• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රෑට රෑට ඉඟිබිඟිපාන මිහිරගේ කෝලම්

August 15, 2020
in Heart
Reading Time: 1 min read
A A
රෑට රෑට ඉඟිබිඟිපාන මිහිරගේ කෝලම්
Share on WhatsAppShare on Facebook

ප්‍රහසන නළුවන් හතු පිපෙන්නාක් මෙන් බිහිවන යුගයක හාසf්‍යා්ත්පාදක කලාව තුළ ඇති ගුණාත්මක බව රැකගනිමින් එය කලාවක් ලෙස රසිකයන් අතරට ගෙනියෑම විශාල අභියෝගයක්. වේදිකාවේ, පුංචි තිරයේ රස මවන මිහිර සිරිතිලක අපට හඳුනාගත හැක්කේ ඒ අභියෝගය සාර්ථකව ජයගත් නව පරපුරේ නිර්මාණකරුවෙක් ලෙසටයි. මේ දිනවල පුංචි තිරයේ පාන ‘ඉඟි බිඟි’ ගැන මිහිර අපත් සමඟ කතා කළා.
මේ දවස්වල ‘ඉඟි බිඟි’ පානව නේද?
ඔව්. ඒක තමයි මේ දවස්වල විකාශනය වෙන මගේ අලුත්ම නාට්ටිය. ඇත්තටම පසුගිය දවස්වල කොරෝනා නිසා නාට්ටිත් නැතුව, ටෙලිනාට්‍ය වැඩ මුකුත් නැතිව ගෙවල්වලට හිරවෙලා ඉන්නකොට මට හිතුණ මොකක් හරි වැඩක් කරන්න ඕනෙ කියල. ඒ අනුව මම චින්තක පීරිස්ටත් කතා කරල කිව්ව මෙහෙම වැඩක් කරමු කියල. ඊට පස්සෙ තමයි ‘ඉඟි බිඟි’ නාට්ටියෙ තිර පිටපත ලියන්න වැඩ පටන් ගත්තෙ.
කොරෝනා ප්‍රශ්න නිසා ලියපු නාට්ටියෙ වැඩ ඉවර කරගන්න එක ප්‍රශ්නයක් වුණේ නැද්ද?
ඇත්තටම අපි තිර පිටපත ලියල ඔක්කොම ඉවර වෙලා ඉන්නකොටම වගේ ස්වර්ණවාහිනියෙන් අපිට යෝජනාවක් ආව ප්‍රහසන නාට්ටියක් කරන්න කියල. ඒ අනුව අපිට කොරෝන අවසාන වෙනවාත් එක්කම ෂූටින් පටන් ගන්න පුළුවන් වුණා.
‘ඉඟි බිඟි’ අධ්‍යක්ෂණය කරන්නෙත් ඔබ?
ඔව්. තිරපිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරන්නෙ මම. ඇත්තටම මේ නාට්ටියෙ මාත් එක්ක වැඩ කරන්නෙ හුරුපුරුදු සහ අපේ රිදම් එකට ගැළපෙන පිරිසක් එක්ක. අපි වැඩ කරන වෙනම ස්ටයිල් එකක් තියෙනව. ඒකට හරියන ප්‍රවීණ නළු නිළි පිරිසක් එක්ක තමයි මම මේ නාට්ටියට එකතු කරගත්තෙ. ඉතින් එහෙම පිරිසකගෙන් ලැබෙන සහයෝගයත් එක්ක මට ඉතා පහසුවෙන් වැඬේ කරගෙන යන්න පුළුවන්.
ප්‍රහසන නාට්ටිවලට මීඩියාවලින් ඉල්ලුමක් තියෙනවද?
ඇත්තටම චැනල් හැම එකකින්ම වගේ ලොකු ඉල්ලුමක් තියෙනව ප්‍රහසන නාට්ටිවලට. වැඬේ තියෙන්නෙ ලංකාවෙ ප්‍රහසන නාට්ටි ගොඩක් නිර්මාණය වුණාට ඒව ප්‍රහසන ගණයට වැටෙන්නෙ නෑ. නමුත් අපිට ස්වර්ණවාහිනියෙන් හොඳ අවස්ථාවක් දුන්න සීරියස් කොමඩි ආකාරයේ නාට්ටියක් කරන්න කියල. ඒ කියන්නෙ මේ නාට්ටිය ප්‍රහසනය මතුකිරීම උදෙසාම කරන නාට්ටියක් නෙමෙයි. ප්‍රහසනය කියන තැනින් පොඞ්ඩක් එහාට ගිහිල්ල කතාවත් ඒ ආකාරයෙන්ම මතුකරන විදිහට තමයි නාට්ටිය නිර්මාණය කළේ. විශේෂයෙන් කියන්න ඕනෙ ඒ විදිහට වැඬේ කරගන්න ස්වර්ණවාහිනියෙන් අපිට ලොකු සපෝට් එකක් දුන්න.
‘හේලි’ නාට්‍ය හරහා ඔබට ප්‍රහසනයෙන් මිදෙන්න අවස්ථාවක් ලැබුණ?
ඇත්තටම හේලි නාට්‍ය කරපු දනුෂ්ක රත්නායකට ඕන වුණා සීරියස් චරිතය ඇතුළෙ පුංචි ප්‍රහසනයක් මතුවෙන විදිහට චරිතයක් ගොඩනගන්න. ඒ චරිතයට තමයි මට ආරාධනා කළේ. ටිකක් වෙනස් චරිතයක් කරන්න මටත් ඕන කමක් තිබුණ. ඉතින් වෙනස් චරිතයක් නිසා මම ඒක බාර අරගෙන කළා.
ඒ වැඬේ සාර්ථකයි කියල හිතෙනවද?
ඇත්තටම හේලි එකේ කරපු චරිතෙන් පස්සෙ ගොඩක් දෙනෙක් කියපු කතාවක් තමයි ප්‍රහසනය අත්හරින්නෙ එපා කියන එක. ඒත් එක්කම තව පිරිසක් කිව්ව වෙනසකටත් එක්ක ඒ වගේ චරිත කරන එක හොඳයි කියල. ඒ විදිහට ඒ චරිතයට සම සම ප්‍රතිචාර ලැබෙද්දි මටත් හිතෙනව ඒ චරිතය මම සාර්ථකව කරා කියල. ඒ වගේම මම හිතනව ඒ චරිතය හරහා වෙනස්ම ප්‍රේක්ෂකයක් පිරිසක් අතරට මට යන්න පුළුවන් වුණා කියලා.
මේ කාලෙ අපි දකිනව ගොඩක් දෙනෙක් යූටියුබ් හරහා ප්‍රහසන කරන්න යොමුවෙලා තියෙනවා. ප්‍රහසන නළුවෙක් විදිහට ඔබ කොහොමද ඒක දකින්නෙ?
ඇත්තටම ඉස්සර රූපවාහිනියට තිබුණ තැන දැන් අරන් තියෙන්නෙ සමාජ මාධ්‍ය. වැඩි ප්‍රේක්ෂක පිරිසක් රැඳෙන තැනක් බවට දැන් ඒක පත්වෙලා තියෙනව. ෆෝන් එකේ ඔප්ෂන් වැඩි වෙන්න වැඩි වෙන්න, ඬේට ෆ්‍රී වෙන්න ෆ්‍රී වෙන්න ප්‍රේක්ෂකය වැඩි කාලයක් රැඳිල ඉන්නෙ ෆෝන් එකත් එක්ක. ඒ නිසා මම නම් හිතන්නෙ ඇත්තටම ප්‍රමාද වෙලා හරි ඒක ටාගට් කරගෙන වැඩ කරන එක තමයි හොඳ.
ඒ කියන්නෙ ඔබගෙ වැඩත් ඉදිරියෙදි යූටියුබ් එක හරහා දකින්න ලැබෙයි?
ඇත්තටම දැන්මම නම් එහෙම කරන්න අදහසක් නෑ. මොකද මගේ තියෙන වැඩකටයුතුත් එක්ක මම මේ වෙලාව ඉතාම කාර්යබහුලයි. නමුත් ඉදිරියෙදි අපිටත් අනිවාර්යයෙන්ම ඔතැනට එන්න වෙනව.
ඉදිරි වැඩ කටයුතු ගැන කතා කළොත්?
ඉතාම නුදුරේදීම මගේ තවත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ වෙනව. ඒ වගේම මම අධ්‍යක්ෂණය කරන නාට්‍ය කිහිපයක වැඩත් පටන්ගන්න තියෙනව.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

අපූරු සහෝදරයා (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

විකට රජාගෙ ජීවිතයෙන් හෙළිවූ කේන්දරේ ඇත්ත නැත්ත

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.