• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් 20 පරාජය කරන්න සූදානම් වෙයි

September 5, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
සජිත් 20 පරාජය කරන්න සූදානම් වෙයි
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරමින් පුරවැසියන් ශක්තිමත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රජය ඉදිරිපත් කොට ඇති විසිවන සංශෝධනය  ඒකාධිපති පාලකයෙක් බිහි කිරීමේ පළමු පියවර බව අවධාරණය කරමු.

විධායක ජනාධිපති ක්‍රමයේ බලය පිළිබඳව කතිකාවක් ඇති වූයේ එය ඉදිරිපත් කළ මොහොතේ සිටම ය .එයට එරෙහිව හඬ නැගූ ප්‍රධාන පාර්ශ්වයක් වූයේද වර්තමාන රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්  පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම්ය.

ඔවුන් දිගින් දිගටම හඬ නැංවූයේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරන ව්‍යවස්ථාවක් සඳහාය.
1994දී චන්දිකා බණ්ඩාරනායක ප්‍රමුඛ  සන්ධානයේ මූලික මැතිවර සටන් පාඨය වූයේ ද එයමය .ඒ   සඳහා  අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද කෙටුම්පත් කොට ඉදිරිපත් කරන ලදී .

එය සම්මත නොවූ විට  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගතව බිහිකළ පරිවාස ආණ්ඩුව තුළ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල ස්වාධීන කොමිෂන් සභා හරහා තුලනය කිරීමේ අරමුණින් 17 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන ලදී .කුප්‍රකට වයඹ පළාත් සභා මැතිවරණය නිසාම එම සංශෝධනය ඉදිරිපත් කිරීමට එවකට රජයට සිදුවිය . 

දාහත්වෙනි සංශෝධනය අහෝසි කරමින් පසු කලෙක මහින්ද රාජපක්ෂ රජය 18 වන සංශෝධනය ඉදිරිපත් කළේ ඒකාධිපති ගමනක මග සලකුණු කරමින් ය .එයට එරෙහිව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් පෙළ ගැසුණේ ඒ තුළ සැඟවුණු බරපතළ අනතුර දුටු නිසාවෙනි .

2015 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ පෙර තිබූ මැතිවරණ වලට වඩා වෙනස් වනුයේද එබැවිනි . සුබසාධන පොරොන්දු තුළ මැතිවරණ ජයග්‍රහණ කළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය, පළමුවරට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් ප්‍රතිපත්තින් වෙනුවෙන් ජනතාව පෙළ ගැසුණු අවස්ථාව එම මැතිවරණය විය .

2015 ජනාධිපතිවරණයේ දී ජනතාව ජනවරමක් ලබා දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය තුළ ඇති අසීමාන්තික බලතල ඉවත් කිරීමට හෝ සීමා කිරීමටය .දහනව වන සංශෝධනය ඒ සඳහා මූලික අඩිතාලම සැකසූ බව නොරහසකි .එම සංශෝධනය තුළින් දහහත්වන සංශෝධනය වඩාත් ශක්තිමත් කළ අතර 17වන සංශෝධනය ටත් වඩා සාධනීය ලක්ෂණ ගණනාවක් දහනමය තුළ ක්‍රියාත්මක විය .

දහනව වන සංශෝධනය තුළින් පුරවැසි අයිතිවාසිකම් ශක්තිමත් කළ අතර රාජ්‍ය පාලනය වඩාත් විධිමත් කිරීමක් සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය වටපිටාව නිර්මාණය කෙරුණි .

විධායකය,ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර බලය ‘සංවරණය හා තුලනය’ පිළිබඳ ප්‍රජාතන්ත්‍රීය මූලධර්මයන් ශක්තිමත් කරන ලෙස එම සංශෝධනයෙන් පියවර රැසක් ගන්නා ලදී .

දහනව වන සංශෝධනය නිසාම බිහිකළ විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, එම කොමිසන් සඳහා අවශ්‍ය අණපනත් සම්මතය ද තුළ දියුණු ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ අපට හිමි විය .තොරතුරු දැනගැනීමේ පනත තුළින් බිහිවූ තොරතුරු කොමිසම නිසාම රටේ ජනතාවට පාලනය ප්‍රශ්න කිරීමට තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නීතිමය වටපිටාව සැකසුනි.  

මෙම නිසාම දේශපාලනඥයින්ට හිතුමතේ කටයුතු කිරීමේ වරමද අහිමිවිය. රාජ්‍ය නිලධාරීන්ට අපක්ෂපාතීව අභිමානෙන් සේවය කිරීමේ අවකාශය සැලසුණි .

අධිකරණයේ ස්වාධීපත්‍ය සුරක්ෂිත වුනු අතර විනිසුරුවරුන්ට ගෞරවනීය ලෙස සේවය කිරීමේ අවස්ථාව ලැබුණි .

මේ සියලු වෙනස්කම් තුලින් ශක්තිමත් වූයේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් සහ අභිලාෂයන්ය.

දහනව වන සංශෝධනය ඉවත් කොට රජය ගෙන ඒමට උත්සහ දරන විසිවන සංශෝධනය තුළ දක්නට ලැබෙන්නේ ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කිරීමට ගෙනා දහනව වන සංශෝධනය සම්පුර්ණයෙන් ඉවත් කොට ඒකාධිපති පාලකයෙක් ගොඩ නගන්නට දරන බියගුලු උත්සාහයයි .

මෙම සංශෝධන තුළ නැවත වතාවක් ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබා දීමට උත්සාහ දරනුයේ ව්‍යවස්ථාදායකය ද දුර්වල තත්ත්වයකට පත් කරමින් ය .

අගමැති පත් කිරීම, අසීමිත අමාත්‍ය මණ්ඩලයක් පිළිබඳව වූ යෝජනාව, අගවිනිසුරු පත්කිරීම, සියලු කොමිෂන්  වල සභාපතිවරුන් පත්කිරීම, නීතිපතිවරයා පත් කිරීම, විගණකාධිපතිවරයා පත් කිරීම, සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා අතට පත් කිරීම තුළ බිහිවන පාලකයා බිහිසුණු ඒකාධිපති පාලකයකු වීම වැලැක්විය නොහැක්කකි .මෙය 1978 ව්‍යවස්ථාව නිර්මාණය කළ ජේ ආර් ජයවර්ධන මහතා ලබාගත් බලය ද ඉක්මවා යාමකි .

පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ කාලය  සංශෝධනය කිරීම, හදිසි පනත් ගෙන ඒම පිළිබඳ වූ විධිවිධාන සංශෝධනය කිරීම, වැනි යෝජනා තුළින් දිස්වනුයේ රාජ ආණ්ඩුවක මූලික ලක්ෂණය .

ආණ්ඩුව මෙම සංශෝධන සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ තර්කානුකූල විග්‍රහයක් නොවේ .
මෙම සංශෝධන තුළ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනතාවගේ මූලික අයිතීන් සුරක්ෂිත වනවාදැයි ආණ්ඩුවට පැහැදිලි කිරීමක් නොමැත.

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය දඩමීමා කරගනිමින් එයට මුවාවී මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට සැරසෙයි .පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ දහනව වන සංශෝධනය නිසා බව කියන පදනම් විරහිත විහිලු සහගත බොළඳ තර්ක තුළින් මෙම සංශෝධනය පිළිබඳව තර්කානුකූල මතවාද ආණ්ඩුව යටපත් කිරීමට දරන උත්සාහය අප තේරුම් ගත යුතුය

පාස්කු ප්‍රහාරය සිදුවූයේ ඒ සඳහා වගකිව යුතු පුද්ගලයින්ගේ නොසැලකිලිමත් භාවය නිසා මිස  දහනව වන සංශෝධනය නිසා නොවේ. ආණ්ඩුව දහනව වන සංශෝධනය වෙනස් කිරීමට ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ජනවරමක් ලැබී ඇති බවටද ප්‍රවාදයක් ජනගත කරමින් සිටී . මෙම කිසිදු මැතිවරණයකදී විසිවන සංශෝධනයේ  අන්තර්ගතය පිළිබඳව ජනතාවට කිසිදු පැහැදිලි කිරීමක් හෝ රජය ආණ්ඩුව ඉදිරිපත් කළේ නැත .එබැවින් විසිවන සංශෝධනය ට ජනමතයක් ඇතැයි ආණ්ඩුව කරනු ලබන ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය වූවකි .

දහනව වන සංශෝධනය නිසා රාජ්‍ය සේවයේත් අධිකරණයේත්, පොලිසියේත් ස්වාධීනත්වය තහවුරු විය .මැතිවරණ කොමිසම නිසා ස්වාධීන මැතිවරණ සඳහා පසුබිමක්ද සැකසුණි .වර්තමාන ආණ්ඩුව පසුගිය මැතිවරණය පුරාම මැතිවරණ කොමිෂමට ප්‍රහාර එල්ල කළේද එබැවිනි .මැතිවරණය ආසන්නයේදී දේශපාලන වශයෙන් සිදු කරන්නට උත්සාහ දැරූ පත්කිරීම්, භාණ්ඩ බෙදා දීම, විවෘත කිරීම්,  වැනි බොහෝ දෑ  කොමිසමේ මැදිහත්වීම තුළ නතර කිරීම ද වර්තමාන පාලකයින්ට නොරුස්සන ක්‍රියාවලියක් විය.

  ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය දේපල අවභාවිතය වැනි දේශපාලන සංස්කෘතිය මැතිවරණ සමයකදී වෙනස් කිරීමට හැකියාව ලැබුණේද දහනමවන සංශෝධනය හරහා ලැබුණු ශක්තිය නිසාය. දහ නමයෙන් ශක්තිමත් වූයේ රටේ ජනතාවයි.ඒ තුළින් ශක්තිමත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය ය.විසිවන සංශෝධනයෙන් උත්සහ දරනුයේ මේ සියල්ල ආපස්සට හැරවීමට ය.

ජනතාව ශක්තිමත් කිරීම පසෙකලා පවුලක් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දරන ප්‍රයත්නය මෙම යෝජනාවලි පුරාම දක්නට ලැබේ .ද්විත්ව පුරවැසි සීමාව ඉවතට දැමීමට කරනු ලබන යෝජනාව තුළින්ම එය මනාව පැහැදිලි වෙි.

දසක හතරකට ආසන්න කාලයක් ජනතාව කළ නොනවතින අරගලයක ප්‍රතිඵලයක් ලෙස කටයුතු සිවිල් පුරවැසියන් එක්වී දෙදහස් පහළොවේ දී ලබාගත් ජනතා ජයග්‍රහණය ආපස්සට හැරවීමට දරන මෙම උත්සාහය ජනතාව අතර නීතිමය ක්‍රියාවලිය තුළ පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ පරාජයට පත් කිරීමට ගත හැකි සියලුම පියවර සමගි ජන බලවේගය ගන්නා බව දැඩි ලෙස අවධාරණය කරමු .

මේ මොහොතේ සියලු දේශපාලන මතවාද පසෙකලා දහනව වන සංශෝධනයෙන් ඔබ්බට එය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන සියළු බලවේග වලට සියලුම මතවාදී ගැටුම් පසෙකලා එක පෙරමුණකට ඒකරාශී වන මෙන් ද අපි ආරාධනා කරමු .19 වන ව්‍යවස්ථා සංශෝධනය සුරක්ෂිත කිරීමටත් එය ශක්තිමත් කිරීමටත් පියවර ගන්නා සහයවන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව සමගි ජන බලවේගය කටයුතු කරන බව ද අවධාරණය කරමු .

රංජිත් මද්දුමබණ්ඩාර 
මහ ලේකම්
සමගි ජනබලවේගය

SendShareShare
Previous Post

සිංගර් ෆැෂන් ඇකඩමියට අයදුම්පත් කැඳවයි

Next Post

රුපියල් බිලියන 11 ක් රටට ඉතිරි කළ සියැට් කැලණි පෙරමුණට

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.