• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

48දී නිදහස දුටු අලගල්ල

August 31, 2019
in Holiday
Reading Time: 4 mins read
A A
48දී නිදහස දුටු අලගල්ල
Share on WhatsAppShare on Facebook

ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1815 තෙක් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් උඩරටට යුදමය ආක්‍රමණයන් කොතරම් එල්ල කළද, කන්ද උඩරට භූගෝලිය පිහිටීම්, වනදුර්ග, ජලදුර්ග ආදිය සිංහල ජනයාට ජයග්‍රහණයන් ගෙන දෙන්නට සමත් විය. හොඳම උදාහරණය ලෙස පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කරමින් සිදුකළ බලන සටනේදී සිංහල හමුදා උපාය මාර්ගිකව භූගෝලීය පිහිටීම් යොදාගැනීම දැක්විය හැක.

උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානය පසුවීමත් සමඟ දකුණු පසින් අහසට උස්ව නැඟුණු කඳුවැටියකි. අහස හොඳින් පැහැදිලි දිනයක නම් කෙමෙන් ආසන්න වීමේදී කන්දේ ඉහළ කුඩාවට චෛත්‍යයක්ද දැකගත හැකිය. කඩුගන්නාවේ උසම කන්ද ලෙසද සැලකෙන මෙම අලගල්ල කඳුවැටිය උස අනුව ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවේ 68 වැනි තැන ගන්නා අතර, සබරගමු හා මධ්‍යම පළාත් මායිමේ පිහිටා ඇත.
ආධුනික කඳු තරණය කරන්නකුට වුවද මනා අත්දැකීමක් ලබාගත හැකි තරණයක් ලෙස අලගල්ල කඳු තරණය දැක්විය හැකිය. උදෑසන තරණය ආරම්භ කිරීම වඩා පහසු වන අතර, මත්පැන් භාවිතයෙන් වැළකීම, ප්ලාස්ටික් පොලිතීන් ආදියෙන් තොරවීම, පරිසර සංවේදී වන අයුරින් ගමනේ යෙදීම වඩා තෘප්තිමත් ගමනාන්තයක් ලබාදීමට හේතුවේ. කූඩැල්ලන්ගෙන්, වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගනිමින්, ඡායාරූප, පා සටහන්වලට පමණක් ගමනේ මතකයන් සීමාකරගැනීම වගකීමක් ලෙස සැලකිය යුතුය.

ගම්වාසීන් තරයේ ප්‍රතික්ෂේප කළද අලගල්ල තරණය පිළිබඳ ජනවහරේ එන ප්‍රකට කතාන්දරයක් පවතී. 1948 පෙබරවාරි 04 වැනි දින ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබීමෙන් පසු කොළඹ නිදහස් සමුළුව පැවැත්විණි. නිදහස යනු කෙබඳු දෙයක් දැයි දැනගැනීමට ගම්වාසීහු පිරිසක් අලගල්ල කන්ද තරණය කළහ.
දවස පුරා කඳු මුදුනේ ගතකළ පිරිස සවස් වන විට නැවත ගමට ආහ. අනෙක් “අය උඹලා නිදහස දැක්කාදැ”යි පිරිසෙන් ඇසූ විට “බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා, උපන්තේකට එහෙම නිදහසක් අපි දැකලා නෑ” යැයි කියා තිබේ. කෙසේ නමුදු වර්තමානය වන විටත් නිදහස් දිනයේදී විශාල පිරිසක් අලගල්ල තරණය කරති.
මාවනැල්ල නගරයෙන් පොත්තපිටියට පැමිණීමෙන්ද, දුම්රිය මාර්ගයේ නම් උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හෝ බලන දුම්රිය ස්ථානයකින් බැස ගමන ආරම්භ කළ හැකිය. ලහිරුත්, චින්තනත්, උදාරත්, දමිතත්, මමත් පොඩි මැණිකේ දුම්රියෙන් උදෑසන 05.55ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර පෙරවරු 08 පසුවන විට ඇතුල් කෝට්ටේ දුම්රිය ස්ථානයට ළඟාවීමට සමත්වීමු. උදෑසන ආහාරය ඉක්මනින්ම ගත් අපි අනෙක් ගමන් සගයා වන සිතිරව ගමනට එක්කර ගත්තේ දුම්රිය ස්ථානය අසලින් අලගල්ල තේ කම්හල අසලට කිලෝමීටර 03කට ආසන්න දුරක් ගමන් කිරීමෙන් අනතුරුවයි. පොත්තපිටිය හරහා අනෙක් මාර්ගයේ පැමිණ මාර්ගයන් දෙක එක්වන ස්ථානයක් ලෙස අලගල්ල තේ කම්හල දැක්විය හැකිය.



තේ කර්මාන්ත ශාලාව පසුකිරීමත් සමඟ තේ වතු යාය හරහා අලගල්ල රක්ෂිතයට දිවෙන අඩි පාර හමුවේ. නිතර යන එන බැවින් එය ක්‍රමවත්ව සැකසී ඇත. කන්ද උඩට නඟිමින් සිටි යසිරු ඇතුළු තවත් සහෝදර පිරිසක්ද අපට එකතුවී ලහි ලහියේ කඳු මුදුනට ගමන් කළෙමු. මුළු පිරිස 13ක් වූ ගමන කිසි විටෙකත් කම්මැලි කර්කශ එකක් නම් වූයේ නැත. එකිනෙකා පසුපස සීතල සුළං හා මීදුමට අභියෝග කරමින් අප හැල්මේ ගමන් කළෙමු. කම්හල පසුකර පැයක පමණ ගමනකින් අනතුරුව මානා පඳුරුවලින් යුතු ප්‍රදේශයකට අප පැමිණියෙමු. මඳ විවේකයක් ගත් අප අනතුරුව ඉහළින් මනාවට දිස්වූ කොඩිගල ඉලක්ක කරගනිමින් ගමන් කළෙමු. සිංහ කට නමින් හඳුන්වන ගල් කුහර තුළින් කොඩිගලට නැඟීම නම් ත්‍රාසජනක ක්‍රියාවකි. පොඩි අතපසුවීමකින් වුවද පහළ ආගාධයේ ඇති ඉහළ කෝට්ටේ දුම්රිය නැවතුමේ සදහටම නැවතිය හැකිය.

අංශක 45ට වැඩි ආනතියකින් යුතු ගල්පොත්තක ගමන් කර සිංහ කටට ළඟාවිය යුතුය. සිංහ කටේ ගල්කුළු තුළින් අංශක 90ක පමණ ඍජු නැග්මකි. කුහරය තුළින් සීරුවට නැඟගත් පසු කොඩිගල වෙත ළඟාවිය හැකි වේ. කොඩිගල මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 1,140ක අගයකි. මුදුනේදී බතලේගල, උතුවන්කන්ද, හන්තාන, නුවර කොළඹ මහා මාර්ගය, මාවනැල්ල නගරය දර්ශන පථයට මනාව යොමුකරගත හැකිය. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ප්‍රමුඛ කරගත් උඩරට දුම්රිය මාර්ගයත්, එහි දිවෙන දුම්රියත් සියල්ලටම ඉහළින් සිට නැරඹීමට කොඩිගල අපූරු තෝතැන්නකි.
කොඩිගල මත අඩ හෝරාවක් පමණ ගතකළ අප නැවත අනෙක් ගමනාන්තයට ගමන් ආරම්භ කළෙමු. අනෙක් ගමනාන්තයට කටුසුගල නමින් හැඳින්වෙන ගල් පර්වතය දිගේ වනය තුළින් පිවිස පූජාගල නමින් හැඳින්වෙන පබ්බතාරාම චෛත්‍යය වෙත ළඟාවිය යුතුය.

කොඩිගලේ අනෙක් කෙළවර මීටර 15ක පමණින් යුතු අංශක 70ක් පමණ ආනත ගල් පව්ව කඹ ආධාරයෙන් බැසීමෙන් අනතුරුව කටුසුගල මතින් ගමන ආරම්භ වේ. වනය තුළ ගමන් කිරීමේදී වල් ඌරන්ගේ නොමඳ පහස ලද ස්ථාන කිහිපයක්ද දැක ගත්තෙමු. අඩි 07 – 08කට නොවැඩි වූ මානා පඳුරුවලින් ගිලගත් අඩි පාර පීරමින් තවත් පැයක පමණ කාලයක් කිලෝමීටර 02කට ආසන්න දුරක් කටුසුගල මතින් ගමන් කළෙමු.
පූජාගල යනු විශාල වපසරියකින් යුතු ගල් පර්වතයකි. අලගල්ලෙහි එක අන්තයක් වන පූජාගලෙහි පබ්බතාරාම විහාරය ගොඩනංවා ඇත. වෙහෙරකට අවශ්‍ය ශාරීරික, පාරිභෝගික, උද්දේසික චෛත්‍යයන්ගෙන් යුතු ශෛලමය විහාර බිමෙහි පිහිටුවූ සිරිපතුලකි. සැබැවින්ම සිත් නිවාලන පරිසර පද්ධතිය භාවනානුයෝගීව සිටීමට අපූර්ව ලෙස සැකසී ඇත. පසළොස්වක පොහෝ දිනයේ දුරුකතර ගෙවා සිල් සමාදන්වීමට ගම්වාසීන් මෙම වෙහෙරට පැමිණෙන බව අසන්නට ලැබිණි.

දිය සීරා ඇදහැලෙමින් හරිත පැහැගත් කටුසුගල එක පසෙකින් දිස්වේ. අතොරක් නැති නිල්වන් තුරුගොමු අතරින් හමන සුළං ධාරා කටුසුගලේ හැපී නතර වේ. ඡායාරූපවලට හා වීඩියෝගත කිරීම්වලට අප සියලු දෙනාම බොහෝ කාලයක් මිඩංගු කළෙමු.
ආපසු කන්ද බැසීමේදී ගමන් මඟ වඩාත් ක්‍රමවත් විය. විටින් විට කොන්ක්‍රීට් පඩිපෙළ මතින්ද ගමන් කරමින් ගංගොඩ දුම්රිය ස්ථානයට පස්වරු 04 වන විට පැමිණීමට අප සමත්වුණෙමු.
අලගල්ල කඳු තරණය වැසි දිනයකදී අසීරු විය හැකිය. බොහෝ දෙනා රාත්‍රී කඳවුරු බැඳීමටද අලගල්ල යොදාගනු ලබයි. පරිසරය රකිමින් ගමන් කිරීමට වගබලා ගැනීම අප සැමගේ යුතුකමක් ලෙස සලකන්න.

අකිල දහනායක

SendShareShare
Previous Post

පොහ‌ොට්ටුවේ තරුණ සමුළුව සහ ‌ගෝඨා-බය

Next Post

අවුරුදු 4ක් රාජිත ‌මොකද කළේ?

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.