• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අරක්කු සිගරට් පදමට ගහන මිස් ටුයිනි

August 29, 2020
in Heart
Reading Time: 2 mins read
A A
අරක්කු සිගරට් පදමට ගහන මිස් ටුයිනි
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය කලාව තුළ ඉමහත් වූ යශෝරාවයක් නැංවූ ‘යශෝරාවය’ ටෙලිකතාව ඔබට මතකදැයි ඇසීමද එක්තරා විහිළුවකි. ඒ තරමට ප්‍රේක්ෂකයන්ට සමීප වූ යශෝරාවයේ හිතුවක්කාර එකම දුව වූ රංජනීද එපමණටම සෑම රසික සිතක් තුළම ලැගුම් ගත්තාය.
රංජනී ගැන මතකය නැවැත අවුලවාලීමක් කරන්නටත්, එයට කදිම රංගනයක් එකතු පාද කළ අති විශිෂ්ට වේදිකා නිළියක වූ රත්නා ලාලනී ජයකොඩි ගැන කතාබහ කරන්නටත් ‘හාට්’හි මේ ඉඩ වෙන් කරන්නේ ඉතා ගරු සිතිනි.
මේ දනවල ඔබ වේදිකාව සමඟ ඉතා කාර්යබහුලය කියා දැනගන්නට ලැබුණා?
තොරතුර ඉතාම නිවැරැදියි. පසුගිය දින කිහිපය ගෙවුණේ වේදිකාව සමඟම තමයි. හැබැයි ඒ කාර්යබහුල බව ගැන දැනෙන හැඟීම හරිම සුන්දරයි. ඒ නිසා වෙහෙස මහන්සියක් දැනුණේ නැහැ හිතට හෝ ගතට.
‘සුන්දරය’ යන වචනය ආවේ අලුත් වේදිකා නාට්‍යයක තවත් ලස්සන චරිතයකට ඔබ එක්ව සිටින නිසාද රත්නා?
නැහැ. නැහැ. මේක අලුත් වේදිකා නාට්‍යයක් වෙනුවෙන් වූ කාර්යබහුල වීමක් නෙමෙයි. හැබැයි ඔබ කීවා සේම ඉතාම සොඳුරු කර්තව්‍යයකට තමයි මා ඇතුළු සියලුමදෙනා එලෙස මැදිව සිටියේ.
ඒ සොඳුරු කර්තව්‍ය ගැන අහන්න කැමැතියි?
උත්තරයද ඉතාම කැමැත්තෙන් දෙන්නම්. එතරම් ඈත නොවූ නුදුරු දවසක වේදිකා නාට්‍ය කලාව නොහිතපු ජනප්‍රියත්වයකට බඳුන් වෙමින් තිබුණා. ඒ අතර තමයි නොසිතූ ලෙස කොරෝනා උවදුර පැමිණියේ. එයින් පසුව වේදිකාව නැවැත පාළු වෙන්න ගත්තා. ඒ අතර තමයි ටවර් රඟහල පදනමෙහි අධ්‍යක්ෂ ජනරාල් වූ ඩග්ලස් සිරිවර්ධන මහත්තයා නාට්‍ය උළෙලක් සංවිධානය කරන්නට ඉදිරිපත් වුණේ. එහි තේමාව වූයේ ‘ප්‍රේක්ෂකයන් නැවැත රඟහල කරා පැමිණීම’ යන්නයි. අඩු මුදලක ප්‍රවේශපත්‍ර යටතේ නාට්‍ය 14ක් එල්ෆින්ස්ටන් සහ ටවර් යන රඟහල්වල රඟදැක්වුණා.
ප්‍රේක්ෂකයන්ගේ නැවැත පැමිණීම එහිදී සිදුවුණාද රත්නා?
කියන්නට සතුටුයි. අතුරු සිදුරු නැතිව ප්‍රේක්ෂකාගාර
පිරීගියා. ඇත්තටම ඒ සුහද පරිශ්‍රමයට සහ වෑයමට පංගුකාරියක් වීමට ලැබීම ගැන දස දහස් වර මම සතුටු වෙනවා. එයට පසු වේදිකාව මත නැවැත නැවැතත් කාර්යබහුල වන්නට වූයේ ජලයත් මනෝරත්නයන්ගේ උපහාර නාට්‍ය උළෙල වූ ‘මනෝ සොඳුරු රඟපබා’ සහ සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය උළෙල වෙනුවෙනුයි. එතැනදීද ප්‍රේක්ෂකයනට වේදිකාව අතහැර දමන්නට හිතන තරමට පහසු නැතැයි යන හැඟීම අපට ලොකු සතුටක් ගෙනදුන්නා.
නැවත ඔබ ටෙලිතිරයට අවතීර්ණ වෙලා?
ඔව්. එය සිදුවූයේ සනත් අබේසේකර මහතාගේ සුහද ආරාධනය මතයි.
ඔබ දිගු කාලයක්ම නිහඬව සිටි බවක් හැඟෙන්නෙ නැතිද ටෙලි කලාව තුළ?
නිහඬවම හිටියා කියන්නම බැහැ. මොකද ශාන්ත සොයිසාගේ ‘සදා’ සහ කුමාර සිරිවර්ධනයන්ගේ ‘කොන්කළ දෝණි’ ටෙලිඩ්‍රාමාවල මම විටින් විට රංගනයෙන් දායක වුණා.
නමුත් ඔබ බොහෝ විට චරිත බාර නොගෙන සිටි බවටයි තොරතුරු ලැබුණේ?
මම වෘත්තීය වශයෙන් ගුරුවරියක්. ගුරුවරියකගේ කාර්යභාරය සතු වගකීම් සුළුකොට තකන්නට අපහසුයි. ඒ නිසා මම චරිත තෝරා ගන්නේ රූගත කිරීම්වල පහසුකම් අනුවයි. අනික මගේ පවුල ගැන සහ මගෙන් ඔවුනට ඉටුවිය යුතු යුතුකම්වලටද මම මුල්තැන දෙනවා.
ඔබ යශෝරාවයේ රංජනී තුළින් ආලින්දයේ සිනමාව හරහා කතාබහට ලක්වුණා?
රංජනී කියන්නේ රසික සිත්වලට තදින් දැනුණු චරිතයක්. එහි ‘තරු’ ස්වභාවයක් තිබුණේ නැහැ. රංජනී විතරක්ම නෙමෙයි බලදේව, සුදු හාමිනේ, රංජනීලාගේ තාත්තා සුනිමල්, පොඞ්ඩා යන අපි හැමෝම යශෝරාවය තුළ ජීවත් වුණේ ඇත්තම පවුලක් විදියටයි. රංගනයක් එතැන තිබුණු බව අපට හැඟුණේ සෙට් එකේ වැඩ කටයුතු ඉවර කරන වෙලාවටයි.
වේදිකාව තුළ ඒ වාරණය නොතිබුණු නිසාද ඔබ බාර්කාරියක ලෙස රඟපෑවේ?
මෙහෙමයි. බාර්කාරියක ලෙස රඟපෑ ඒ චරිතය මට ලැබුණේ අනුර ඒකනායක නම් තරුණ අධ්‍යක්ෂවරයා කළ පරිවර්තනයක් අනුසාරයෙනුයි. එය හරිම අපූරු චරිතයක්. එය නම් කළේ ‘මිස් ටුයිනි’ යන නමිනුයි. නිතර මත්පැන් බොන සිගරට් බොන පටි සහිත ඇඳුම් අඳින මිස් ටුයිනිගේ චරිතය ගැන බොහෝ විචාරක ප්‍රශංසා මට ලැබුණා. ඒ වගේම ඇතැම් පිරිස් මගේ මූණටම කිව්වා ‘රත්නා ඒක ඔයාට ගැළපෙන චරිතයක් නෙමේ’ කියලා.
ඔබ එතැනදී කම්පා වුණාද ඒ ගැන?
ඒ චරිතය මට සුදුසු නැතය කියන අයගේ අදහසට මම ගරු කළා. හැබැයි මිස් ටුයිනිගේ සාර්ථකත්වය ගැනද මම තෘප්තියට පත්වුණාය කිව්වොත් එය තමා ඇත්ත.
එම චරිතය අතහැර දැමුවෙ තෘප්තිය යටපත් කරගෙනද?
චරිතය අතහැර දැමීමක් සිදුවූයේ නැහැ. නාට්‍ය අධ්‍යක්ෂ අනුර විදේශගත වීමෙන් එය ගිලිහී ගියා.
රංගනවේදීන් වූ ඔබ දෙපළගේ පුතණුවන් ගැන කතා කරමුද ටිකක්?
ඔව්. ඔහු මන්ජිත ලංකේෂ් තෙන්නකෝන්. වැඩි අවධානයක් දෙන්නේ සංගීතයට. ‘ඕමි’ නම් සංගීත කණ්ඩායමක බෙස් ගිටාර් වාදකයා ලෙස ඔහු කටයුතු කරනවා. දැන් දැන් පුතාගේ වෙනසක් මටයි, සම්පත්ටයි පෙනෙන්න අරන් තියෙනවා. ඒ ඇයිද? මෑතකදී ඔහු ප්‍රසන්නජිත් අබේසූරියගේ වැඩමුළුවකට සහභාගි වුණා. දින තුන හතරක් පුරා එය පැවැත්වුණා. අවසානයේදී මට ප්‍රසන්ජිත්ගෙන් මැසේජ් එකක් ආවා ෆෝන් එකට. එහි සටහන්ව තිබුණේ, ‘කොල්ලගේ දැක්ම හොඳයි. කවද හරි හොඳ නළුවෙක් වෙන්න ඉඩ තියෙනවා’ කියලයි. ප්‍රසන්නජිත්ගේ අදහස ඉටුවෙනව නම් පුතා කලාවට පිවිසේවි. මගේ අයියගේ පුතා විමල් ජයකොඩිත් රඟපෑමට යොමුවුණේ එතරම් කැමැත්තකින් නෙමෙයි. හැබැයි නිරායාසයෙන්ම බිමල් ඉතාම දක්ෂ නළුවකු වුණා. මන්ජිත්ටත් එවැනි හාස්කමක් සිදුවන්නට පුළුවන් කියලා හිතනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘Tuk Rentals’ සේවාව මෙරටට හඳුන්වා දුන් ‘Ridesharing’ සමාගම

Next Post

3G සහ 4G පාරිභෝගිකයින් සඳහා අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.