දිවයිනේ ප්‍රකට පාපන්දු ක්‍රීඩා පීඨයක් වන ‘කලම්බු කිකර්ස් ෆුට්බෝල් ඇකඩමි’ (COLOMBO KICKERS FOOTBALL ACADEMY ) තමන්ගේ 2026 / 2027 ක්‍රීඩා වාරය පසුගියදා දියත් කළේය.
දශකයකට අධික ඉතිහාසයක් ඇති මෙම පාපන්දු ක්‍රීඩා පීඨය, වයස අවුරුදු 5 සිට 18 දක්වා පිරිමි සහ ගැහැණු ළමුන් සදහා පාපන්දු ක්‍රීඩා පුහුණුවීම් සිදු කරණු ලබයි. මෙවර 2026 / 2027 ක්‍රීඩා වාරය සදහා ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ දිවයිනේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන ‘ලේඩි ජේ’ ( LADY J ) සමාගම විසිනි.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර පාපන්දු ක්‍රීඩාව කෙරෙහි යොමු කිරීමට COLOMBO KICKERS FOOTBALL ACADEMY විසින් විශාල මෙහෙවරක් සිදු කරණු ලබයි. පාපන්දු ක්‍රීඩාවට ලොව සුපතල ඉතාලියේ ප්‍රකට පාපන්දු සමාජයන්හි සහායද මෙයට හිමිවෙයි.
බිම් මට්ටමේ සිට ඉහළ ක්‍රීඩා මට්ටම් දක්වා , විවිධ පාපන්දු ක්‍රීඩා වැඩ සටහන් රැසක් මෙම පීඨය විසින් සංවිධානය කරනු ලබයි. නව ක්‍රීඩා වාරය දියත් කිරීම වෙනුවෙන් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.




ප්‍රියන්ත හෙට්ටිගේ











