• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම වැඩිපුර ආදරය කළේ ශලනිට

August 22, 2020
in Heart
Reading Time: 1 min read
A A
මම වැඩිපුර ආදරය කළේ ශලනිට
Share on WhatsAppShare on Facebook

‘ජීවිතය ලස්සනයි’ හරහා කලා ක්‍ෂේත්‍රයට පිවිසුණු ඔහු ‘බෙකම්’ගේ චරිතය හරහා ජනප්‍රිය තරු අතරට අර්ථසාද්ගේ නමත් එකතු වුණා. ඉන්පසු වැලනොකැඩී විවිධ චරිත හරහා ඔහු අපගේ නෙත අග රැඳුණා. කාලෙකට පස්සේ ඔහුව අපිට නැවැත දැකගන්නට පුළුවන් ‘පුළිඟු’ හරහා. ඉතින් කාලෙකට පස්සේ අපි ඔහුට කතා කළේ මේ විදියට.
නිතර දෙවේලේ දැකපු ඔබව කාලෙකට පස්සේ නැවැත පුංචි තිරයෙන් අපි දකිනවා. එය ගැන කතා කළොත්?
මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පුළිඟු’ ටෙලිනාට්‍යයේ ‘අමිල’ ලෙසට රඟපානවා. කාලෙකට පස්සේ තමයි මම ඉන්න ටෙලිනාට්‍යයක් විකාශය වෙන්නේ. මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය දහයක් විතර විකාශය වෙන්න තියෙනවා. ඒත් කවද විකාශය වෙයිද දන්නේ නැහැ.
ගිවන්ත මේ ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් ගතවෙනවා. එහෙත් ඔබේ හැකියාවට තවමත් සම්මානයක් නැහැ නේද?
සම්මාන ලැබෙන්නෙ නැහැ මෙගා නළුවන්ට. ඉතින් මම ඒ ගැන හිතලා පසුතැවෙන්නෙ නැහැ. මම විවිධ චරිත රඟපාලා තියෙනවා. මට ඒ හැමදේටම වඩා ජනතාවගෙන් ලැබෙන ආදර ගෞරවය වටිනවා. ඔවුන් නිසා මම ජීවත් වෙනවා.
ඔබ නළුවෙක් වෙනවාට වඩා ඔබේ සිහිනය තිබුණේ අධ්‍යක්‍ෂණය පැත්තට යොමු වීමට. ඔබේ ඒ සිහිනය දැන් සැබෑවෙලා නේද?
මගේ කුලුඳුල් නිර්මාණය ‘කාසි’ ටෙලිනාට්‍යය. එහි කොටස් කිහිපයක් රූපගත කිරීම් කර රූපවාහිනී නාළිකාවකට බාර දීලා තියෙන්නේ. නුදුරු දිනයකදී එය විකාශය වෙයි.
‘කාසි’ ටෙලිනාට්‍ය ඔබ නිර්මාණය කර සෑහෙන කාලයක් වෙනවා. ඒත් එය ප්‍රමාද වීමට හේතුව?
කොහොමත් ටෙලිනාට්‍යවල තිබෙන පෝලිමත් එක්ක අපටත් එහෙම ඉන්න සිද්ධ වෙනවා. අනෙක සමහර නිර්මාණකරුවන් දීර්ඝ ටෙලිනාට්‍ය කරනවා. එවිට ඉතින් අපේ නිර්මාණවලට කාල වේලාවක් වෙන්කරවා ගැනීමට අපහසුයි. ඔය වගේ විවිධ ප්‍රශ්න එක්ක තමයි ‘කාසි’ ප්‍රමාද වුණේ.
කලා ක්‍ෂේත්‍රයේ මේ තිබෙන නිර්මාණ මාෆියාවත් එක්ක නිර්මාණයක් කිරීම ගැන ලොකු අවදානම් තත්ත්වයක් නේද?
ඒ ගැන තමයි අපි බයේ ඉන්නේ. අලුත් නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් එළිදැක්වීමට ගොඩාක් ප්‍රශ්න බලපානවා. මේ මාෆියාව ගොඩාක්ම බලපාන්නේ සිනමාවට තමයි. නැතිනම් මම ‘කාසි’ වලට කලින් චිත්‍රපටයක් කරන්නේ. ඒත් මම කැමැති නැහැ මේ තිබෙන ප්‍රශ්නත් එක්ක නිෂ්පාදකවරුන් අසරණ කරන්න. හොඳ රැඟුම් පාලක මණ්ඩලයක් යටතේ නිර්මාණ තෝරා ගැනීමක් කරනවා නම් අලුත් පිරිසට හොඳ නිර්මාණ කරන්න පුළුවන්. එහෙම වාතාවරණයක් නැති එක තමයි ප්‍රශ්නය.
පසුගිය කාලෙ වේදිකාවේ ඔබේ සුවිශේෂී රංගනයක් අපට දැකගැනීමට හැකි වුණා. කොහොමද එහි වැඩකටයුතු?
ඇත්තටම මමත් ගොඩාක් ආශාවෙන් සම්බන්ධ වුණු වේදිකා නාට්‍යයක් තමයි ‘වෙල්ලස්සේ වෙඩි හඬ.’ මම එහි ‘සුමංගල හිමියන්’ගේ චරිතය තමයි රඟපාන්නේ. දර්ශන වාර සෑහෙන ප්‍රමාණයක් අපි කළා. හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් දැන් වේදිකා නාට්‍යයක් අරන් යන්න බැහැ රටේ තිබෙන ‘කොරෝනා’ ප්‍රශ්නය නිසා. ඉදිරියේදී ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ නැවැත වේදිකා ගතවෙයි.
මෙගා නළුවෙක් වීම නිසා සිනමාවේ ඉඩකඩ අඩුයි නේද?
ඔව්. එය ගොඩාක් බලපානවා. එහෙමත් කෙනෙක්ට තමයි සිනමාවට දායක වෙන්න ලැබෙන්නේ. ඒක වාසනාවක්. එහෙම වර්ගීකරණයක් නොකර දක්‍ෂතාවට ඉඩක් දෙනවා නම් අපිටත් සිනමාවේ දෙයක් කරන්න පුළුවන්.
කලා ක්‍ෂේත්‍රයේ තිබෙන මේ තරගකාරිත්වයත් එක්ක වෘත්තීය මට්ටමින් රැඳෙන්න අපහසුයි නේද?
කලාව වෘත්තීය මට්ටමින් කරන්න අපහසු බව මටත් දැන් තේරෙනවා. පසුගිය මාස කිහිපයක්ම ගෙදරට වෙලා නිකම්මයි හිටියේ. මේ යන විදියට අපිට අනාගතයක් හිතන්න අපහසුයි. ව්‍යාපාර පැත්තෙන් යමක් කරන්න හිතාගෙන තමයි දැන් කටයුතු කරන්නේ මම.
නවපරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ ඔබ පෙම්වතා විදියට රඟපෑවා. වැඩිපුර ආදරය කළේ ශලනි තාරකාට නේද?
ආදරය විවිධ පැති කෝණවලින් මට ආදරය කරන්න ලැබුණා. ශලනි තාරකා සඳ සඳ වගේ, සඳ පිනි බිඳ, දිය මත ලියමි, අපි අපි වගේ ටෙලිනාට්‍යවල මගේ පෙම්වතිය ලෙසට මම සමඟ රඟපෑවා. ඇයගෙන් ලොකු සහායක් ලැබුණා මට.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගැහැනු පිරිමි වරදෙ බන්දන ග්‍රහයෝග

Next Post

පාර්ලිමේන්තුවෙන් ‘සංවිධායක’ වාර්තාවක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.