• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රුහුණ අල්ලන්න ශිව දෙවියන් යෙදූ උපක්‍රමය

August 22, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රුහුණ අල්ලන්න  ශිව දෙවියන්  යෙදූ උපක්‍රමය
Share on WhatsAppShare on Facebook

වල්ලි මාතාවගේ නම කියවන විටදී එකවරම සිහියට නැඟෙන්නේ කඳ සුරිඳුන්ය. සාලිය අශෝකමාලාවන් මෙන්ම කඳ කුමරු වල්ලිට පෙම් බැන්ද කතරගම රසබර පෙම් කතා පුවතක් දිගහැරේ. ස්කන්ධ කුමරු මහා භාරතයේ සිට මෙහි පැමිණියේ වල්ලි නමැති සුරූපිනිය සොයාගෙනය. කඳ කුමරු ශිව දෙවියන්ගේ පුතෙකි. ගනේෂ අනික් පුතාය. ලක්දිව රුහුණු කලාපය කඳ කුමරුට අත්පත් කරදීමට ශිව දෙවියන්ට අවශ්‍ය විය.

අධි කාමසුඛල්ලිකානු යෝගී ජීවිතයක් ගත කරන ලද කඳ කුමරුට අතිශයින්ම කාමභෝගී රූමත් දේව දියණියක් සොයනු වස් රුහුණු ප්‍රදේශය බිහිකිරීම ඔහුගේ අසිරිමත් සිදුවීමකි. වැඩිහිටි කන්දේ රමණීය පෙදෙසක් වූ මැණික් ගංතෙර ගල්ලෙනක ධ්‍යානලාභී නාරද ඍෂිවරයා දිනක් ශිව නමස්කාර කරන මොහොතේ ගං ඉවුරේ තණ කමින් සිටි මුව දෙනකුගේ තන පුබුරුවලින් සුන්දර දැරියක් කිරි උරා බොන අයුරු දැක විශ්මයට පත්විය.

මෙය දේවමය ආශීර්වාදයකැයි නාරද ඍෂිවරයාට සිතිණි. මුවදෙන හා දැරිය කෙරෙහි සෙනෙහසින් බැඳී වැදි අයගේ උපකාරයෙන් මුවදෙන හා දැරිය තමා බාරයට ගැනිණි. මෙය ශිව දෙවියන්ගේ සියුම් උපක්‍රමයක් බැව් නාරදට නොවැටහිණි. එම දැරිය මව්වරුන් 7 දෙනකු විසින් හැදූ වැඩූ නිසාම අදත් ආලත්තම්මලා දේව පෙරහැරේ ගමන් කරන්නීය.

මේ අයුරින් ගණ දෙවි උපක්‍රමයකින් වල්ලි සහ ස්කන්ධ කුමරු අනග හීසැරයට නතු කරන ලදී. වල්ලි සරණපාවා ගනු වස් තනිව යෑම ඇයට අගෞරවයක් නිසා කඳ කුමරු තමා සමඟ වැදි පුරයට යෑමට පත්තිනි දේවියට ඇරයුම් කරන ලදී.
වැදි පුරය මස් මාංශවලින් අපිරිසුදු හා කිළි කුණු ඇති බැවින් පත්තිනි දේවිය හිමාලයේ උග්‍ර භාවනානුයෝගී දළ කුමරුගෙන් සහ ගරා දෙවියන්ගෙන් එම ප්‍රදේශය පිරිසුදු කර දෙන ලෙස අයැද සිටියාය. දළ කුමරු බිහිසුණු රාක්ෂ රුවක් මවාගෙන වැදි පුරයට පැමිණීම නිසා මේ දර්ශනය දුටු වැදි පිරිස බියෙන් පලා ගියේය. වල්ලි පමණක් ඉතිරි වූවාය. අනතුරුව පත්තිනි දේවිය සමඟ තුන්දෙනාම වැඩිහිටි කන්ද වෙත නික්මිණි. එතෙක් භාරතයේ තනිවී සිටි තේවානි අම්මාද නැවත කැඳවාගෙන විත් තුන්දෙනාම කතරගම පදිංචි විය.

පසු කලෙක ඉසුරු දෙවි වරමින් කඳ කුමරු කුරුමිණියෙක් බවට පත්කර රැගෙන ඒමට මුස්ලිම් අයකු කතරගමට එවා ඇති අතර, මෙය දුටු වල්ලි අම්මා මට දානයක් දුන මැනවැයි මුස්ලිම් පුද්ගලයාට පැවැසූ විට පුරුෂ දානයක් ලෙස ස්කන්ධ කුමරු ආපසු බාරදී මුස්ලිම් පුද්ගලයා එහිම නතර විය. කතරගම මුස්ලිම් දේවාලයක් ඇතිවූයේ ඒ හරහාය. එලෙසින් වල්ලි මාතාව මුස්ලිම් බැතිමතුන්ගේද ගෞරවයට ලක්වූවාය.

කිළිකුණු රහිත අති පවිත්‍ර වූ පලතුරු පූජාව තැනීම කතරගම දෙවිඳුන්ගේ නියෝගයකි. එහි සුවඳත් මිහිරි බවත් තිබිය යුතුවේ. දේව භක්තියෙන් තොරව පූජාව තැබීම නිෂ්ඵලයි. තවද කතරගම ඇසළ මහා පෙරහැරේ මහා දේවාලය සිට ගමන් කරන්නේ වල්ලි අම්මා දේවාලය වෙතයි. පෙරහැර පවත්වන දින 15 කතරගම දෙවිඳුන්ගේ දේවාභරණ කරඬුවේ සඟවාගෙන ඇතු පිටින් වඩම්මවා එන දේවගැතිතුමා එය අතට ගන්නා ගමන්ම වහාම ඔහුව නොපෙනෙන සේ විශාල ඇතිරිල්ලකින් වසනු ලැබේ. ඇය දේවගැතිවරුන් විසින් මෙහෙයවමින් වල්ලි දේවාලයේ ගැබ තුළට වඩම්මා එහි දේවාභරණ තැන්පත් කොට දේවගැතිවරුන් පිටතට පැමිණ එකී ආභරණ කිසියම් රහසිගත වේලාවක තබනු ලැබේ. එකී කාලය තුළ පංචතූර්ය නාද පවත්වති. යළිත් පෙර සේම ඇතිරිල්ලෙන් වසා මංගල්‍ය රත්‍රිය ගත කරන චාරිත්‍රයක් ඇත්තේය. දේවාභරණ රහසේම සඟවාගෙන වල්ලි මාතා දේවාලයෙන් පිටතට එන දේව ගැතිතුමා රහසේම මහ දේවාලය වෙත එනු ඇත. මෙයට ආලත්ති අම්මාවරුද සහභාගිවේ. මෙය මීපැණි රාත්‍රියකි. අවසන් වන පසළොස්වක පෝ දින රාත්‍රියේ දේවාභරණ වල්ලි අම්මා දේවාලයේ තබයි. එදින අලුයම මැණික් ගඟේ දිය කපන උත්සවය නිමකරනු ඇත. පවිත්‍ර ජලය දේව බැතිමතුන්ට බෙදාදෙනු ලැබේ. තවද වල්ලි අම්මා සිටි චෛත්‍ය සහිත සියඹලා ගසක් අදත් දක්නට ඇත. දේවාලය සතු රහස් පිටතට හෙළි නොකිරීම කතරගම දෙවියන්ට භාරහාර පුද පූජා තබන විටදී වල්ලි දෙවඟනටද පූජාව තැබීම අනිවාර්ය වේ. ඔබ කතරගම මහ දේවාලයට බැති සිතින් පූජාව තබා අනතුරුව වල්ලි හා දේවාලයට ගොස් පූජාව තැබීම අමතක නොකරන්න.

ඔබේ සියලුම පැතුම් ඉටුවන්නේ එවිටයි. එය දේවමය රහසක් ලෙස සිතේ තබාගන්න. කතරගම දෙවියන් සහ වල්ලි මාතාව ගැන අබමල් රේණුවක්වත් සැක නොසිතන්න. පවිත්‍රව බැතිමත්ව පූජාව තබන්න. කටමැත දොඩා නන්නත්තාර වූ ප්‍රසිද්ධ චරිතද මේ අතර වේ. උපහාස අපහාස කළොත් එහි ප්‍රතිවිපාක ආපසු ලැබෙනු නියතයි. අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමිපාණන් වහන්සේ කතරගම දෙවියන් ගිනිමැලය තරණය කරන ඒ විශ්මිත දසුන දුටු බැව් වරෙක පවසා ඇත.

වල්ලි අම්මා දේවමාතාවට පුද පූජා තැබීමෙන් දාරක සම්පත් අහිමි අයටද ලෙඩ දුක් කරදර හිංසා පීඩා දුරුවී රැකී රක්ෂා වෙළෙඳාම් හා අනියත බියද දුරුවී ශාන්තිය සැලසේවි. මේ දෙවඟන වැඩසිටින දෙවොල ඉදිරිපිට ඇති සියඹලා ගසේ කොළ භක්තියෙන් කෑමෙන් දරු ප්‍රමාදය වළකා දාරක සම්පත් හිමිවේ යැයි ජන විශ්වාසයකි.
පාලනී ආඬවන් මුරුගා නමින් භාරතයේ සිට ලක්දිවට පැමිණෙන කතරගම (කාචර) ග්‍රාමය දෙවියන් බවට පත්වී අසුර දායකත්වය හිමි වල්ලි මාතාව සමඟ විවාහ වී සිය තෙදබල පරාක්‍රමය විහිද වූ බැව් කතරගම දේව පුරාණයේ සඳහන් වී ඇත්තේය.

තවද වල්ලි මාතා ගුහාව ක්‍රි.පූ. 35,000 කරා ගිය අතීතයකි. අන්නාසි, ගස්ලබු නොමැතිව පලතුරු කැවිලි පස්ගෝරස, චතුමධුර, රතු පැහැති වන මල් මාලයක් තනා හාල් පිටි මී පැණි සමඟ විශේෂයෙන්ම ගලක අඹරන ලද මෙනේරි හාල් පිටිවලින් පිසින ලද ‘රොටියක්’ තැබීම අනිවාර්යවේ.

වල්ලි මාතා දේවාලයට පැමිණෙන අය පවිත්‍ර වී මැණික් ගඟෙන් ස්නානය කර කොහොඹ කොළ යුෂ එළකිරිවලට මිශ්‍රකර පානය කර තෙත ඇඳුමින් පූජා වට්ටිය හිස මත තබාගෙන දේවාලය වෙත පැමිණ පූජාව තැබිය යුතුවේ. මෙය ඉපැරැණි පූජා ක්‍රමයකි. එය අද නොපැවැත්වේ. වල්ලි ගුහා ආශ්‍රිත විහාරයේ එවකට වැඩවිසූ අතිපූජ්‍ය පාදමඩිත්තේ ඥානානන්ද මහනායක හිමිපාණන් වහන්සේ පැවැසූ පරිදි එන වල්ලි මාතා ගුහාව ඉපැරැණි සංස්කෘතිකමය හර පද්ධතියෙන් යුක්ත දේව අණසක පැතිර තිබුණු අති පාරිශුද්ධ භූමියකි. තරුණ තරුණියන් වල්ලි මාතා පූජාව තැබීමට එන්නේ නම් වෛවර්ණ ඇඳුම් පැලඳුම්වලින් තොරව සුදු ඇඳුමින් සැරසී පැමිණීම මේ පුදබිමේ තිබෙන ගෞරවය රැකෙනසුලුය. උදේ 6.30, දහවල් 10.30, සවස 6.30 පූජාව තබනු ලැබේ. ස්කන්ධ කුමරු හෙවත් කතරගම දෙවියන් සහ වල්ලි අම්මා දෙවඟන වටා ගෙතී ඇති අපූර්ව විශ්මිත තොරතුරු රාශියක්ම තිබේ. කතරගම දෙවියන් සහ වල්ලි මාතා දෙවඟන වෙත කරන බැතිබර මහා පූජාව ඔබේ කායික, මානසික සුවයට අගනා දේව ඖෂධයකි.

දේශබන්දු කලාභූෂණ ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

මැලිබන් රතු කුරුස එක්වී දරුවන් වෙනුවෙන් මෙහෙයුමක්

Next Post

ලෝකෙට ගණන්කාරයන් බිහිකරපු හෙළ පැරැන්නන්ගෙ අංක ශාස්තරේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.