මුළු ලෝකයටම දරුණුතම වසංගතයක් වී තිබෙන කොවිඞ් 19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම මර්දනයහිලා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරනු ලබන ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් දියත් කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රාසාංගික ආධාර වැඩසටහන (Telethon) පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.
මෙම දැවැන්ත ප්‍රාසාංගික වැඩසටහනේ නිර්මාතෘ රිචර්ඞ් ද සොයිසා මහතා මාධ්‍ය හමුවට සහභාගි වූ පිරිස පිළිගනිමින් ප්‍රකාශ කර සිටියේ හමුදාවත්, වෛද්‍ය කාර්ය මණ්ඩලයත්, සෞඛ්‍ය නිලධාරිනුත් සමගින් ශ්‍රී ලංකා රජය මෙම වසංගතය සාර්ථකව පාලනය කළ බවයි. එම ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර විස්තර කළ ඔහු, ඔවුන්ගේ මෙම ක්‍රියාදාමය සහ කැපවීම ගෝලීය වශයෙන් පිළිගැනීමට සුදුසු බවත් රජයක් අර්බුද අවස්ථාවකදී තීරණාත්මකව සහ ඥානාන්විතව ක්‍රියා කරන ආකාරය පිළිබඳ වැටහීමක් ශ්‍රී ලාංකික ජාතියට පමණක් නොව සමස්ත ලෝකයටම ලබාදීම තම අධිෂ්ඨානය වූ බව පැවසීය.
මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ සොයිසා මහතා ”කොවිඞ් 19ට එරෙහිව අප ලැබූ සාර්ථකත්ව දැක්ම “ARISE SRI LANKA” රූපවාහිනී ප්‍රාසාංගික වැඩසටහන (TELETHON) ඔස්සේ ලෝකය පුරා විකාශනය කරනු ලබනවා. එමෙන්ම සොහාන් වීරසිංහ, බෙන්ජි රණබාහු, අයිවන් අල්විස් සමග නොයෙලින් හොන්ටර් සහ තුෂි වීරසිංහ යන අපගේ අධිෂ්ඨානශීලී කණ්ඩායමේ අප්‍රතිහත කැපවීම මෙම ව්‍යාපෘතිය මෙතරම් සාර්ථකත්වයට පත්වීමට හේතු වුණා” යනුවෙන්ද පැවසීය.











