• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

අවුරුදු 4ක් රාජිත ‌මොකද කළේ?

August 31, 2019
in Politics
Reading Time: 3 mins read
A A
අවුරුදු 4ක් රාජිත ‌මොකද කළේ?
Share on WhatsAppShare on Facebook

ඉස්සර නම් මේ කතාවට කිව්වෙ ‘යකා ගැහුවා’ කියලයි. එහෙමත් නැත්නම් ‘යකා ගහලා තමයි මිනිහා මැරුනේ’ කියලයි. හොඳට හිටපු මිනිසකු එක් වරම මියගියාම මෙහෙම කතාවක් මෙයට දශක ගණනාවකට ඉස්සර හිටපු මිනිස්සු කිව්වා. මෙහෙම ‘යකා ගහන වැඬේ’ අදටත් තිබෙනවා. ඒත් ඒකට අද කියන්නේ වෙනත් වදනක්. ඒක තමයි අපි කවුරුත් දන්නා පපුවේ අමාරුව. එහෙමත් නැත්නම් හෘද රෝගය. හොඳ ශරීර සුවයෙන් සිටි මිනිසෙක් තත්පර කිහිපයක් ඇතුළතදී හෘද රෝගයෙන් එක වරම මියගියාම එදා මිනිස්සු හිතුවේ යකා ගහල තමයි ඒ මිනිහා මැරුනෙ කියලා. ඒත් අද ඒ යකා පරද්දන මිනිස්සුත් සිටින නිසා යකාටත් යන එන මං නැති වෙලා. අද වෛද්‍ය විද්‍යාව දියුණු නිසා මිනිසුන් හෘද රෝගය ගැන දැනුවත් වෙලා ඉන්නවා. වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවත් අද මිනිසකුට හෘද රෝගයක් හැදුණොත් එය හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් වෙන්නෙ නැහැ. එයට හේතුව තමයි එම රෝගයෙන් මිදෙන්නට අවැසි වන කාසි පනම් නිසා. ඒ සඳහා අද කාසි පනම් අවශ්‍ය වන්නේ රුපියල් ලක්ෂ ගණනින්. සමහර විට මිලියන ගණනින්. ඉතින් දෙවියනේ මේ එදා වේල කාල ජීවත් වන මිනිසකුට මේ තරම් වත්කමක් කොයින්ද? සල්ලි බාගෙ තියෙන ඇත්තෝ නම් ඒ කාරිය හිතේ හැටියට ඉටුකර ගන්නවා. ඒත් නැති මිනිස්සු…? එතකොට තමයි ඒ උදවියට හිතෙන්නේ ‘යකා ගහල මැරෙන එක ලාබයි’ කියලා. ඒත් ඒ අහිංසක මිනිස්සුන්ට එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ, තවත් එක්තරා අපූරු මිනිසෙක්. මෙතෙක් කාලයක් හෘද රෝගවලට ප්‍රතිකාර සඳහා සල්ලි බාගේ හිඟාකාපු මිනිස්සු අද රජවරුන් වගේ තමන්ගේ ප්‍රතිකාරය ශත පහක වියදමක් නැතිව නොමිලයේ කරගන්නවා. ඒ, යකාටවත් බය නැති ‘නම්බුකාර හැළඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න’ නමැති සුවිශේෂ මිනිසා නිසාය. ඔහු තමයි මේ රටේ සුව සේවයට වගකිවයුතු අංක එකේ මිනිසා. ඒ කිව්වේ මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා.
මොකක්ද මේ අපූරු වගතුග? ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය කියන්නේ අතිශය පුළුල් පරාසයකින් යුත් අත්‍යාවශ්‍ය ජනතා සේවයක්. එනම් එය අතුපතර විහිදී ගිය විශාල වෘක්ෂයක් වැනිය. මා මෙහිදී මුලින් ඔබට කියුවේ එහි එක අත්තක් ගැන. එනම් වර්තමානයේ අපේ රටේ හෘද රෝග නිවාරණය ගැන. මෙතෙක් කාලයක් අපේ රටේ මිනිසකුට හෘද රෝගයක් වැලඳුනොත් ජීවත් වනවාට වඩා මරණය ළඟාවෙනවා. අතේ මිටේ සල්ලි නැති වුණාම එය තවත් ළං වෙනවා. හෘද රෝගියකුට අවශ්‍ය වන ‘ස්ටෙන්ට්’ ප්‍රතිකාරය සහ ‘බයිපාස්’ ප්‍රතිකාරය සඳහා රජයේ රෝහල්වල තිබෙන්නේ වසර ගණනාවක් ගතවන රෝගීන්ගේ දීර්ඝ නම් ලැයිස්තුවක්. පසුගිය කාලයේ එම ලැයිස්තුවල හිටපු රෝගීන් බොහොමයක්ම තමන්ගේ ප්‍රතිකාර කාලය ළඟාවන විට මරණය වැලඳගෙන ඉවරයි. මෙම ශෝකී තත්ත්වයට වත්මන් රජය මීට වසර දෙකකට පමණ පෙරදී මනා ප්‍රතිකර්මයක් කළා. එයට මුල් වුණේ වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා. එනම් රුපියල් ලක්ෂ ගණනින් වැයවන හෘද රෝග ‘ස්ටෙන්ට්’ ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදුකර දීමට. එසේම හදිසි අසාධ්‍ය රෝගීන්ට එම ප්‍රතිකාරය ලැයිස්තුවක නොසිට ඉක්මනින් සිදුකර ගැනීමටද අවස්ථාව සලසා දුන්නා.
මේ මහා පුණ්‍යකර්මය නිසා පසුගිය වසර දෙකක් පමණ ඇතුළත හෘද රෝගීන් සිය ගණනකගේ ජීවිත මරණයෙන් ගැලවී ඇත. එසේම කාලයක් පුරා පැවැති පෞද්ගලික වෛද්‍ය අංශයේ මාෆියාවද වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා බිඳහෙළන ලදී. එනම් පෞද්ගලික අංශය අලෙවි කරනු ලැබූ ‘ස්ටෙන්ට්’ හෘද උපකරණ සහ විවිධ ඖෂධ වර්ගවල මිලද දෙතුන් ගුණයකින් පහත හෙළන ලදී. ඒ අනුව කාලයක් පුරා කොළඹ හෘද රෝග නිවාරණ ඒකකයේ තම මාෆියාව පතුරුවනු ලැබූ ‘පෞද්ගලික වෛද්‍ය කාක්කන්’ සියල්ලම ධූරීභූත කිරීමට රාජිත සේනාරත්න ඇමැතිවරයාට හැකි විය. අහිංසක රෝගීන්ට යකා ගහල මැරෙන්නට ඔහු ඉඩ හැරියේ නැත. මේ නිසා ‘පෞද්ගලික වෛද්‍ය කාක්කෝ’ රාජිත සේනාරත්නයන් සමඟ වෛර බැඳගත්හ. එහෙත් ඒ කිසිවකුටත් ඔහු බිය නොවීය. රෝගීන්ට සහනය සලසන දේ සිදුකිරීමට ඔහු නිර්භය විය. හෘද රෝග නිවාරණයේදී පමණක් නොව වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ ගණනාවකම මහත් වෙනස්කම් සිදුකිරීමට ඔහු පියවර ගත්තේය. එය සැබෑ ලෙසම මහත් යුද්ධයකි.


ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය යනු අතීත රාජ සමය කරා දිවයන එකකි. එසේම යටත් විජිත යුගයේදීද එකී වෛද්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පවත්වාගෙන යන ලදී. ඒ අනුව 1931 ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවැති විටදී මෙරට පළමු සෞඛ්‍ය ඇමැතිවරයා වූයේ ටී.බී. පානබොක්කේ මහතාය. ඉන් පසුව ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුව පළමුවැනි සෞඛ්‍ය ඇමැතිවරයා වූයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය. ඉන් පසුව ඩඞ්ලි සේනානායක මහතා එම තනතුර දැරීය. එතැන් සිට අප නිදහස ලබා ගතවූ වසර 71ක කාලය තුළද සෞඛ්‍ය ඇමැතිවරුන් විසිදෙදෙනකු එම තනතුරේ සිට ඇත. වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නිදහස් ශ්‍රී ලංකාවේ 23 වැනි සෞඛ්‍ය ඇමැතිවරයාය.
නිදහස ලැබීමෙන් පසුව මේ වන තෙක් මෙරට ක්‍රියාත්මක වන්නේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියකි. එනම් මහජනතාව වෙනුවෙන් සියලුම සෞඛ්‍ය සේවා නොමිලයේ ලබාදීමේ ක්‍රමවේදයකි. එහෙත් සමහර අවස්ථාවලදී මෙම ක්‍රියාවලියේ හිඩැස් ඇතිවන්නට ගත්තේය. එහිදී වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෑම විටම මැදිහත්වී නිදහස් වෛද්‍ය ප්‍රතිපත්තිය රැකගැනීමට කටයුතු කළේය.
වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ පසුගිය වසර 4 1/2ක කාලය තුළ සිදුවී ඇති විශිෂ්ට මෙහෙවර මේ වන විට දෙස් විදෙස් ප්‍රශංසාවටද ලක්වී ඇත. මෙතෙක් මෙරට සිටි කිසිදු සෞඛ්‍ය ඇමැතිවරයකු අතින් සිදු නොවුණු මෙහෙවරක් රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ සිදුවී ඇති බැව් මේ වන විට බොහෝ දෙනකු පිළිගෙන ඇත. ඒ නිසා ඔහු දෙස් විදෙස් බුහුමනටද ලක්වී ඇත.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා කටයුතුවල සිට හෘද රෝග නිවාරණය, වකුගඩු රෝග නිවාරණය, ක්ෂය රෝග නිවාරණය, ලාදුරු රෝග නිවාරණය, බරවා රෝග සහ මැලේරියා රෝග නිවාරණය, රුබෙල්ලා නිවාරණය, ඒඞ්ස් නිවාරණය, ප්‍රතිශක්තිකරණ ව්‍යපෘතිය, පවුල් සෞඛ්‍යය, සෞඛ්‍ය අධ්‍යාපනය, පෝෂණ ව්‍යාපෘතිය, මානසික සෞඛ්‍ය ව්‍යාපෘතිය, ආබාධිත රෝග ව්‍යාපෘතිය, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා, වෛද්‍ය පරීක්ෂණගාර සේවා, දේශීය වෛද්‍ය සේවා, ඖෂධ සැපයීමේ සේවා, මහජන සෞඛ්‍ය සේවා, සායන සේවා සහ තවත් සෞඛ්‍ය සේවාවන් රැසක කටයුතු මේ වන විට විශාල ප්‍රගතියකින් යුතුව සිදුවී ඇත. මෙම සේවාවන්ගේ ප්‍රගතියට හේතුව වී ඇත්තේ වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා එම කටයුතු පෞද්ගලිකවම සොයාබලා අධීක්ෂණය කිරීමයි.
මේ අතර සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, විවිධ විදෙස් රටවල් සහ සංවිධාන සමඟ එක්ව විවිධ ව්‍යාපෘතීන් රැසක්ද දියත් කර ඇත. මේ අනුව දිවයිනේ රෝහල්වල නව වාට්ටු සංකීර්ණ ඇතිකිරීම මෙන්ම අලුතෙන් නව රෝහල් ගොඩනැඟීමද සිදුකෙරිණි. නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව රුපියල් කෝටි 700ක වියදමින් ඉදිකරන ලද හම්බන්තොට නව ජාතික රෝහල මෙම එක් සුවිශාල ව්‍යාපෘතියක් විය. ඇඳන් 850කින් සහ සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත එම රෝහල පසුගිය ජූලි මාසයේදී විවෘත කෙරිණි. මේ අතර තවත් සුවිසල් නව රෝහල් ව්‍යාපෘතියක් වූයේ නුවරඑළියේ ඉදිකෙරුණු නව ජාතික රෝහලයි. මෙයද නෙදර්ලන්ත රජයේ ආධාර යටතේ ඉදිකෙරුණු අතර ඒ සඳහා යුරෝ මිලියන 90ක් වැයවී තිබිණි. එය රුපියල් මිලියන 18,000කි.


මේ අතර දැනට තිබෙන රෝහල් රැසකට නව වාට්ටු සංකීර්ණ සහ අනෙකුත් අංශවල පහසුකම් රැසක්ද ලබාදී ඇත. මෙයට සති කිහිපයකට ඉහතදී මීගමුව රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයක් ඉදිකර විවෘත කෙරුණු අතර ඒ සඳහා රුපියල් කෝටි 20ක් වැයකර තිබිණි. දිවයින පුරාම මේ ආකාරයේ නව රෝහල් පහසුකම් ඇතිකර ඇත.
මේ අතර වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් මහත් වෙහෙසක් ගෙන කටයුතු කරන්නේ ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහාය. මේ වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රජයේ සහ පෞද්ගලික අංශය විසින් රුපියල් බිලියන 90ක සුවිශාල මුදලක් වැයකරනු ලබයි. මෙම ධන සම්භාරය විදෙස් රටවලට ඇදීයෑම යම් තරමින් හෝ අවම කරගැනීමට මේ වන විට වත්මන් රජය පියවර ගෙන ඇත. ඒ සඳහා ඖෂධ වර්ග ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය සඳහා නව කර්මාන්ත ශාලා ඇරැඹීමට කටයුතු යොදා ඇති අතර දැනට එවැනි කර්මාන්ත ශාලා කිහිපයක්ම අරඹා ඇත.
වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ පසුගිය සිව් වසරක කාලය තුළ ශ්‍රී ලංකාව තුළම ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් කර්මාන්ත ශාලා 38ක් සඳහා මේ වන විට ගිවිසුම් අස්සන් කර ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමඟ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර දැනට කර්මාන්ත ශාලා 04ක් ආරම්භ කර ඒවායෙහි නිෂ්පාදන කටයුතු සිදුකෙරෙයි. මේ අතර පසුගියදා රුපියල් බිලියන 1.4ක ආයෝජනයකින් යුක්තව අංගසම්පූර්ණ ඖෂධ කර්මාන්ත ශාලාවක් සඳහා මුල්ගල තැබීම ජාඇලදී සිදුකරන ලදී. මෙම විශාල කර්මාන්ත ශාලාවේ තරුණ තරුණියන් 300ක පමණ ප්‍රමාණයකට රැකියා ලබාදීමේ හැකියාවද ඇත. සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර සිටින්නේ ඉදිරි වසර 02 තුළදී ශ්‍රී ලංකාවට විදෙස් රටවලින් ඖෂධ ගෙන්වීම ඉතා අවම කරන බැව්ය. එසේම රටට අවශ්‍ය වන ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කෙරෙන විටදී ඖෂධ ආනයනය මුළුමනින්ම නතර කරදැමීම තමන්ගේ අපේක්ෂාව බවත් ඔහු පවසා සිටියේය. ඒ පිළිබඳ ඔහු තවදුරටත් මෙසේ අවධාරණය කරයි.
“මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ඖෂධ මිල නියාමනය, ඖෂධ ආනයනය හා බෙදාහැරීම සහ ඖෂධ නිෂ්පාදනය යන කරුණු රජය සතුවීම ගැන ප්‍රකාශ වෙනවා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තත් අපේ රට පිළිගෙන නැහැ. 1971 වසරේදී මෙම ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළත්, වත්මන් රජය බලයට පත්වන තුරු එය ක්‍රියාත්මක කළේ නැහැ. හැබැයි හිටපු රජය ප්‍රතිපත්තිය ගැන කතාකරමින් සිටියා. විවිධ තදබල බලපෑම් මත ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ නැහැ. දේශපාලන බලපෑම් මෙන්ම මුදල් බලපෑම්ද ඊට එල්ල වුණා. ඖෂධ මිල නියාමනය කරන විටදී ගුණාත්මක ඖෂධ දේශීය වෙළෙඳපොළෙන් ඉවත්වන බවට ඇතැමුන් කරුණු ඉදිරිපත් කළා. චෝදනා කළා. මේ වන විට ඖෂධ වර්ග 73ක මිල නියාමනය කර ඇති අතර තවත් ඖෂධ වර්ග 27ක මිල ඉදිරියේදී නියාමනය කරනවා. දැනට මෙම ගුණාත්මක අත්‍යාවශ්‍ය ඖෂධ අලෙවිය සියයට 600කින් ඉහළ ගොස් තිබෙනවා. සමාගම්වලට දැවැන්ත ලාභ නැති වුණත්, ඖෂධ අලෙවිය වැඩිවී තිබෙනවා. ඒ නිසා ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ.”
කොපමණ නවීන සෞඛ්‍ය සේවාවන් තිබුණද රෝගියාට තමන්ගේ රෝග නිවාරණය සඳහා ප්‍රධාන ප්‍රතිකර්මය ලෙස ඖෂධ වර්ග අත්‍යාවශ්‍ය වෙයි. මේ නිසා රාජිත සේනාරත්න ඇමැතිවරයා නිරන්තරයෙන්ම එම විෂය ගැන දැඩි උනන්දුවක් දක්වයි. ඔහු තවදුරටත් ඒ ගැන කියා සිටියි.
“මෙසේ අප රජය ඖෂධ මිල නියාමනය කිරීම නිසා දැන් අසරණ රෝගීන්ට ඖෂධ ලබාගැනීමේදී රුපියල් බිලියන 4.4ක ලාභයක් හිමිවී තිබෙනවා. වාර්ෂිකව ඖෂධ ආනයනය කිරීම සඳහා රජය සහ පෞද්ගලික අංශය රුපියල් බිලියන 90ක අති දැවැන්ත මුදලක් වැය කරනවා. අක්ෂි කාච, ස්ටෙන්ට්ස්, පිළිකා ඖෂධ වැනි දේ නිර්දේශ කිරීම තුළින් ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ට සමාගම් මඟින් මුදල් ලබාදුන්නා. අප ගෙනගිය ප්‍රතිපත්තිය නිසා දැන් එම මාෆියාව නැතිවුණා. අද පැය 24 පුරාම ජාතික රෝහලේ හෘද රෝගීන්ට නොමිලයේ ස්ටෙන්ට් දානවා. මෙය කිසිම රජයක් කළේ නැහැ. අවංකව වැඩ කරනවා නම් චෝදනාවලට ගොදුරු වෙනවා. ඒත් මම ඒ කිසි දෙයකට සැලෙන්නේ නැහැ. අසරණ රෝගීන්ට අවශ්‍ය දේ මම ලබාදෙනවා.”
රාජිත සේනාරත්නයන් යනු සැබෑ ලෙසම මඩ ප්‍රචාර හෝ අවලාදවලට බිය මිනිසකු නොවේ. ඔහු බොහෝ ස්ථිර ප්‍රතිපත්තියක සිට කටයුතු කරන පුද්ගලයකු බව සමාජය දනී. පසුගිය කාලයේ ඔහුට එරෙහිව විවිධ චෝදනා නැඟුණේ පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා ඖෂධ වර්ග රැසක් නොමැති බැව් පවසමිනි. මේ වසරේ මුල් මාස කිහිපයේදී එම චෝදනා තදබල ලෙස එල්ල විණි. එහෙත් එයට හේතුවී තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී බලයෙන් කඩාගෙන පැන දින 52ක ‘බ්‍රොයිලර් රජයක්’ පිහිටුවීම බැව් පසුව හෙළිවිණි. එම කාලය තුළදී රටේ කිසිදු ක්ෂේත්‍රයක කටයුතු සිදු කෙරුණේ නැත. ඉන් පසුව එම අත්‍යාවශ්‍ය පිළිකා සහ වකුගඩු රෝග ඖෂධ ලබාදීම යථා තත්ත්වයට පත් කළේය.
මේ අතර පසුගියදා ඉන්දියාව සමඟ ගිවිසුම් අස්සන් කළේ රුපියල් බිලියන 1.5ක වියදමින් පයාගල ප්‍රදේශයේදී පිළිකා රෝග ඖෂධ නිෂ්පාදනය සඳහා නවීන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහාය. අක්කර 15කින් යුත් ඉඩමක මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන අතර ඒ මඟින් දේශීය තරුණ තරුණියන් 500කට රැකියාද හිමිවෙයි. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න කර්මාන්ත කලාපය තුළද ඖෂධ කර්මාන්ත ශාලා කිහිපයක්ම ඇරැඹීමට නියමතය.
මේ අතර ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන කිහිපයක්ම ශ්‍රී ලංකාවට නිරන්තරයෙන්ම තම සහාය ලබාදෙන්නේ වත්මන් රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය හේතු කරගනිමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනිසෙෆ් ආයතනය, ලෝක බැංකුව සහ තවත් ජගත් සංවිධාන කිහිපයක්ම තම සහාය ලබාදෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව එක්ව ඩොලර් මිලියන 200ක ආධාර මුදලක්ද ලබාදුන්නේය. වත්මන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ගේ අප්‍රතිහත, නොසැලෙන ක්‍රියාවලිය උදෙසා කිහිප වතාවක්ම දෙස් විදෙස් සම්මානයටද පාත්‍රවිය. ඔහුගේ සියලු කතා ලියා තබන්නට ග්‍රන්ථයක්ම ඕනෑය.

ප්‍රියන්ත ‌හෙට්ටගේ

SendShareShare
Previous Post

48දී නිදහස දුටු අලගල්ල

Next Post

සීතලේ හැංගුණු හුණුගල් පොකුණ

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.