ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන් සමාගම, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක්වී මෙරට දරුවන් COVID-19 වසංගතයෙන් ආරක්ෂා කරගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. තෝරාගත් පාසල්වල ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙරට ජනතාවට මෙම වසංගතයෙන් මිදීම සඳහා අත්වැලක් සැපයීමට මැලිබන් සමාගම දරන අඛණ්ඩ උත්සාහයක නවතම ඉදිරි පියවරකි. මීට ඉහතද මැලිබන් සමාගම ඇඳිරි නීතිය පැවති කාලයේදී ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වෙත ශීතකරණ පහසුකම් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කළේය. මීට අමතරව එම විද්‍යායතනය වෙත සිය නිෂ්පාදන පරිත්‍යාග කිරීම, ‘මනුසත් දෙරණ’ වැඩසටහනට දායක වීම සහ රජයේ COVID-19 අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කිරීම වැනි සත්ක්‍රියාවන්ද මැලිබන් සමාගම විසින් සිදුකරන ලදී.
මේ වන විට ජන ජීවිතයේ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක නිසි සෞඛ්‍ය හා සුරක්ෂිතතා විධිවිධානවලට යටත්ව පාසල් නැවත විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. මෙම තීරණයේදී රජයට අත්වැලක් වීමේ අරමුණින් තම විශේෂඥ දැනුම ඔස්සේ මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා තාක්ෂණික මට්ටමින් තම දායකත්වය ලබාදීමට මැලිබන් සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කටයුතු කරමින් සිටී.
COVID-19 වසංගතය පැතිරීමේ ඉඩකඩ අවම කරමින් පාසල්වල ආරක්ෂාව තහවුරු වූ පරිසරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සම්බන්ධ කරගෙන සාකච්ඡා මාලාවක් පැවැත්වීමට මැලිබන් සමාගම කටයුතු කළේය.











