DFCC බැංකුව මෑතකදී “DFCC සහනය” නම්වූ සුවිශේෂී ණය යෝජනා ක්‍රමය සිය සේවාවන් යටතේ හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ කුළුබඩු හා රසකැවිලි ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වන විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගමට පළමු ණය මුදල ලබා දීම පසුගියදා සිදුකෙරිණි. COVID-19 ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් වූ රටේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ අපනයනකරුවන්ගේ පුනර්ජීවනයට ආධාර කිරීමේ අපේක්ෂාවෙන් DFCC බැංකුව මෙම නවතම නිෂ්පාදනය හඳුන්වා දුන්නේය. ක්ෂණික සහන සැලසීම සහ අනාගතයේ වෙළෙඳපළ අවස්ථා ලබා ගැනීමට ඔවුන් දිරිමත් කිරීම සඳහා අපනයන ආශ්රිත, අපනයන නැඹුරු ව්‍යවසායකයින් සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 2ක මෙම නව ණය යෝජනා ක්‍රමය ව්‍යාප්ත කෙරේ.
“DFCC සහනය” ණය යෝජනා ක්‍රමය යටතේ පළමු ණය පහසුකම DFCC බැංකුවේ උප සභාපති / ප්‍රාදේශීය කළමනාකරු කැලුම් පෙරේරා මහතා විසින් විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගමේ සභාපති අරුණ කොතලාවල මහතා වෙත භාරදුන් අතර DFCC බැංකුවේ කළුතර ශාඛාවේ ශාඛා කළමනාකරු කමල් ගුණවර්ධන මහතා සහ කළුතර ශාඛාවේ නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.











