාවඩ එළීම සිදුකරයි. හේන් මාමාගේ හිත සතුටු කිරීමට මනාලයා විසින් යම් මුදලක් පාවඩය මතට දමයි. මෙම තෑගි මුදල ‘පාවඩ මස්ස’ ලෙස හැඳින්වෙයි.
දෙපා සේදීම
මනාලියගේ බාල මලණුවන් විසින් මනාලයාගේ දෙපා සෝදා ගෙට ගැනීමේ පරණ චාරිත්‍රයක් ඇත. මනාලයාගේ මලණුවන්ට ලැබෙන තෑග්ග රන් මුදුවකි.
මංගල පෝරුවේ නැඟීම
පෝරුව සකස් කිරීම ප්‍රදේශය අනුව විවිධාකාර වෙයි. පෝරුවේ සිව් කොනේ පුන්කළස් තබා ඒ මත පොල්තෙල් බහා මැටි පහන් 4ක් තබයි. (සතර වරම් දෙවි පහන්) පෝරුවේ මතුපිට පැදුරක් එළා ඒ මත සුදු රෙද්දක් එළා ඒ මත නොපෑගෙන සේ කැකුළු සහල් ලද පස්මල් බුලත් පඬුරු ආදිය අතුරයි. මීට අමතරව මංගල සම්මත වස්තුන් තැන්පත් කිරීමද ප්‍රධාන චාරිත්‍රයකි.
සුබ නැකැත් වේලාව ආසන්න වන විට මනාල යුවළ ස්වකීය මාමාවරුන් අතින් අල්ලා පෝරුවට නැංවීම කරන අතර අදාළ චාරිත්‍ර විධි දත් මහතකු විසින් පෝරුවෙ චාරිත්‍ර ඉටුකරයි.
පොරුවෙහි ඉටුකරන ප්‍රධාන චාරිත්‍ර
* ත්‍රිවිධ රත්න නමස්කාරය
* සතරවරම් දෙවියන්ට පහන් දැල්වීම
* දෙවියන්ගෙන් අවසර පැතුම
* යුවළ පෝරුවෙහි නැංවීම
* උතුම් දළුවර පිදීම
* අෂ්ඨක කියැවීම
* මංගල මුදු පැලඳවීම
* සළුපිළි දැවටීම
* අතැඟිලි බැඳීම
* පැන් වැඩීම
* ජයමංගල ගායනය
* පෝරුව ඉඳුල් කිරීම
* හඟල හුරුළු පිදීම
* කච්චි කිරිකඩ පිදීම
* බුලත් හුරුව ගෙන සුබ පැතීම
* පෝරුවෙන් බැස්සවීම හා ඒ සමඟ ශබ්ද පූජා පැවැත්වීම (මඟුල් බෙර, සක් පිඹීම, පොල් ගෙඩියක් බිඳීම)
පොල්තෙල් පහන දැල්වීම
පෝරුවෙන් බහින යුවළ ප්‍රථමයෙන් කරනුයේ පොල්තෙල් පහන දැල්වීමය.
කිරිබත් කෑම
පුරාණයේ සිටම සුබ කටයුතු කිරීමේදී කිරි මිශ්‍ර ආහාරයක් ගැනීම චාරිත්‍රයකි. වර්තමානයේ මෙය කේක් කැපීම ලෙස කලඑළි බැස ඇත.
පොතේ විවාහය (විවාහය ලියාපදිංචි කිරීම)
මෙම කටයුත්ත ඇතැම් විට පෝරුවෙහි නැඟීමට පෙර මෙන්ම පසුවද කරන අවස්ථා ඇත. ඉන්පසු මඟුල් මඬු ඉඳුල් කිරීමේ චාරිත්‍රය සුබ නැකැතින් සිදුවෙයි.
සුබ නැකැතට යුවළ පිටත්වීම
මංගල සභා ආදිය පැවැත්වීමෙන් පසු ඥාතීන්ගේ ආශීර්වාදය මත යුවළ සහ නැකැතින් මධු සමයට පිටත් වෙයි.
රාත්‍රි සමභෝගය
ලෝකයට යහපත් වත්, නිරෝගී ශිෂ්ටසම්පන්න දරු පරපුරක් බිහිකර දීම සෑම විවාහයකදීම මූලිකම හා වැදගත්ම වූ අත්‍යවශ්‍ය කාර්යයකි.
ඒ අනුව සුධාරකෝත්පත්තියක් සඳහා අනිවාර්යයෙන්ම ස්ත්‍රි – පුරුෂ දෙදෙනා ඒ සඳහා ගැළපෙන සුබ මොහොතක් තුළ සංසර්ගයෙහි යෙදිය යුතු බව ජ්‍යොතිෂ නියමයයි. මේ සඳහා සුබ මොහොතක් එම නියමයන්ට අනුව අදාළ මනාල යුවළට සකසා දීම ජ්‍යොතිෂවේදියාගේ මහඟු යුතුකමකි. එවිට ලෝකයට යහපත්, උගත්, නිරෝගී, ශිෂ්ටසම්පන්න දරුපරපුරක් බිහිකර දිය හැකිය. එයද විවාහයේ යහපත් පැවැත්මට අත්‍යවශ්‍ය වූ සාධකයකි.

මෙම කටයුත්ත අනිවාර්යයෙන්ම ඉතාමත් සුබ මොහොතක ඉෂ්ට සිද්ධ විය යුතුය. විවාහයේ ඉතාම වැදගත් අවස්ථාව වන්නේ මෙයයි. විවාහයක් යනු ස්ත්‍රි – පුරුෂ දෙදෙනකුගේ එක්වීමකි. එසේ නම් මෙය වනාහි දෙදෙනාගේ සැබෑ එක්වීමයි. දෙදෙනාගේ මුළු පවුල් ජීවිතය කෙරෙහිම මෙය බලපානු ඇත. එසේ නම් මෙම කටයුත්ත සඳහා මනාල මනාලි දෙපළගේ ජන්ම නැකැත්වලට ගැළපෙන පංචාංගය ශුද්ධ වූ ඊට අදාළ නැකැත් හා ලග්න පවතින රාත්‍රි 8.00ත් අලුයම 4.00ත් අතර කාලය තුළ ගුරු හෝරාවේ ගුරුගේ පංචම කාලය සුබදායක වනු ඇත.
දෙවැනි ගමන
මනාල යුවළ මධුසමය ගතකොට පසුදා උදෑසන රෙදි නැන්දා සමඟ මනාලයාගේ මව යුවළ විසූ කාමරය වෙත පැමිණේ. පෙර දින පෝරුවේදී මනාලියගේ ඉණ දැවටූ සුදු පිරුවටය මධුසමයේදී ඇගේ චරිති ශුද්ධිය ඔප්පු කිරීමට භාවිත කරයි. මනාලයාගේ මෑණියන් විසින් එය පරීක්‍ෂා කොට මනාලියගේ චරිතය පිළිබඳව සතුටට පත්වෙයි නම් එම සුදු පිරුවටයේ කොනක මුදලක් ගැටගසා රෙදි නැන්දා වෙත ලබා දෙයි. අනතුරුව රබන් ගසා මෙම සතුට ප්‍රකාශ කොට දෙවැනි මනමාලයා අත රතු රෝස මලක් දී මනාලියගේ නිවෙසට ගොස් එය දන්වයි. මනාලියගේ පාර්ශ්වයේ අයද ඔහු ආදරයෙන් පිළිගෙන රබන් ගසා මනාලියගේ පාර්ශ්වයටද සතුට ප්‍රකාශ කරයි. අනතුරුව මනාලියගේ පාර්ශ්වයෙන් දෙවැනි ගමනට මනාලයාගේ නිවෙසට පිටත් වෙයි.

මනාල යුවළ සුබ නැකැතින් පිටත්වී මනාලියගේ පාර්ශ්වය සමඟ මනාලයාගේ නිවෙසට පැමිණෙන අතර මනාලයාගේ මවුපියන් විසින් යුවළ ආදරයෙන් පිළිගනී. දෙවැනි දිනයේ මනාලිය සැරැසී සිටින්නේ පෝරුවේදී ලද සළුපිළිවලිනි. පාරිශුද්ධ දියණියක් තමන්ට ලබා දීම පිළිබඳව මනාල පාර්ශ්වය මවුපියන් මනාලියගේ මවුපියන්ට චාරිත්‍රානුකූලව කෘතඥතාව පළකරන අතර තම දියණිය අද සිටම නුඹලාගේම දියණිය මෙන් සෙනෙහසින් රැකබලා ගන්නා ලෙස හෙළ සිරිත් චාරිත්‍රානුකූලව මනාලියගේ මවුපියන් බුලත් හෙප්පු තෑගි බෝග හුවමාරුවෙන් සිදුකරයි.
සිංහල සංස්කෘතිය හා බැඳුණු ඉහත දැක්වූ අපේ විවාහ චාරිත්‍ර රාශියකි. හෙළ බෞද්ධයාගේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර ඉටු කිරීම ඉතා අගනේය.

විවාහයේදී අප සඳහන් කළ කරුණු පිළිබඳ මූලික අවධානය යොමු කළ යුතුය. මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවැනි උපත හෙවත් විවාහය හා මරණය හෙවත් මනුෂ්‍යයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. පෙරුම්පුරා වසර ගණනාවක් පෙම්දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන විවාහය, එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍යය විවාහයයි. අපට අවශ්‍ය ලෙස කළයුතු, ජීවිතයේ එක්වරක් පමණක් ලබන විවාහය, නමුත් අප පාලනය නොකරන එකම සාධකයද විවාහයයි.
ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

අමිල වයිෆ් එක්ක තාම ඩුබායිවල කොටුවෙලා

Next Post

සූකා ලංකාවෙන් සමාව ඉල්ලයි

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.