• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

June 14, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

සලේ නිසා සැලෙන්නෝ

බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු ප්‍රහාරයේ චෝදනා මුල්කරගෙන අත්අඩංගුවට පත් වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ආරම්භ කොට තිබූ ආහාර වර්ජනයය. හෙතෙම ආහාර ගැනීම වර්ජනය කරමින් ඉල්ලා සිටි ප්‍රධාන කාරණයක් වූයේ තමන්ට එරෙහිව සිදුකරන පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඉවත් කරන ලෙසය. මෙහිදී ආහාර නොගැනීම හේතුකොට ගෙන සලේට ඇතිවූ සෞඛ්‍ය අපහසුතා හේතුවෙන් වහාම ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බලධාරීහු පියවර ගත්හ. නමුත් එහිදීද ඔහු තවදුරටත් ආහාර ගැනීමෙන් වැළකී සිටීම නිසා තත්ත්වය තවදුරටත් අයහපත් අතට පෙරළෙන ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

මේ අතරවාරයේ ඇවිලෙන ගින්නට පිදුරු දමමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක් කොටුව දුම්රියපළ ඉදිරිපිට සලේ වෙනුවෙන් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට පියවර ගත්හ. උදය, විමල් ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට මූලිකත්වය ගත් ආකාරයක් දැකගන්නට ලැබුණද, එහි තිරය පිටුපස ලොකු කාර්යභාරයක් සිදුකළ අයකු වූයේ වෙන කවුරුවත් නොව සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීරය. ඒ අනුව තමන්ට අයත් මාධ්‍ය ජාලය හරහා දිලිත් මෙම සත්‍යග්‍රහයට දැවැන්ත ප්‍රචාරයක් ලබාදීමට පියවර ගත්තේය. ඊට හේතු වූ තිබුණේ දිලිත් සහ සලේ අතර මෙන්ම දිලිත් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඇති අතිශය සමීප හිතවත්කමය. මේ වනවිට සලේගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් මතුවූ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගත් අතර, ඇතැම් ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගෝඨා අත්අඩංගුවට ගැනීමටද සූදානමක් ඇති බවකි.

මේ ආකාරයට විමල් ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනකු කොටුවේ සත්‍යග්‍රහයේ වාඩි වුවද පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් අතිබහුතරයක් එම සත්‍යග්‍රහයට එක් නොවීම සම්බන්ධයෙන් විශාල කතාබහක් පසුගිය සතියේ ඇතිව තිබිණි. ඇතැම් පාර්ශ්වයන් සමගි ජන බලවේගය මෙම සත්‍යග්‍රහයට එක් නොවීම සහ ඒ සම්බන්ධයෙන් දැඩි නිහඬතාවකින් පසුවීම ප්‍රශ්න කරන ආකාරයක්ද දැකගත හැකි විය. සජබය මේ සම්බන්ධයෙන් නිහඬව සිටියේ වෙන කිසිවක් නිසා නොව, පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිටම ඒ සම්බන්ධයෙන් එක් ස්ථාවරයක සජබය සිටීම නිසාය. ඒ, ස්වාධීන සහ විනිවිද පෙනෙන සුළු විමර්ශනයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන්ට සහ එය සැලසුම් කළ මහමොළකරුවන්ට විධිමත් අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ දඬුවම් ලබාදිය යුතු බවට වූ ස්ථාවරයේය. පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පැවැති සෑම පාර්ලිමේන්තු විවාදයකදීම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම එවක සජබ මන්ත්‍රීවරුන් වූ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන අයත්, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම එම ස්ථාවරයේ සිටිමින් කරුණු දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී පැහැදිලිවම ඔවුන් කියා සිටියේ කුමන තනතුරක් දැරුවද ඊට සම්බන්ධ සියලු දෙනාම නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බවකි. මේ හේතුව මත විමල් සහ උදය විසින් සලේ වෙනුවෙන් ගෙනගිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයට කිසිසේත්ම සම්බන්ධ නොවීමට සජබය මුල සිටම තීරණය කොට තිබිණි.

ඒ අනුව පසුගිය සතියේ පැවැති සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදීද සලේ සම්බන්ධ මාතෘකාව ඇදී ආ ආකාරයක් දැකගත හැකි විය. එහිදී සාකච්ඡාවට එක්ව සිටි ඇතැම් සජබ මන්ත්‍රීවරුන් පවා සලේ වෙනුවෙන් සජබය පෙනී නොසිටින්නේ මන්ද යනුවෙන් ප්‍රශ්න කරද්දී සජිත් පැහැදිලිවම කියා සිටියේ සජබය මුල සිටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක් ස්ථාවරයක් ගත් බවත්, කුමන සිදුවීම් පැනනැගුණද කිසිසේත්ම එම ස්ථාවරය වෙනස් කළ නොහැකි බවත්ය. ඒ අනුව ඉදිරියටද සජබය එම ස්ථාවරයේ සිටිමින් කටයුතු කළ යුතු බවද එහිදී සජිත් කළමනාකරණ කමිටු රැස්වීමේදී අවධාරණය කර සිටියේය.

මීට අමතරව සලේ වෙනුවෙන් කොටුවේ පැවැති සත්‍යග්‍රහය ආරම්භ කිරීමේදී සහ පළමු දිනය ඇතුළත සලේට සමීපව කටයුතු කළ කිසිදු රාජපක්ෂවරයකු ඊට එක් නොවීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්ද මතුව තිබිණි. මේ සම්බන්ධයෙන් අප ප්අර්ඒබැඅිගකන වෙබ් අඩවියද විශේෂ අනාවරණයක් සිදුකිරීමෙන් පසු සත්‍යග්‍රහය ආරම්භ කර ගතවූ දෙවැනි දිනයේදී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිට පැමිණ ඊට එක්වීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. ඊට පෙරාතුව පොහොට්ටුවේ නායක මට්ටමේ කිසිදු නියෝජිතයකු ඊට එක්ව නොසිටි අතර, පළමු දිනයේ ඊට එක්වූ එකම පොහොට්ටුවේ නියෝජිතයා වූයේ කළුතර හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පමණි.

මීට අමතරව සත්‍යග්‍රහය ආරම්භ වී තුන්වැනි දිනය වනවිට තවත් විශේෂ සිදුවීමක්ද එහිදී සිදුවිය. ඒ, ගම්මන්පිල විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී සත්‍යග්‍රහයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බුද්ධි අංශවලින් තොරතුරු වාර්තා කොට ඇති බවට විශේෂ අනාවරණයක් සිදුකිරීමය. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ යම් සම්බන්ධයක්ද ඒ සඳහා පවතින බවකි. කෙසේ වෙතත් සත්‍යග්‍රහය ආරම්භ වී තුන්වැනි දිනය වනවිට පැවැති අධිකරණ කටයුතුවලදී සලේව පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවට පමුණුවා විශේෂ විමර්ශනයක් කිරීමට නියෝග කොට තිබිණි. එම නියෝගය ලැබීමත් සමග එහි සවිකොට තිබූ අට්ටාල, කටවුට් ගලවා දමා සලේ වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහය අවසන් කිරීමට විමල්, ගම්මන්පිල ඇතුළු කණ්ඩායම පියවර ගත්හ. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ගම්මන්පිල අනාවරණ කළ ආකාරයටම කටුවාපිටියේ සිට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කණ්ඩායමක් ඊට පසු දින විමල්, උදයලා සලේ වෙනුවෙන් සත්‍යග්‍රහය කළ ස්ථානයට පැමිණ සාධාරණත්වය ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමය. යම් හෙයකින් ඒ වනවිට විමල්, උදයලා තවදුරටත් සත්‍යග්‍රහයේ සිටියේ නම් එහි විශාල කලබලයක් ඇතිවීමට නියමිතව තිබිණි. නමුත් මෙහි ඇති ප්‍රශ්නය වන්නේ මෙවැනි සිදුවීමක් වන බවට බුද්ධි අංශවලින් කල් තියා තොරතුරු විමල් ඇතුළු කණ්ඩායමට ලැබී තිබීමය.

රහස් ලියුමක් ලීක්වෙයි

සලේ මුල් කොටගෙන මේ ආකාරයේ සිදුවීම් සිදුවෙද්දී පසුගිය සතියේ පාස්කු ප්‍රහාරය මුල් කරගෙන තවත් බරපතළ ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුවිය. ඒ, පාස්කු ප්‍රහාරය සිදුවී දින කිහිපයකට පසු ඇමෙරිකාව මගින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියක් මාධ්‍ය මගින් අනාවරණ කිරීමය. මෙය පළමු වරට රටට අනාවරණ කළේ වෙන කවුරුවත් නොව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අලි සබි්‍ර මහතාය. සමාජ මාධ්‍ය සමග කළ සම්මුඛ සාකචඡාවකදී විශේෂ අනාවරණයක් කරමින් මෙම ලිපිය පිළිබඳ අනාවරණ කළ අලි සබි්‍ර, එහිදී කියා සිටියේ මෙය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය මගින් නිකුත් කළ ලිපියක් බවකි.

පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමග ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මුලින්ම ලංකාවට පැමිණි විදෙස් විමර්ශන ආයතනය වූයේ ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනයය. ඊට හේතුවී තිබුණේ ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් කිහිප දෙනකුටද ජීවිත අහිමි වී තිබීමත්, ඒ වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් ඇමෙරිකාවටද දැඩි තර්ජනයක් එල්ල වී තිබීමත්ය. ඒ අනුව ප්‍රහාරය එල්ල වීමත් සමග එම එෆ්.බී.අයි. නියෝජිතයන් ලංකාවට පැමිණ ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම නිසා මෙරට විමර්ශන නිලධාරීන්ට නොලැබුණු තොරතුරු සහ සාක්ෂි පවා ලබාගැනීමට එෆ්.බි.අයි. නිලධාරීන්ට හැකි විය. ඇතැමුන් ඒ අවස්ථාවේදී චෝදනා කර සිටියේ මෙරට සිදුකළ විමර්ශනයන්ට ලබාදිය යුතු සාක්ෂි සහ තොරතුරු පවා ඒ අවස්ථාවේදී එෆ්.බී.අයි. නිලධාරීන්ට ලබාදීමට ඇතැම් වගකිව යුත්තන් කටයුතු කොට තිබූ බවකි. කෙසේ වෙතත් එෆ්.බී.අයි. නිලධාරීන් ලංකාවෙන් පිටව ගොස් ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක් ඇමෙරිකානු බලධාරීන්ට ලබාදීමට කටයුතු කොට තිබිණි.

එවකදී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කළේ පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් මහින්ද සමරසිංහය. ඒ අනුව එදා මහින්ද සමරසිංහ එෆ්.බී.අයි. ආයතනය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ පිටපතක් තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා ඇමෙරිකානු බලධාරීන්ට ලිපියක් යොමුකිරීමට කටයුතු කොට තිබිණි. ඒ, එවක විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අලි සබි්‍ර විසින් ලබාදී තිබූ උපදෙස්වලට අනුවය. ඒ අනුව ඇමෙරිකානු බලධාරීන් ඊට අදාළ ලිපියක් අතිශය රහසිගත ආකාරයට මහින්ද සමරසිංහ වෙත නිකුත් කිරීමට කටයුතු කොට තිබිණි. පසුගියදා අලි සබි්‍ර විසින් එළියට දැම්මේ ඇමෙරිකානු බලධාරීන් විසින් මහින්ද සමරසිංහ වෙත යොමුකොට තිබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ එම අතිශය රහසිගත ලිපියය. එවැනි ආකාරයෙක් ලිපියක් සමාජ මාධ්‍ය මගින් හිටපු විදේශ අමාත්‍යවරයකු විසින් අනාවරණ කිරීම කෙතරම් සදාචාරාත්මකද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මෙහිදී මතුවීම වැළෑක්විය නොහැකිය. නමුත් හිටපු විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා විසින් එය අනාවරණ කර තිබී නිසා අපද එම ලිපියේ අඩංගු කරුණු ‘රාජ්‍ය රහස්’ තීරයේ මෙසේ පළකරන්නට කටයුතු කරමු.

ඊට අනුව 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නව හෝ අතිරේක ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ඇමෙරිකානු රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් විසින් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ වෙත නිල විද්‍යුත් ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත. ප්‍රහාරය එල්ල වූ මොහොතේ සිටම ඒ සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා ඇමෙරිකාව උපරිම සහයෝගය ලබාදී ඇති බැවින්, තවත් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇමෙරිකාව පෙන්වා දී ඇත.

ප්‍රහාරය සිදුවී සතියක් ඇතුළත ඇමෙරිකානු එෆ්බීඅයි නිලධාරීන් 33 දෙනකු ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව සාක්ෂි එකතු කිරීම සහ ඩිජිටල් උපාංග විශ්ලේෂණය ඇතුළු පුළුල් විමර්ශන රැසක් සිදු කළ බව එම ලිපියේ දැක්වේ. එම ඒකාබද්ධ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ඇමෙරිකානු පුරවැසියන් පස්දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව 2021 ජනවාරි මාසයේදී ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ චෝදනා ද ගොනු කරනු ලැබීය. මීට අමතරව ත්‍රස්තවාදයට එරෙහි නඩු පවරන ලංකාවේ රජයේ නීතිඥවරුන් සඳහා ඇමෙරිකාව වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩව පුහුණුව හා අධිකරණ සහය ලබා දී ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් කරනු ලබන ඕනෑම අතිරේක සහය ඉල්ලීමක් ඉදිරියටත් සලකා බැලීමට සූදානම් බවත්, පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම වෙනුවෙන් ඇමෙරිකාව තවදුරටත් කැපවන බවත් එම ලිපියේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අනුර දැඩි තීන්දුවක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට ඉදිරිපත්ව තිබූ යෝජනාවය. මාධ්‍ය මගින් මෙය අනාවරණ කිරීමත් සමග ඊට එරෙහිව මුලින්ම විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කොට තිබුණේ ලංකාවේ සියලු නීතිඥවරුන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයය. නීතිඥ සංගමය ඊට විරෝධය පළකිරීමෙන් අනතුරුව මහාධිකරණ නීතිඥ සංගමය මගිනුත්, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය මගිනුත් ඊට විරෝධය පළකරමින් නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. නීතිඥවරුන්ගෙන් ඊට එල්ල වූ විරෝධයට අමතරව දේශපාලන පක්ෂයක් වශයෙන් සමගි ජන බලවේගයද ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව වහාම නිල නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රටට තොරතුරු අනාවරණ කිරීම සඳහා සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර සහ ෆයිසර් මුස්තාෆාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද පත්කළ බවකි. ඒ අනුව, නීතිඥ සංගම්ද එකතු කරගනිමින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැවැන්ත විරෝධයකට යෑමට මේ වනවිටත් සජබය සාකච්ඡා පවත්වමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මේ අතරවාරයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පසුගිය සතියේ නීතිඥවරුන් කණ්ඩායමක් සමග පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් යම් අදහස් හුවමාරුවක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපතිවරයා විසින් මෙම මාතෘකාව මතුකිරීමත් සමග එහි සිටි නීතිඥවරුන් ඊට විරෝධය පළකළ බවත්, ඇමැත් අවස්ථාවලදී යම් යම් වාද විවාද හේතුවෙන් සාකච්ඡාව උණුසුම් එකක් බවට පත්වූ බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදී සාකච්ඡාවේ සිටි නීතිඥවරුන් ජනාධිපතිවරයාට දිගින් දිගටම පෙන්වා දී තිබුණේ මේ ආකාරයට අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම වැරැදි පූර්වාදර්ශයක් බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි එකක් බවත්ය. නමුත් ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලිවම නීතිඥවරුන්ට දැනුම් දී ඇත්තේ තමන් එය සිදුකිරීමට තීරණය කර ඇත්තේ අනිසි දේශපාලන වාසි ගැනීමේ අරමුණින් නොවන බවත්, මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතිශය සංවේදී අධිකරණ කටයුතු අතරමග ඇන නොසිට තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ අරමුණෙන් බවත්ය. යම් හෙයකින් අගවිනිසුරුවරයා සහ අතිසංවේදී නඩු කටයුතු මෙහෙයවන උපරිමාධිකරණ විනිසුරුවරුන්ට විශ්‍රාම යෑමට සිදුවුවහොත් ඉකුත් කාලයේ සිදුවූ යම් යම් අක්‍රමිකතා, දූෂණ සම්බන්ධ නඩුකරයන් කඩාකප්පල් වීමේ අවදානමක් ඇති බවද එහිදී ජනාධිපතිවරයා පැමිණ සිටි නීතිඥවරුන්ට පෙන්වා දුන්නේය.

නමුත් ජනාධිපතිවරයාගේ ස්ථාවරයට එකඟතාව පළකිරීමට සාකච්ඡාවට එක්ව සිටි නීතිඥවරුන් සූදානම් වූයේ නැත. ඔවුන් දිගින් දිගටම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවකි. ඒ අනුව, මෙම නීතිඥවරුන්ගේ විරෝධය උත්සන්න වීමත් සමග ජනාධිපතිවරයා සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේ ‘හොඳයි අපි එහෙනම් මේක ගැන තව ටිකක් බලමු…’ යැයි කියමිනි.

කෙසේවෙතත් පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත් ආණ්ඩුව විසින් තවමත් අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ තීන්දුවකට එළඹ නොමැති බව කියා සිටියේ ජනාධිපතිවරයා හා නීතිඥ කණ්ඩායම සමග පැවැති සාකච්ඡාව අවසන් වී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුවය.

එසේ වුවද අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ දැඩි වගකීමෙන් යුක්තව සහතික කොටම කියා සිටින්නේ ආණ්ඩුවේ ඇමැතිවරුන් එවැනි තීන්දුවක් ගෙන නොමැති බව කීවද, ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස තවත් අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ තීන්දුව ගෙන අවසන් බවය. ජනාධිපතිවරයා කලින් ගෙන තිබූ එම තීන්දුවේ කිසිදු වෙනසක් මේ දක්වා සිදුකොට නොමැති බවද වගකීමෙන් යුතුව රටට අනාවරණ කිරීමට අප සූදානම්ය.

මීට අමතරව මේ වනවිට උපරිමාධිකරණ විනිසුරු ධුර 8ක් මාස ගණනාවක් තිස්සේ පුරප්පාඩු වී ඇති තොරතුරක්ද පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය. ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පසුගිය සතියේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ අනුව සාකච්ඡාවට ආරම්භය ලබාදී යෙදී තිබුණු වෙනත් නිල වැඩකටයුත්තක් හේතුකොට ගෙන සජිත් එම රැස්වීමෙන් නික්ම ගියද අනෙකුත් පක්ෂ නායකයන් මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. අවසානයේදී ඔවුන් තීන්දු කොට තිබුණේ මෙම උපරිමාධිකරණ විනිසුරුවරුන් 8 දෙනා මේ දක්වා පත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විරෝධය පළකොට ලිපියක් යොමුකරන ලෙසට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දීමටය. ඊට අදාළ ලිපිය ඒ මොහොතේම කෙටුම්පත් කිරීමටද විපක්ෂයේ පක්ෂ නායකයෝ පියවර ගත්හ. එමෙන්ම අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට ඒකාබද්ධව විරෝධය පළකිරීමටද මෙහිදී විපක්ෂයේ පක්ෂ නායකයන් තීන්දු කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරියේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ නීතිඥ සංගම් ඒකාබද්ධව ජනාධිපතිවරයාගේ තීන්දුවට විශාල විරෝධයක් දියත් කිරීමට සැලසුම් කොට ඇති බවක් ආරංචිය.

ලියුම ආවා.. ෂා එනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සහ ඉන් අනතුරුව පැනනැගුණු විශේෂ සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු මාධ්‍යයක් හෙළි නොකළ විශේෂ තොරතුරු රැසක්ම පසුගිය සති දෙකේම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරුත්, එක් අවස්ථාවකදී සාකච්ඡාව උණුසුම් වූ ආකාරය පිළිබඳවත් තොරතුරු අපි එහිදී වාර්තා කළෙමු. මෙම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරීන් වහාම මාස 3ක් ඇතුළත නිලවරණ පැවැත්විය යුතු බවට දැනුම් දුන් ආකාරයත්, ඒ සම්බන්ධයෙන් වූ නිල නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී නිකුත් කිරීමට සැලසුම් කළ ඇති ආකාරය පිළිබඳවත් අපි එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නෙමු.

අප අනාවරණ කළ පරිදිම පසුගිය සතියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ජනාධිපතිවරයා වෙත නිල ලිපිය එවීමට කටයුතු කොට තිබිණි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එම ලිපිය මගින්ද වහාම ක්‍රිකට් නිලවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට දැනුම් දී ඇති බවකි. යම් හෙයකින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙම ස්ථාවරයට පටහැනිව තවදුරටත් ක්‍රිකට් අතුරු කමිටුව පවත්වාගෙන යෑමට ආණ්ඩුව කටයුතු කළහොත් නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වීමේ අවදානමක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව වසරක කාලයක් පවත්වාගෙන යෑම අරමුණු කරගෙන ජනාධිපතිවරයා විසින් ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළද මේ වනවිට එම අතුරු කමිටුවේ ආයු කාලය මාස 3කට සීමා වනු ඇති බවක් දැකගන්නට පුළුවන.

මීට අමතරව අපට ඇති තවත් තොරතුරකින් කියැවෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වූ ජේ ෂා මහතා නුදුරේදීම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලංකාවට පැමිණිමට නියමිතව ඇති බවකි. ඒ අනුව ජේ ෂාගේ සංචාරයද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් තීරණාත්මක එකක් වනු ඇති බවක් දැකගන්නට පුළුවන.

රනිල් නැකතට එළියට

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට පියවර ගෙන තිබිණි. රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු එජාප මැති ඇමැතිවරුන් මහත් ඉහළින් අදහස් දක්වමින් කියා සිටියේ රනිල්ට දැන් අලුත් හදවතක් බද්ධ කොට ඇති බවත්, ඒ නිසා රනිල් අවුරුදු 10කින් තරුණ වී ඇති බවත්, දැන් රනිල්ට ජනාධිපති ධුරය යළිත් ගත හැකි බවත්ය. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව නම් රනිල්ට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී බයිපාස් සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව සති කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ඉන් අනතුරුව සිංගප්පූරුවේ හෝටලයක තවත් දින ගණනාවක් විවේක සුවයෙන් ගතකිරීමට කටයුතු කොට තිබිණි. නමුත් එහිදී විෂබීජයක් ශරීරයට ඇතුළු වීම හේතුවෙන් නැවත වතාවක් රනිල් රෝහල්ගත කිරීමට පියවර ගැනිණ. ඒ අනුව යළිත් රනිල්ව ශල්‍යකර්මයකට භාජනය කළ සිංගප්පූරු වෛද්‍යවරුන් දැඩිව උපදෙස් ලබාදී තිබුණේ ඔහුගේ ඉදිරි ජීවිත කාලය ඉතාමත් ප්‍රවේශමෙන් යුතුව ගතකරන ලෙසටය. එමෙන්ම කෑම බීමෙන් දැඩිව ප්‍රවේශම් වන ලෙසටත් උපදෙස් දී තිබූ වෛද්‍යවරුන්, නිල නොවන ආකාරයට රනිල්ගේ වයසත් සමග වුවමනාවට වඩා දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන ලෙසට උපදෙස් ලබාදී තිබූ බවක්ද ආරංචිය. දැනටමත් රනිල්ගේ වයස අවුරුදු 77ක් වන නිසා යම්කිසි හදිසි රෝගී තත්ත්වයක් හෝ අපහසුතාවක් මතුවුවහොත් එය සුවවීමේ කාලය දීර්ඝ විය හැකි බවද මෙහිදී වෛද්‍යවරුන් රනිල්ට දැනුම්දීමක් කර තිබිණි. ඒ අනුව රනිල් ලංකාවට පැමිණියද පසුගිය මාසයක කාලය පුරාම එළිපහළියට පැමිණ නිල රාජකාරිවල යෙදුණේ නැත. අත්‍යාවශ්‍යම කාරණාවකට පමණක් යම් යම් පුද්ගලයන්ට ඇමතුම් ලබාදීම හෝ ඔවුන් සිය නිවෙසට කැඳවා සාකච්ඡා කිරීම ඒ මාසයක කාලයේදී රනිල් සිදුකළ දෑය. එමෙන්ම වෛද්‍ය උපදෙස්වලට අනුව රනිල්ට අදටත් බර ආහාර හෝ බත් කෑමට නොහැක. ඒ අනුව රනිල් සිය ආහාර වේල් ලෙස ගන්නේ එළවළු, පලතුරු සහ සුප් වර්ග පමණි. රනිල්ගේ ඉදිරි ජීවිත කාලය කෙසේ වනු ඇද්ද යන්න තීරණය වන්නේ මේ ආකාරයට රනිල් ගතකරන ජීවන රටාව අනුවය.

කෙසේ වෙතත් මේ සියල්ල රටට සඟවාලමින් රනිල්ගේ සහෝදරයකු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වීමත් සමග බොරු ප්‍රචාරක ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය හරහා දියත් කිරීමට පියවර ගෙන තිබිණි. රනිල්ගේ ඡායාරූපද යොදාගනිමින් දියත් කළ එම මාධ්‍ය මෙහෙයුමෙන් කියැවුණේ රනිල් මේ වනවිට සම්පූර්ණ ශරීර සෞඛ්‍යයෙන් යුතුව සිටින බවත්, රටේ ජනාධිපති ධුරය භාරගැනීමට පවා රනිල් සූදානම් බවත්ය. රනිල්ගේ සොහොයුරා මේ ආකාරයට රනිල් පුම්බමින් බොරු සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කළද, මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ රනිල් සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක් හෙළිදරව් කිරීමට අප සූදානම්ය. ඒ අනුව නැවත වතාවක් ලබන මාසයේදී රනිල් සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය. එහිදී සිදුකෙරෙන සෞඛ්‍ය පරීක්ෂණවලින් අනතුරුව රනිල් තවදුරටත් කළ යුතු දේ සහ නොකළ යුතු දේ වෛද්‍යවරුන් විසින් දැනුම් දීමට නියමිතය. මෙම තොරතුර අප මීට පෙරාතුව දැනගෙන සිටියත් සදාචාරාත්මක හේතු මත අප එය ඒ මොහොතේ හෙළිදරව් කිරීමට කටයුතු කළේ නැත. නමුත් රනිල්ගේ කලඑළි බැසීමත් සමග ඔහුගේ සහෝදරයා ඇතුළු නිවුස් ප්ලාන්ට් කල්ලිය විසින් බොරු සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කොට තිබීම හේතුවෙන් මෙම තොරතුර අනාවරණ කිරීමට අපට සිදුව තිබේ. මන්ද යත් මෙම තීරය කියවන සජබ පාක්ෂිකයන් පමණක් නොව, එජාප පාක්ෂිකයන්ද ඇත්ත තත්ත්වය හරිහැටි වටහාගෙන තිබිය යුතු වීම ඊට හේතුවය.

එමෙන්ම මෙවර අප තවත් හෙළිදරව්වක් කිරීමටද සූදානම්ය. පසුගිය බ්‍රහස්පතින්දා රනිල් පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනීසිටිමින් කලඑළි බැස්සේද නිකන්ම ආවාට ගියා නොව, ඔහුගේ ජ්‍යොතිෂවේදියාගෙන් ලැබුණු නක්ෂත්‍ර උපදෙස්වලට අනුවය. ඉකුත් ජනාධිපතිවරණ පරාජයෙන් පසු සහ හෘදය සැත්කමෙන් පසු ඔහුගේ පෞද්ගලික ජ්‍යොතිෂවේදියා රනිල්ට දැනුම් දී තිබුණේ මේ වසරේ ජූලි මාසයේදී ගුරු කටකයට පිවිසීමෙන් පසු රනිල්ට නැවතත් හොඳ දේශපාලන කලදසාවක් උදාවීමට ඉඩ ඇති බවකි. ඒ අනුව රනිල් බ්‍රහස්පතින්දා දින පළමු වතාවට කලඑළි බැස්සේ මේ ජ්‍යොතිෂවේදියා ලබාදුන් උපදෙසකට අනුවය. එමෙන්ම ඊට දින 3කට පෙර රනිල් මල් පාරේ පිහිටි කාර්යාලයට පළමු වතාවට පැමිණ විනාඩි 15ක් පමණ ගත කර තිබුණේද එම ජ්‍යොතිෂවේදියා විසින්ම ලබාදුන් නැකතකට අනුවය.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති රැස්වීම ආරම්භ වීමට පෙරාතුව සියලු කෘත්‍යාධිකාර මණ්ඩල සාමාජිකයන්ට දැඩි නීතිරීති මාලාවක් නිකුත් කිරීමට පක්ෂයේ ප්‍රධානීන් පියවර ගෙන තිබිණි. ඉන් පළමු නීතිය වී තිබුණේ සියලු දෙනාම මුව ආවරණ පැලඳගෙන සිටිය යුතු බවය. එමෙන්ම කිසිදු සාමාජිකයකු රනිල්ට සමීප නොවී සිටිය යුතු බවත්, හැකිතාක් රනිල්ට දුරස්ථව සිටිය යුතු බවත් දැනුම් දී තිබිණි. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පුරාම කිසිදු එජාප නියෝජිතයකු රනිල් සමග සමීපව කතාබස් කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
එමෙන්ම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තවත් විහිළුසහගත සිදුවීම් රැසක් සිදුවිය. ඉන් එකක් වූයේ රනිල් සම්බන්ධයෙන් රාජිත කළ කරුණු දැක්වීමය. මීට පෙරාතුව වරෙක රාජිත මාධ්‍ය හමුවේ කියා සිටියේ රනිල් යළි පාර්ලිමේන්තු නොඑන බවකි. ඉන් අනතුරුව එල්ල වූ පීඩනය නිසාදෝ රාජිත නැවත වතාවක් කියා සිටියේ රනිල් පාර්ලිමේන්තු පැමිණීමේ අවස්ථාවක් ඇති බවකි. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු රාජිත කියා සිටියේ රනිල්ට දැන් ජනාධිපතිවරණයට තරග කිරීමට හැකියාව ඇතැයි කියාය. මීට අමතරව හරීන් ප්‍රනාන්දුද මාධ්‍ය හමුවේදී කියා සිටියේ රනිල් අවුරුදු 10කින් තරුණ වී ඇති බවත්, රනිල්ගේ කොන්ද ශක්තිමත් වී ඇති බවත්, නැවතත් රනිල්ට රටේ අනාගතය භාරගත හැකි බවත්ය.

නමුත් රනිල් ගැන කතාකරන මේ සියලු දෙනාම අමතක කරන කාරණාවක් තිබේ. ඒ, 2029 ජනාධිපතිවරණය පවත්වන විට රනිල්ට අවුරුදු 80ක්ද ඉක්ම ගොස් ඇති බවය. එමෙන්ම රනිල් ජනාධිපතිවරණ 3කටම ඉදිරිපත් වී ඒ කිසිවකින් ජයග්‍රහණය කර නොමැති බවත්ය. රනිල් මුලින්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ 1999 චන්ද්‍රිකාත් සමගය. ඉන් චන්ද්‍රිකා ජයග්‍රහණය කළාය. දෙවැනි වර රනිල් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ 2005දී මහින්ද රාජපක්ෂ සමගය. ඉන් මහින්ද ජයග්‍රහණය කළේය. මේ අවස්ථා දෙකේදීම රනිල් තරගයට ආවේ විපක්ෂ නායකවරයා ලෙසය. නමුත් තුන්වැනි අවස්ථාවේදී රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රටේ ජනාධිපතිවරයා වශයෙන්ය. නමුත් ඉතිහාසයේ පළමු වතාවට බලයේ සිටි ජනාධිපතිවරයකු තුන්වැනි තැනට ඇදවැටෙමින් නින්දාසහගත දරුණු පරාජයකට අනුර කුමාර දිසානායක මහතා හමුවේ මුහුණ දීමට එහිදී රනිල්ට සිදුවිය. එමෙන්ම 2029දී රනිල්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුව ඇත්තේ විපක්ෂ නායකවරයා ලෙස හෝ ජනාධිපතිවරයා ලෙස හෝ නොව ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක් හෝ නොමැතිවය. එමෙන්ම ඒ වනවිට රනිල්ගේ වයස අවුරුදු 80ද ඉක්මවා ගොස්ය. එජාපය මේ වනවිට සූදානම් වන්නේ 2029 එවැනි ආකාරයේ දේශපාලන නාඩගමක් පෙන්නන්නටය.

මෙම වාතාවරණය දැන දැන එජාප එවැන්නක් සිදුකරන්නේ ඇයි? ඊට හේතුව වෙන මොකක්වත් නොව සජබය සහ එජාපය අතර ඇතිවීමට නියමිත සමගිය කඩාකප්පල් කිරීම සඳහා රනිල්, සාගල, වජිර ඇතුළු කිහිප දෙනෙකුට ඇති වුවමනාවය. නමුත් කනගාටුවට කරුණ වන්නේ සජබයේ සිටින පලපුරුදු යැයි කියන ඇතැම් ජ්‍යෙෂ්ඨ ඔළමොට්ටලයන්ට පවා රනිල් ගහන මේ ගේම නොතේරීමය. තමන්ගේ පක්ෂ නායකයා මාකට් කරගෙන පක්ෂය ජයග්‍රහණය කරවීමට ඔවුන්ට නොතේරීමය. රනිල් කරන දේශපාලන කුමන්ත්‍රණ හඳුනාගැනීමට නොහැකි වීමය. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ඉදිරියේදී හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

නාමල්ට ලනු දෙන්නේ කවුද?

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක කාලය ඇතුළත සිදුවූ සිදුවීම් දෙකක් මුල්කරගෙන තවමත් නාමල් පෙර සිටි නාමල්ම බවට සිතෙන ආකාරයක් දැකගන්නට තිබේ. අප එසේ කියන්නේ පොහොට්ටුවට දැන් සජබයෙන් ජ්‍යෙෂ්ඨයන් කඩාගත හැකි බවට කවුරුන් විසින් හෝ දී ඇති දේශපාලන ලනුවක් නාමල් විසින් මේ වනවිට ගිලදමා ඇති බව පෙනීයෑම නිසාය. නමුත් එය පොහොට්ටුවට භූමරංගයක් බවට පත්ව ඇත්තේ දවස් දෙකක් යනවිට එම සිදුවීම් අතේ පත්තුවී පොහොට්ටුවටත් නාමල්ටත් දේශපාලන වශයෙන් පච වීමට සිදුව තිබීම නිසාය.

මෙහි පළමු සිදුවීම සිදුවූයේ මීට සති දෙකකට ඉහතදීය. එහිදී පානදුරේ පැවැති පොහොට්ටුවේ රැස්වීමකදී විශාල ෂෝ එකක් දමමින් මහ මැතිවරණයට සජබයෙන් ඉදිරිපත් වී ඡන්ද 27000ක් ලබාගත් අයකු යැයි කියමින් එක්තරා පුද්ගලයකු පොහොට්ටු වේදිකාවට නැංවීමට කටයුතු කොට තිබිණි. නමුත් අන්තිමේදී අනාවරණ වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයට සිය මව සමග ඉදිරිපත්ව ඡන්ද 23ක් පමණක් ලබාගත් අයකු මෙසේ පානදුර පොහොට්ටු වේදිකාවට නග්ගාගෙන ඇතැයි කියාය. අවසානයේදී එම සජබ සාමාජිකයා පමණක් නොව පොහොට්ටුවේ ප්‍රධානීන්ද එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට පියවර ගෙන තිබිණි. ඒ හරහා පොහොට්ටුවට විශාල දේශපාලන අවාසියක් සිදුවූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් එසේ තිබියදී පසුගිය සතියේ නැවත වතාවක් එවැනිම ආකාරයේ ලොකු ෂෝ එකක් දැමීමට පොහොට්ටුව කටයුතු කර තිබිණි. එහිදී බළන්ගොඩ සජබ ආසන සංවිධායකයා යැයි කියමින් එක්තරා තරුණයකු පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයට ගෙන්වා නාමල් අතින්ම සංවිධායක ධුරයක් ලබාදීමට පිරිසක් කටයුතු කොට තිබිණි. නමුත් අවසානයේදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම පුද්ගලයා බළන්ගොඩ සජබ ආසන සංවිධායකවරයා නොවන බවත්, අවම වශයෙන් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමට හෝ නොහැකිව විනය ක්‍රියාමාර්ග ගෙන පක්ෂයෙන් ඉවත් කළ පුද්ගලයකු බවත්ය. අවසානයේ තමන්ට වෙනම වාහනයක් ගෙන රත්නපුරට ගොස් අදාළ නාමයෝජනා අලුතෙන් සකස් කිරීමට සිදුවූ බවද මද්දුමබණ්ඩාර එහිදී සඳහන් කර සිටියේය. පොහොට්ටුව මහා ලොකු ෂෝ එකක් දමා පසුගිය සතියේ පක්ෂ කාර්යාලයේදී ආසන සංවිධායකකමක් දී තිබුණේ එවැනි පුද්ගලයකුටය.

මෙහිදී පොහොට්ටුව තේරුම් ගෙන නොමැති කාරණය වන්නේ 50%ක් තිබූ පොහොට්ටුවේ ඡන්ද ගොඩෙන් 3% සිටි මාලිමාව ආණ්ඩු බලය අත්පත් කරගැනීම සඳහා විශාල ඡන්ද ප්‍රමාණයක් කඩමින් පොහොට්ටුව 2.5% දක්වා ඇදදැමූ ආකාරයය. ඒ අනුව ඔවුන්ට අහිමි වූ ඡන්ද යළි ලබාගත යුතුව ඇත්තේ මාලිමාවෙන් මිස සජබයෙන් නොවේ.
අනෙක් අතට බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් කෙදිනකවත් මෙවැනි ආකාරයේ අතේ පත්තුවෙන දේශපාලන ගේම් ගැසුවේ නැත. බැසිල් පොහොට්ටුව නිර්මාණය කොට වසර 3ක් යෑමට මත්තෙන් ජාතික මැතිවරණ තුනක් දිනා පොහොට්ටුව ජයග්‍රාහී පක්ෂයට බවට පත්කළේ තුන්කල් බලා ගැසූ දේශපාලන ගේම්වලින්ය. නමුත් මේ වනවිට බැසිල් දේශපාලනයෙන් ඉවත්ව සිටින නිසා පොහොට්ටුව සිල්ලර දේශපාලන ගේම්වලට යොමුවී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.

අනේ අනුර යාපා..

මේ අතර, පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළ එක්තරා ඡායාරූපයක් හේතුකොට ගෙන පොහොට්ටුවේ පමණක් නොව ශ්‍රීලනිපයේ දේශපාලනයද හෙල්ලී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ, ශ්‍රීලනිපයේ අනුර ප්‍රියදර්ශන යාපා නාමල් රාජපක්ෂ සමග එකට සිටින ඡායාරූපයක් මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමගය. අනුර යාපා මුලින්ම දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ය. ඉන් අනතුරුව පොහොට්ටුවට එක්වී දේශපාලනය කළ අනුර යාපා පසුව නැවත වතාවක් ශ්‍රීලනිපයට පැන දේශපාලනය කළ ආකාරයක් දැකගත හැකි විය. ඉන් අනතුරුව රනිල් සමගද පසුව මිලින්ද මොරගොඩ සහ නිමල් ලංසා එක්ව නිර්මාණය කිරීමට ගිය දේශපාලන ව්‍යාපාරයේ නායකයා වශයෙන් අනුර ප්‍රියදර්ශන යාපා පෙනී සිටියේය. නමුත් පසුව නැවතත් ඉන්ද ඉවත්වී අනුර යාපා නැවත ශ්‍රීලනිපය සමග එක්ව දේශපාලනය කිරීමට පටන් ගත්තේය. මෙසේ තැන් තැන්වල අගුපිල්වල ලගිමින් දේශපාලනය කළ අනුර යාපා පසුගිය සතියේ නාමල් සහ පොහොට්ටුවේ නියෝජිතයන් සමග මෙරට රාජකාරි කොට නික්ම යන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සමග පසුගිය සතියේ සාකච්ඡාවකට එක්ව තිබූ ආකාරයේ ඡායාරූපයක් මාධ්‍ය මගින් පළකොට තිබිණි. තැන් තැන්වල ලගිමින් සිටි අනුර යාපා නැවතත් පොහොට්ටුවට එක්වී ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපයත් සමගය. ඒ අනුව නාමල්ලා විසින් අනුර යාපාව ඩැහැගෙනද, එසේත් නැත්නම් සුපුරුදු පරිදි අනුර යාපාම නැවතත් පොහොට්ටුවට ගියාද යන්න කියන්න දන්නේ දෙවියන් වහන්සේ පමණි. කෙසේ වෙතත් මෙම ඡායාරූපය පළවීමත් සමගම ශ්‍රීලනිපයද මේ වනවිට පුදුමයට පත්ව සිටින්නේ නැවත වතාවක් අනුර යාපා නොකියාම පොහොට්ටුවට පැන ඇති බවක් දැගකන්නට ඇති නිසාය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

Next Post

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.