ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා පැකේජ ලෙස දැන් ලබා ගත හැක.
මෙම සැලසුම් මඟින් ෆේස්බුක් වෙත අසීමිත ප්‍රවේශයක් ලබා දී ඇති නිසා වීඩියෝ සහ අන්තර්ගතයන් නැරඹීම ඉතා පහසුවෙන් සිදු කර ගත හැක. චැට් කිරීම සහ ප්‍රමාණයෙන් විශාල පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන මැසෙන්ජර් සඳහාද මෙමගින් අසීමිත ප්‍රවේශය ලබාදේ. තවද ශ්‍රී ලංකාව තුළ ඉතා පුළුල් ලෙස භාවිත වන වට්ස්ඇප් සඳහාද අසීමිත ප්‍රවේශයක් ලබා දෙන අතර අමතර data භාවිතයකින් තොරව voice සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට හැකි වීම තුළින් පරිශීලකයින්ට චැට් කිරීමේ වාසියද හිමිව ඇත.
“හච්හි මෙම නවතම දීමනා තුළින් ශ්‍රී ලාංකිකයන්ට දැන් ඔවුන්ගේ ජනප්‍රියම mobile apps සහ ඉතා ජනප්‍රිය ෆෙස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහාද අසීමිත ප්‍රවේශයක් ලබා දීමට හැකිවීම පිලිබඳ අපි සතුටට පත් වෙන අතර එය අපගේ දැක්ම කරා යන ගමනේ අප ලද ජයග්‍රහණයක් සේ සලනවා. “සහකාර සාමාන්‍යාධිකාරී (ඬේටා වී.ඒ.එස්. හා ඩිජිටල්) යාර්තව් මාතියපරනම් මහතා සඳහන් කළේය.
දින 30ක අසීමිත සමාජ මාධ්‍ය සැලැස්ම රු. 124ක් සහ දින 7 සැලැස්ම රු. 54 වැනි පහසු හැකි මිලකට දැන් ලබා ගත හැක. මෙම සැලසුම් සක්‍රීය කර ගැනීමට *131# ඇමතීම, සැලසුම් වටිනාකම රීලෝඞ් කිරීම සහ HUTCH self-care app යන ක්‍රම භාවිත කළ හැක.











