මෙවර ආරම්භ වූ 9 වැනි පාර්ලිමේන්තුවේ තවත් විශේෂ ලකුණක් තබමින් ‘සංවිධායක ධුර’ වාර්තාවක් තැබීමට සමත්ව ඇත.
ඒ, අනුව ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේ සංවිධායක ධූර රැසක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.
ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායක ධුරයට අමතරව නියෝජ්‍ය සංවිධායක ධූර 2ක්ද, සහකාර සංවිධායක ධුර 3ක්ද පිරිනැමීමට පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා පත් කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සහ අසංක නවරත්න මහතා පත් කර ඇත.
අතර විපක්ෂයද මෙවර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට අමතරව නියෝජ්‍ය සංවිධායක ධූර 4ක් පිරිනැමීමට පියවර ගෙන ඇත.
ඒ බුද්ධික පතිරණ, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ හේකටර් අප්පුහාමිය.










