• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

නිතරම කිව්වත් හරියට නොදන්න නමස්කාරයේ ඇත්ත කතාව

August 29, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
නිතරම කිව්වත් හරියට නොදන්න නමස්කාරයේ ඇත්ත කතාව
Share on WhatsAppShare on Facebook

කෙනකුට හිතෙන්න පිළිවන් නමස්කාරේ මොනවද දැනගන්න තිබෙන්නේ කියලා. නමුත් බොහෝ දෙනෙක්ගෙන් මේ පිළිබඳව විමසූ විට නිවැරැදි පිළිතුරක් ලැබෙන්නේ ද නැත. නමස්කාරය බෞද්ධයෝ නිරන්තර භාවිත කරති. පන්සිල් සමාදන් වීමට පෙරද, ධර්ම දේශනා කිරීමට පෙරද ආදී නොයෙක් තැන්හිදී මෙය භාවිතයට ගනු ඇත. එසේම ශාන්තිකර්ම කරන අවස්ථාවන්හිදීද, මන්ත්‍ර – ගුරුකම් කරන අවස්ථාවලදීද, යකැදුරෝ මෙය සජ්ඣායනය කරති. ඒ ආකාරයෙන් නමස්කාරය නිරන්තර භාවිත කිරීම තුළින් පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියන්නැයි කී විට කීයෙන් කීදෙනාද මෙය ශබ්දනඟා කියන්නේ? බොහෝ විට බොහෝ දෙනෙක් ඈලිමෑලි දක්වන බවක් පෙනෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවන්නේ එම අවස්ථාවේ ඔවුන්ගේ මානසිකත්වය අනුවදැයි සිතිය යුතු තත්ත්වයකි. එහෙත් බොහෝ අවස්ථාවලදී මානසිකත්වය පහළ බැසීමට හේතුවක් නැත. එසේ නම් එයට වෙනත් හේතුවක් තිබිය යුතුයි. එය නම් නමස්කාරයෙන් කියැවෙන අර්ථය නිවැරැදිව නොදන්නා බව හා එයින් වන යහපත ගැන අවබෝධයක් නොමැති නිසාත්ය.

බුදුරජාණන් වහන්සේට සම කළ හැකි වෙනත් කිසිවකු නැත. ඇත්නම් ඒ තවත් බුදුරජාණන් වහන්සේ නමක් පමණි. උන්වහන්සේ ලෝකයේ මිනිසුන්ට දකින්නට ලැබෙන දුර්ලභ දසුනකි. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිකරමින් උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම වුවද සත්වයන්ට වාසනාවන්ත උපතක් සඳහා හේතු වෙයි. මට්ටකුණ්ඩලී සිටුපුත්‍රයා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා යහපත් උපතක් ලබා ගත්තේය. ආනන්තරිය පාපකර්ම සිදුකරගත් දේවදත්ත හිමියන් පවා අන්තිම මොහොතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාද සිත ඇතිවීම නිසා අනාගතයේදී සටියිස්සර නමින් පසේබුදුවරයෙක් වන බව සඳහන් වෙයි. එක්තරා ගෙම්බෙක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ස්ථානයක සිට උන්වහන්සේගේ සුමිහිරි දහම් හඬට සවන් දුන්නේය. එම අවස්ථාවේ එක්තරා පුද්ගලයෙක් බුදුගුණ අසමින් සිටියා. ඔහුගේ සැරයටිය ගෙම්බාගේ ඇඟ උඩය. මේ පුද්ගලයා ඒ බවක් දැන සිටියේ නැත. එක්වරම සැරයටිය යටට තද විය. ඒ සමඟම ගෙම්බා මරණයට පත්වී දිව්‍ය ලෝකයේ මණ්ඩුක දිව්‍ය පුත්‍රව උපන්නේය. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍රයක් වුවද සිතා පැහැදීමෙන් ජීවිත වාසනාවන්ත භාවයට පත්කර ගතහැකිය.

‘තිට්ඨන්තෙ නිබ්බුතේවාපී
සමේ චිත්තේ සමේ ඵලං
වේතෝ පසාද හේතුම්හි
සත්තා ගච්ඡන්ති සුග්ගතිං’

බුදුරජාණන් වහන්සේට සැදැහැයෙන් වඳින, පුදන අයට උන්වහන්සේ ජීවමානව වැඩසිටියත්, පිරිනිවියත් එක හා සමානව විපාක ලැබෙන බව ඉන් ප්‍රකාශිතය.

ඒ නිසා නමස්කාරය පිළිබඳව නිවැරැදිව අවබෝධ කරගෙන මෙය ඕනෑම අවස්ථාවක ශබ්ද නඟලා කියන්න පුරුදු වෙන්න ඕනෑ. ‘නමෝ’ යනු නමස්කාර වේවා යන අර්ථයයි. මම නමස්කාර කරන්නේ කුමන කෙනකුටද යන්න ඊළඟට තිබෙන වචනවලින් පැහැදිලි වෙයි. තස්ස භගවතෝ, ඒ භාග්‍යවතුන් වහන්සේට, මෙහි භගවා යනු ‘භග්ගරාගෝ භග්ග දෝසෝ, භග්ග මෝහෝ, බුදුරජාණන් වහන්සේ රාගය දුරුකළ සේක. ද්වේශය දුරුකළ සේක. මෝහය දුරුකළ සේක යන අර්ථයයි. ‘අරහතෝ’ යනු ආරකත්තා භතත්තාච කිලේසාරින’

‘සෝමුති භත සංසාර චත්තාරෝ
පච්චයාදීන චාරහෝ’

එනම් සියලු කෙළෙසුන්ගෙන් දුරු වූ සේක. සසර ගමන දිගින් දිගටම යන හේතු කාරණා සිඳලූ සේක. දිගින් ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු සේක. රහසින්වත් පවු නොකළ සේක යනුය. ‘සම්මා සම්බුද්ධස්ස’ යනු තමන් වහන්සේ විසින්ම ඒ උතුම් වූ සද්ධර්මය අවබෝධ කරගත්තා යන්නයි. ලෝකයේ මෙතෙක් කිසිවකුට සොයාගත නොහැකි වූ චතුරාර්ය සත්‍යය හා හේතුඵල ධර්මය වැනි අති ශ්‍රේෂ්ඨ වූ දහම උන්වහන්සේගේ අතීන්ද්‍රිය ඥාන මහිමයෙන් අවබෝධ කරගත්හ.

මේ අනුව නමස්කාරයේ ඉතා ගුණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ තුනක් සඳහන් වෙනවා. ඒ පිළිබඳ මනා සිහියෙන් ශබ්ද කර කියැවීමෙන්, සිතීමෙන්, භාවනා කිරීමෙන් මහත් වූ සැනසීමක්, රැකවරණයක් තමන්ට ලබාගත හැකිය. ඒ නිසා මින්පසු කම්මැලි නැතිව ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුක්තව නමස්කාරය කියන්න. ඒ සමඟම අද දවසේදී ඉතා ආරක්‍ෂක ගාථාවක් පිළිබඳව හඳුන්වා දෙන්නට කැමැතිය. මේ ගාථාව සකස්වෙලා තිබෙන්නෙත් අප භාවිත කරන නවස්කාර පාඨය මුල්කරගෙනය. ඔක්කෝටම ඉස්සරහින් මෙහි අතීත ගාථාව සඳහන් කළ යුතුය. මෙම ගාථාව භාවිත කර තිබෙන්නේ පැරැණි බුරුම ස්වාමීන් වහන්සේලාය. බුරුමයේ එක්තරා ස්ථානයක ගින්නකින් සෑම දෙයක්ම විනාශ විය. පසුව සෑම දෙනාටම දැකගත හැකි වූයේ අපූරු සිදුවීමකි. එනම් එම ස්ථානයේ එක් තැනක් පමණක් ගින්නෙන් දැවී නොතිබීමයි. මේ පිළිබඳව පරීක්‍ෂා කරගෙන යෑමේදී දැකගන්නට ලැබුණේ බුදු පිළිමයකි. එම පිළිමය යට මේ නමස්කාර ගාථාව රන් පටක ලියා තැන්පත් කර තිබී ඇත.

මෙම ගාථාව සැකැසී ඇත්තේ අකුරු හතෙන් හතට තේරුම් එන ආකාරයෙනි. අප දැනට භාවිත කරන නමස්කාර පාඨය ප්‍රස්තාර ක්‍රමයකට සකසා ඇත. මෙම ගාථාව තමන් වැඩි වාර ගණනක් සජ්ඣායනය කිරීමෙන් තමන් බලාපොරොත්තු වන යහපත, දියුණුව, රැකවරණය සලසාගත හැකි බව සඳහන් වෙනවා. එම නමස්කාර ගාථාව මෙසේය.
‘නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, චම්මා තරද්ධ ගසමෝ අම්බුහතෝ නතෝ සස්ස හස්ස සතෝ නම්බුනග නම්මා අස්සද්ධතෝ වමෝ සරහස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.’

තමන්ගේ සිත සංවර කරගැනීම සඳහාත් පිනට, දහමට තව තවත් සිත යොමුකර ගැනීම සඳහාත්, අධ්‍යාපන කටයුතු හා රැකීරක්‍ෂා කටයුතුවල දියුණුව සඳහාත්, මෙම ගාථාව විශේෂයෙන් ඉවහල් වෙයි. මේ ගාථාව සජ්ඣායනා කරන්නට පෙර පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කළ හැකි නම් ඉතා යහපත්ය. එසේ නම් මේ උතුම් ගුණධර්ම තව තවත් වැඩිදියුණු කරගන්න. නමස්කාර ගාථාව නිවැරැදිව භාවිත කර ජීවිතයට සැනසීම එක්කර ගත යුතුය.

පූජ්‍ය ගෝණදෙණියේ සීවලී හිමි
(දළදා වරුණ සඟරාවට ලියූ ලිපියක් ඇසුරිනි.)

SendShareShare
Previous Post

කුල සංකල්පයේ තිත්ත ඇත්ත

Next Post

ශ්‍රවණ උපකරණ තාක්ෂණය කෙතරම් වැදගත්ද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.