‘දන්නා කියන’ ඒ හැමෝම අතර අපේ ජනප්‍රිය කලාකරුවන්ද බොහෝ සිටියහ. රූගත කිරීම් අඩාළ වීම, නිර්මාණකරණයෙහි ප්‍රචාරණ කටයුතු සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීම අපහසු වීම සහ තවත් ඇතැම් පිරිස් වැඩ නැතිව ගෙවල්වලට වී බලා සිටීම වැනි කරුණු කාරණයන් ඔවුන් මුහුණ දුන් එකී අගතියෙහි ප්‍රධානතම කරුණු කාරණයන් විය. ඒ සියල්ල අතර නොසිතූ ලෙස වෙනස්ම කාලයේ අකරතැබ්බයන්ටද මුහුණ දුන් කලාකරුවන්ද නැත්තේ නොවේ. කඩවසම් ටෙලිනාට්‍ය නළුවකු වූ අමිල අබේසේකරද එවැන්නෙකි. කතාව කෙටියට, සරලව කියනවා නම්, සති දෙක තුනක සංචාරයක් සඳහා තම සුන්දර තරුණ බිරිය සොයා මාර්තු 10 වැනිදා ඩුබායි රටට පියාසර කළ අමිල අබේසේකර තවමත් ලංකාවට පැමිණීමට නොහැකිව එහි කොටුවී සිටින බව ‘මව්රට’ට ආරංචි වූයේ අමිල වෙනුවෙන්ම ලියූ තිරපිටපතකට අනුව තම අලුත්ම ටෙලියෙහි වැඩකටයුතු ආරම්භ කිරීමට පෙරුම්පුරා බලා සිටින අධ්‍යක්‍ෂවරයකුගෙන්ය. අමිල අබේසේකර අමතා මේ ගැන තොරතුරු ලබාගැනීමට තිබූ ඕනෑකම හරහා අප උය්එි ්චච ඔස්සේ ඔහු ඇමැතුවෙමි. ඉතාම සුහදව අමිල සිය තොරතුරු පැවැසුවේය. කෙටි සටහනක් තුළ මේ පෙළ ගැසෙන්නේ ඒ සුහද කතාබහය.
කොහොමද අමිල සුවදුක්, ඔයාලා සුවෙන්ද?
අපි නම් සුවෙන්. නමුත් ලංකාවට එන්න විදියක් නැතුව තමයි මේ ළතවෙන්නෙ.
ඔබ බිරිය හමුවීමට ඩුබායිවලට ආවේ මාර්තු මුල කියලයි ආරංචි?
ඒකනේ… මම මාර්තු මුල ආවේ සති දෙක තුනකින් ලංකාවට යන්න බලාගෙනයි. නමුත් ‘කෝවිඞ්-19’ නිසා හැමදේම බලාපොරොත්තු නොවුණු විදියට වෙනස් වුණා. හිතලා බලන්න, මාස හයකටත් වැඩි කාලයක ඉඳන් මම ඩුබායිවල.
ඔබ පසුවන්නේ හිත්තැවුලෙන්ද අමිල?
හිත්තැවුලක්ම නෙවෙයි. පටන් ගත්ත ටෙලිනාට්‍ය තියෙනවා. ගිවිසුම් අස්සන් කරන්න නියමිතව තිබුණු ටෙලි කතා තියෙනවා. සාකච්ඡා මට්ටමේ තිබුණු නිර්මාණ කිහිපයකට සම්බන්ධව හිටියා. දැන් මේ හැමදේම අවුල් ඇත්තටම. ජී. නන්දසේනගේ අලුත්ම ටෙලිනාට්‍යයේ කොටස් 15ක් රූගතකර හමාරව තිබෙනවා. එය දැන් රූපවාහිනී නාළිකාවකටත් ධගණග වෙලා තියෙනවා. තව එහි කොටස් 20ක පමණ වැඩ තිබෙනවා. සත්තකින් ඔවුන් මං නිසාම අතරමංව බලා සිටිනවා. මම ඉතාම කාරුණිකව කියා සිටියා, මම ඉන්න කොටස් 15 පෙන්වන්න… ඉතිරිය කතාව වෙන විදියකට ප්ලෑන් කරලා වෙන නළුවෙක් ගන්නය කියලා. නමුත් ඔවුන් තව ටික කාලයක් බලන් ඉන්න විදියක් තමයි පෙනෙන්න තියෙන්නේ.
ලක්‍ෂ්මන් පුෂ්පකුමාරද ඔබ එනතුරු ඔහුගේ තිර පිටපත සමඟ බලා සිටිනවා?
ඔව්, ලක්‍ෂ්මන් මගේ සමීපතම මිතුරෙක්. ඔහු ඒ තිරපිටපත ලිව්වෙත් මාවම ඔළුවේ තියාගෙන කියලයි ඔහු කියන්නේ. ලංකාවෙන් යද්දීත් ඔහු මට කිව්වා ‘පුළුවන් තරම් ඉක්මනට වරෙන්’ කියලා. මේ ඊයේ පෙරෙයිදත් කතා කරලා කිව්වා, අමිල මොකද වෙන්නෙ. තවම ඔයාට එන්න වෙන එකක් නැහැ වාගේ නේදැයි කියා. සමහර විට මේ විදියටම තව සතියක් දෙකක් ගෙවිලා ගියොත් ඔවුනට විකල්ප මාර්ග සොයන්නට වෙනවා සිකුරුයි.
ඔවුන් විකල්ප සොයා යෑම ඔබට කනගාටුවක් නෙවෙයිද අමිල?
කනගාටුවක් දැනුණත් මොනවා කරන්නද? එන විදියකට අපි මුහුණ දෙන එක තමා කරන්නට තියෙන්නේ.
ඔබ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අතගසන්නට බලා හිටිය බවත් ආරංචියි?
ඔව්.., ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරමින් තමයි හිටියේ. බොහෝ විට එය ජුනි මස අවසානය හෝ ජුලයි මස මැද භාගයේ ආරම්භ කරනවාය යන තීරණය මත හිටියේ. මොනවා කරන්නද. නොසිතූ ව්‍යසනයක් නිසා අපේ ජීවිත වෙනස් වුණා එහෙම්පිටින්ම.
බිරිය එක්ක වෙනදාට වඩා වැඩි කාලයක් දවස් ගෙවන්නට ලැබීම කොරෝනාව නිසා ලද වාසනාවක් නෙවෙයිද අමිල?
අන්න ඒ ගැන නම් අනිවාර්යයෙන්ම කියන්නට ඕනෑ. මොකද මැරි කළාට පස්සෙ අපි දෙන්න වැඩි කාලයක් එකට හිටිය මාස කිහිපය තමයි ගෙවී ගියේ. පහුගිය දවස්වල, ඔබ කිව්වා වගේ පවුල තුළ බැඳීම, ආදරය සහ එකමුතුකම කියන වටිනා දේවල්වල අගය කොරෝනාව සමඟ අත්වැල් බැඳගත්තේ වෙස්වළාගත් ආශිර්වාදයක් වගේ.
එහි අදහස ඔබ හිත්තැවුලට පත්ව සිටින්නේ, කලා කටයුතු පිළිබඳව ඇතිව තිබෙන අකරතැබ්බය ගැන පමණයි?
කලා කටයුතු කියන්නේ, ටෙලිනාට්‍යම පමණක් නෙවෙයි. රූපවාහිනී වැඩසටහන්, උත්සව හමුවීම්, විවාහ උත්සව වැනි අවස්ථාද අහිමි වීම කනගාටුවක් ඇත්තටම. අනෙක ඔවුන් මං වෙනුවෙන් කල්මැරීමද සිතට ගෙන එන්නේ යම් අපහසුතාවයක්.
ලංකාවට පැමිණීමට ඔබ ඇඟිලි ගැන ගැන බලා සිටිනවා කියා සඳහන් කරන්නද මෙහි?
ඔව්… අවස්ථාවක් ලද සැණින්, සියල්ල සමථයකට පත්වූ පසුව මම ලංකාවට එන්නට බලා ඉන්නවාය කියලා මගේ රසිකයන්ට කියනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











