ප්‍රහසන නළුවන් හතු පිපෙන්නාක් මෙන් බිහිවන යුගයක හාසf්‍යා්ත්පාදක කලාව තුළ ඇති ගුණාත්මක බව රැකගනිමින් එය කලාවක් ලෙස රසිකයන් අතරට ගෙනියෑම විශාල අභියෝගයක්. වේදිකාවේ, පුංචි තිරයේ රස මවන මිහිර සිරිතිලක අපට හඳුනාගත හැක්කේ ඒ අභියෝගය සාර්ථකව ජයගත් නව පරපුරේ නිර්මාණකරුවෙක් ලෙසටයි. මේ දිනවල පුංචි තිරයේ පාන ‘ඉඟි බිඟි’ ගැන මිහිර අපත් සමඟ කතා කළා.
මේ දවස්වල ‘ඉඟි බිඟි’ පානව නේද?
ඔව්. ඒක තමයි මේ දවස්වල විකාශනය වෙන මගේ අලුත්ම නාට්ටිය. ඇත්තටම පසුගිය දවස්වල කොරෝනා නිසා නාට්ටිත් නැතුව, ටෙලිනාට්‍ය වැඩ මුකුත් නැතිව ගෙවල්වලට හිරවෙලා ඉන්නකොට මට හිතුණ මොකක් හරි වැඩක් කරන්න ඕනෙ කියල. ඒ අනුව මම චින්තක පීරිස්ටත් කතා කරල කිව්ව මෙහෙම වැඩක් කරමු කියල. ඊට පස්සෙ තමයි ‘ඉඟි බිඟි’ නාට්ටියෙ තිර පිටපත ලියන්න වැඩ පටන් ගත්තෙ.
කොරෝනා ප්‍රශ්න නිසා ලියපු නාට්ටියෙ වැඩ ඉවර කරගන්න එක ප්‍රශ්නයක් වුණේ නැද්ද?
ඇත්තටම අපි තිර පිටපත ලියල ඔක්කොම ඉවර වෙලා ඉන්නකොටම වගේ ස්වර්ණවාහිනියෙන් අපිට යෝජනාවක් ආව ප්‍රහසන නාට්ටියක් කරන්න කියල. ඒ අනුව අපිට කොරෝන අවසාන වෙනවාත් එක්කම ෂූටින් පටන් ගන්න පුළුවන් වුණා.
‘ඉඟි බිඟි’ අධ්‍යක්ෂණය කරන්නෙත් ඔබ?
ඔව්. තිරපිටපත, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරන්නෙ මම. ඇත්තටම මේ නාට්ටියෙ මාත් එක්ක වැඩ කරන්නෙ හුරුපුරුදු සහ අපේ රිදම් එකට ගැළපෙන පිරිසක් එක්ක. අපි වැඩ කරන වෙනම ස්ටයිල් එකක් තියෙනව. ඒකට හරියන ප්‍රවීණ නළු නිළි පිරිසක් එක්ක තමයි මම මේ නාට්ටියට එකතු කරගත්තෙ. ඉතින් එහෙම පිරිසකගෙන් ලැබෙන සහයෝගයත් එක්ක මට ඉතා පහසුවෙන් වැඬේ කරගෙන යන්න පුළුවන්.
ප්‍රහසන නාට්ටිවලට මීඩියාවලින් ඉල්ලුමක් තියෙනවද?
ඇත්තටම චැනල් හැම එකකින්ම වගේ ලොකු ඉල්ලුමක් තියෙනව ප්‍රහසන නාට්ටිවලට. වැඬේ තියෙන්නෙ ලංකාවෙ ප්‍රහසන නාට්ටි ගොඩක් නිර්මාණය වුණාට ඒව ප්‍රහසන ගණයට වැටෙන්නෙ නෑ. නමුත් අපිට ස්වර්ණවාහිනියෙන් හොඳ අවස්ථාවක් දුන්න සීරියස් කොමඩි ආකාරයේ නාට්ටියක් කරන්න කියල. ඒ කියන්නෙ මේ නාට්ටිය ප්‍රහසනය මතුකිරීම උදෙසාම කරන නාට්ටියක් නෙමෙයි. ප්‍රහසනය කියන තැනින් පොඞ්ඩක් එහාට ගිහිල්ල කතාවත් ඒ ආකාරයෙන්ම මතුකරන විදිහට තමයි නාට්ටිය නිර්මාණය කළේ. විශේෂයෙන් කියන්න ඕනෙ ඒ විදිහට වැඬේ කරගන්න ස්වර්ණවාහිනියෙන් අපිට ලොකු සපෝට් එකක් දුන්න.
‘හේලි’ නාට්‍ය හරහා ඔබට ප්‍රහසනයෙන් මිදෙන්න අවස්ථාවක් ලැබුණ?
ඇත්තටම හේලි නාට්‍ය කරපු දනුෂ්ක රත්නායකට ඕන වුණා සීරියස් චරිතය ඇතුළෙ පුංචි ප්‍රහසනයක් මතුවෙන විදිහට චරිතයක් ගොඩනගන්න. ඒ චරිතයට තමයි මට ආරාධනා කළේ. ටිකක් වෙනස් චරිතයක් කරන්න මටත් ඕන කමක් තිබුණ. ඉතින් වෙනස් චරිතයක් නිසා මම ඒක බාර අරගෙන කළා.
ඒ වැඬේ සාර්ථකයි කියල හිතෙනවද?
ඇත්තටම හේලි එකේ කරපු චරිතෙන් පස්සෙ ගොඩක් දෙනෙක් කියපු කතාවක් තමයි ප්‍රහසනය අත්හරින්නෙ එපා කියන එක. ඒත් එක්කම තව පිරිසක් කිව්ව වෙනසකටත් එක්ක ඒ වගේ චරිත කරන එක හොඳයි කියල. ඒ විදිහට ඒ චරිතයට සම සම ප්‍රතිචාර ලැබෙද්දි මටත් හිතෙනව ඒ චරිතය මම සාර්ථකව කරා කියල. ඒ වගේම මම හිතනව ඒ චරිතය හරහා වෙනස්ම ප්‍රේක්ෂකයක් පිරිසක් අතරට මට යන්න පුළුවන් වුණා කියලා.
මේ කාලෙ අපි දකිනව ගොඩක් දෙනෙක් යූටියුබ් හරහා ප්‍රහසන කරන්න යොමුවෙලා තියෙනවා. ප්‍රහසන නළුවෙක් විදිහට ඔබ කොහොමද ඒක දකින්නෙ?
ඇත්තටම ඉස්සර රූපවාහිනියට තිබුණ තැන දැන් අරන් තියෙන්නෙ සමාජ මාධ්‍ය. වැඩි ප්‍රේක්ෂක පිරිසක් රැඳෙන තැනක් බවට දැන් ඒක පත්වෙලා තියෙනව. ෆෝන් එකේ ඔප්ෂන් වැඩි වෙන්න වැඩි වෙන්න, ඬේට ෆ්‍රී වෙන්න ෆ්‍රී වෙන්න ප්‍රේක්ෂකය වැඩි කාලයක් රැඳිල ඉන්නෙ ෆෝන් එකත් එක්ක. ඒ නිසා මම නම් හිතන්නෙ ඇත්තටම ප්‍රමාද වෙලා හරි ඒක ටාගට් කරගෙන වැඩ කරන එක තමයි හොඳ.
ඒ කියන්නෙ ඔබගෙ වැඩත් ඉදිරියෙදි යූටියුබ් එක හරහා දකින්න ලැබෙයි?
ඇත්තටම දැන්මම නම් එහෙම කරන්න අදහසක් නෑ. මොකද මගේ තියෙන වැඩකටයුතුත් එක්ක මම මේ වෙලාව ඉතාම කාර්යබහුලයි. නමුත් ඉදිරියෙදි අපිටත් අනිවාර්යයෙන්ම ඔතැනට එන්න වෙනව.
ඉදිරි වැඩ කටයුතු ගැන කතා කළොත්?
ඉතාම නුදුරේදීම මගේ තවත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ වෙනව. ඒ වගේම මම අධ්‍යක්ෂණය කරන නාට්‍ය කිහිපයක වැඩත් පටන්ගන්න තියෙනව.
ඉන්දික වික්‍රමරත්න











