වසර 60කට අධික කාලයක් තිස්සේ, මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් සඳහා නිවැරදි මාවත කියා දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය සඳහා ලොව ප්‍රමුඛයින් මෙන්ම, ජාත්‍යන්තර පිළිගැනීමට පත් බි්‍රතාන්‍යයේ Chartered Society of Designers (CSD) වෙතින් විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව සඳහා සහතික පත්‍රයක් හිමිවන ශ්‍රී ලංකාවේ මුල්ම සහ එකම වෘත්තීය අධ්‍යාපනික ආයතනය සිංගර් ෆැෂන් ඇකඩමියයි.
සිසු සිසුවියන් සඳහා වඩාත් පහසු හා ආරක්ෂිත ලෙසින් පාඨමාලාවන්ට සහභාගි වීම සහතික කරමින්, විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර වැඩසටහනේ සැප්තැම්බර් මස නවක බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇති අතර 2020 සැප්තැම්බර් 30 දක්වා ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.
සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් පැවැත්වෙන පාඨමාලාවන් අතර, විලාසිතා නිර්මාණකරණ පාඨමාලාව ක්ෂේත්‍රයේ ඉහළ පිළිගැනීමක් සහිත, දේශීය හා විදේශීය වශයෙන් අවස්ථාවන් රැසක් සිසුන් හට විවර කර දෙන පාඨමාලාවකි. දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාරවලට අනුබද්ධිතව පිහිටුවන ලද ෆැෂන් ඇකඩමි 65 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින්, සිය කුසලතාවන් ඔප්නංවා ගැනීමට සිංගර් ෆැෂන් ඇකඩමිය මග පාදා තිබේ. එහිදී වඩාත් ආරක්ෂාකාරී පරිසරයක ප්‍රායෝගික හැදෑරීම්වලට සම්බන්ධ වෙමින්, ඇඳුම් මැසීම හා ඇඳුම් නිර්මාණය පිළිබඳ සියලුම දේ ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වේ.











