• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපූරු සහෝදරයා (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

August 15, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
අපූරු සහෝදරයා (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ රජ පවුල්වල ඉතිහාසය ගත්තොත් දැකගන්නට තියෙන්නේ ඔටුන්න සඳහා සහෝදරවරුන් දෙකට බෙදී ගහගත් ඉතිහාසයකි. ඒකට හොඳම උදාහරණය දුටුගැමුණු කුමාරයා සහා ඔහුගේ සහෝදරයා වුණු සද්ධාතිස්ස කුමාරයා අතර සිහසුනට තිබ්බ සටනත්, සීගිරි කාශ්‍යප හා ඔහුගේ සහෝදරයා වූ මුගලන් කුමාරයා අතර සිහසුනට තිබ්බ සටනත් පෙන්වා දීමට පුළුවන. අවසානයේ ඒ සටන නිමාවට පත්වූයේ මුගලන් කුමාරයා ඉන්දියාවට ගොස් කාශ්‍යපට එරෙහිව හමුදා සංවිධානය කිරීමෙනි. ඒ වගේම රජ සහෝදරවරුන් අතර පමණක් නොව රජ කුමාරවරුන් අතරත් සිහසුනට සටන් කළ අතීතයක් අපේ ඉතිහාස පොත් පෙරළන විට දැකගැනීමට පුළුවන.
රජ කාලයේ පමණක් නොව නිදහස ලබා ගැනීමෙන් පසුවත් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සහෝදරවරුන් අතර නොයෙක් වර සටන් ඇවිලී ගිය අවස්ථා තිබිණ. මේ නිසා ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වූ අවස්ථා කිහිපයක්ම දැක ගැනීමට පුළුවන.
ඒකට එක උදාහරණයක් වන්නේ බණ්ඩාරනායක පවුල ඇතුළේ තිබ්බ සහෝදර සටනය. එතැනදී බලය ලබා ගැනීමට චන්ද්‍රිකාත් අනුරත් දෙපිළ බෙදී සටන් කරන්නට වූහ. ඒ වගේම එකම දේශපාලන පවුලේ අයියලා මල්ලිලා විවිධ පක්‍ෂවලට බෙදී බලය සඳහා සටන් කළ ආකාරයක්ද පහුගිය කාලයේ දැකගන්නට ලැබිණි.
මෙහෙම බලයට සහෝදරවරුන් මරාගනිද්දී සමහරු හිතුවේ රාජපක්‍ෂ පවුලේ සහෝදරවරුන් අතරත් මේ විදියට බලය ගන්න එකාට එකෙක් නැතුව සටන් කරනු ඇතැයි කියාය.
2015 මහින්ද පරාජය වෙලා මැදමුලනට යද්දී එදින රාත්‍රියේ කාගෙත් අවධානය යොමු වුණේ කටුනායක ගුවන් තොටුපොළේ සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබුණු රූපරාමු පෙළකටය. එහි තිබුණේ මහ රෑ බැසිල් කටුනායකින් පිටත්ව ඇමෙරිකාව බලා යන දර්ශනය. එතකොට හැමෝම මහින්දගේ පරාජය යැවුවේ බැසිල්ගේ පිටින්ය. මහින්ද පැරැද්දුවේ බැසිල් කියා කීහ. ඊට විදෙස් රටවල් එක්ක එක්වී බැසිල් කුමන්ත්‍රණය කළ බවත්, විදේශ රටවල සහායෙන්ම බැසිල්, මහින්ද පරාජය වූ දා රෑම ඇමෙරිකාව බලා ගිය බවත් සමහරු කීහ.
එදා මේ චෝදනාව යූ.ඇන්.පී. එක පැත්තෙන් ආවා නම් දුකක් නැත. හැබැයි වැඬේ කියන්නේ මේ චෝදනා සියල්ලම මහින්දගේ පැත්තෙන්ම එල්ල වීමය. සමහරු මහින්දව හමුවී මහින්දගේ මූණටම මෙම චෝදනාව එල්ල කළ අතර තවත් සමහරු මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේම මේ චෝදනාව එල්ල කළහ.
හැබැයි ඒ වෙනකොටත් කවුරුවත් නොදැන සිටි දෙයක් සිද්ධ වෙමින් තිබිණි. ඒ, ඇමෙරිකාවට ගිය දිනයේ සිටම බැසිල් මහින්දව ආයෙමත් බලයට අරන් එන සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබීමය.
1970 සිරිමාවෝ මැතිනිය ඩී. ඒ. රාජපක්‍ෂ මියැදුනායින් පසුව මැදමුලන ගෙදරටම ගිහින් රාජපක්‍ෂ පවුලෙන් දේශපාලනයට එන්න රාජපක්‍ෂ පුතෙක් දෙන ලෙස දන්දිනා මැතිනියගෙන් ඉල්ලා සිටියාය. මැතිනියගේ තේරීම වූයේ චමල්ය. නමුත් ඒ වන විටත් චමල් පොලිසියේ රස්සාව කරමින් සිටි නිසා දන්දිනා මැතිනිය මහින්දව මැතිනිට බාර කිරීමට පියවර ගත්තාය. මහින්ද දේශපාලනයට ආවේ එහෙමය.
70 මැතිවරණයෙන් හම්බන්තොට දින්න මහින්ද ඉන් අනතුරුව චමල්වත් දේශපාලනයට ගෙනාවේය. හැබැයි මහින්ද එළිපිට දේශපාලනය කරද්දී මහින්ද පිටුපස සිටිමින් මහින්දගේ ඡන්ද දිනන මැෂිම වූයේ වෙන කවුරුවත් නොව බැසිල්ය. තිරය පිටුපස සිට 70 ඉඳන් මහින්දගේ සෑම මැතිවරණයක්ම කළේ බැසිල්ය. ඡන්ද කාලෙට ලෝකෙ කොහේ සිටියත් ලංකාවට පැමිණ බැසිල් මහින්ද ගොඩදමා දුන්නේය. එසේ ගොඩ දමා බැසිල් යළි ඇමෙරිකාවට ගියේය.
මේ සිස්ටම් එක නැවැතුණේ 94දීය. මහින්දට 94දී පළමු වතාවට ඇමැතිකමක් හිමිවූ පසු මහින්ද බැසිල්ට කීවේ අමාත්‍යාංශයට පැමිණ ඒ වැඩකටයුකු ටික කරගෙන යන්න කියාය. ඒ අනුව මහින්ද දේශපාලනය කරමින් රට වටේ යද්දී අමාත්‍යාංශයේ වැඩ බැලුවේ බැසිල්ය.
ඒ වගේම 2005 මහින්දට ජනාධිපති අපේක්‍ෂකත්වය නොදී චන්ද්‍රිකා ගේම් ගහද්දී මහින්දට අපේක්‍ෂකත්වය ගන්න තිරය පිටුපස මෙහෙයුම දියත් කළේ බැසිල්ය.
ඒ විතරක් නොව 2005 මහින්ද දිනවන්න ජේ.වී.පී. එක මහින්දට පූට්ටු කළේත් බැසිල්ය. ඊට අවශ්‍ය සියලුම පාර්ශ්වයන් මහින්දට එකතු කොට මහින්දව ඡන්දෙන් ගොඩ දැම්මේත් බැසිල්ය.
ඉන් අනතුරුව මහින්දත් ගෝඨාත් කොටින්ට එරෙහිව එළිපිටම සටන් කරද්දී ඊට අවශ්‍ය ජාත්‍යන්තර සහාය, රාජ්‍යතාන්ත්‍රික සහාය ආණ්ඩුවට ලබාදුන්නේ බැසිල්ය. විශේෂයෙන්ම යුද්ධ කාලයේදී උතුරේ උණ්ඩයක් පත්තු වන විට ගිනිපත්තු වුණේ ඉන්දියාවේ තමිල්නාඩුවේය. මේ තමිල්නාඩු ගින්න නිවාගන්න එදා ජේ. ආර්.ටවත්, ප්‍රේමදාසටවත්, විජේතුංගටවත් නොහැකි විය. 87 ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමට පෙර ඉන්දියාව යාපනේට ගුවනින් පරිප්පු දමා විශාල කලබැගෑනියක් කළේය. හයෙන් පහක බලයක් තිබුණත් ජේ. ආර්. ඉන්දියාවේ ඒ තර්ජනයට බය වී ඉන්දු – ලංකා ගිවිසුම අස්සන් කළේය.
හැබැයි මහින්දයි ගෝඨයි යුද්ද කරද්දී බැසිල් ඉන්දියාවට ගිහින් යුද්ධයට ඉන්දියාවේ කැමැත්ත දිනාගත්තේය. යුද ජයග්‍රහණයට ඉහළම පිටුබලය ලැබුණු ලොකුම රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය ඒකය. මහින්දට පෙර සිටි ජනාධිපතිවරුන් යුද්ධ කරද්දී විදේශ ඇමැතිවරුන් දවස ගානේ ඉන්දියාවට ගියත් ඒ සහාය ලබා ගැනීමට නොහැකි විය. ඒ ජයග්‍රහණය පසුපස සැඟවුණු මේ ලොකුම ජයග්‍රහණය රටට දිනා දුන්නේ බැසිල්ය.
2015 පරාජයෙන් පසු මහින්ද සුළඟ ලංකාවේ ආරම්භ කරද්දී ඒකට අවශ්‍ය ජන බලය ඒකාබද්ධ විපක්‍ෂයට ලබා දුන්නේත් බැසිල්ය. බැසිල් ඒක කළේ ඇමෙරිකාවේ සිටමය. මොකද ශ්‍රීලනිපයේ පළාත් පාලන මන්ත්‍රි යාන්ත්‍රණය ඒ වෙද්දීත් තිබ්බේ බැසිල් අතේය. මෛත්‍රිපාල ශ්‍රීලනිප නායකයා විදිහට මෙන්ම ජනාධිපතිවරයා විදිහටත් මේ පළාත් පාලන යාන්ත්‍රණය අතට ගන්න ලොකු හයියක් දැම්මත් මෛත්‍රිට ඒක කරගන්න බැරි විය. අන්තිමේදී බැසිල් ශ්‍රීලනිපයෙන් ඉවත්වී පොහොට්ටුව හදන්න තීන්දු කළේ එහෙම නොකළා නම් මහින්ද මෛත්‍රිගේ හිරකාරයෙක් වෙන එක හොඳාකාරවම දැනගෙනය. එහෙම නොවුණා නම් අදත් මේ රටේ ජනාධිපති මෛත්‍රිපාලය. මහින්දට ඉන්න වෙන්නේ මැදමුලනට වෙලා තමන්ව බලන්න එන මිනිසුන්ට ආයුබෝවන් කිය කියා ඉන්නය.
පොහොට්ටුව හදලා බැසිල් පළමු පුවත් සාකච්ඡාවේදීම කියා සිටියේ මේ පක්ෂය ශ්‍රිලනිප බීජවලින් හටගත් එකක් යැයි කියාය. ඒ වෙලාවේ මේ පොහොට්ටුව කවදා හරි දැවැන්ත පක්ෂයක් වී එජාපයත් විනාශ කරන්නට සමත් වේ යැයි බැසිල් එදා නොසිතන්නට ඇත. මොකද ශ්‍රිලනිපයටත් කවදාවත් එජාපය විනාශ කරන්න හැකි වූයේ නැත. හැබැයි අද පොහොට්ටුව මහා වනස්පතියක් වී එජාපය සුන්නද්ධූලි කර දමා අවසානය.
මේ විදිහට පොහොට්ටුව හදලා බැසිල් මාස කිහිපයක් ඇතුළත ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුවක් පරාද කොට පෙන්නුවේය. වසර දෙකකින් අලුතින් ජනාධිපතිවරයෙක් රටට බිහි කොට පෙන්නුවේය.
ඒ කර තවත් මාස ගණනාවකින් මහින්ද 2010 යුද්ධය දිනා බිහි කළ ආණ්ඩුවටත් වඩා වැඩි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා පෙන්නුවේය.
“ඇයි බැසිල් මේ විදියට අයියලා රජ කරවලාපැත්තකට වෙලා ඉන්නේ. මීයක් කඩන්නේ අත ලෙවකන්නයැ? බැසිල් රජවෙන්නේ කවද්ද?”

අද හැමෝම අහන්නේ මේ ප්‍රශ්නයය. මොකද හැමෝම හිතාගෙන හිටියේ මහින්දට ඉල්ලන්න බැරි නිසා 2020 ජනාධිපතිවරණයට බැසිල් ඉදිරිපත් වෙයි කියාය. මොකද ඒ වෙද්දි 2020 ජනාධිපති අපේක්‍ෂකත්වයට හොඳම සුදුසුකම් ටික සපුරලා තිබ්බෙත් බැසිල්ය.
හැබැයි බැසිල් ජනාධිපතිවරණයට ආවේ නැත. තමන්ගේ ඊළඟ අයියා වෙනුවෙන් බැසිල් ඒ කැප කිරීම කළේය. මොකද බැසිල්ට ඕනෑ වුණේ මේ රටේ රජ වෙන්න නොව යූ.ඇන්.පී. විරෝධී සියලු බලවේග එකතු කොට එකතැනකට ගොනු කරන්නටය. අද එකම පවුලෙන් රජවරු දෙන්නෙක් රටට බිහිවී ඇත්තේ එහෙමය. එහෙම එකම පවුලෙන් රජවරු දෙන්නෙක් බිහි කළ මල්ලි කෙනෙක් ගැන ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ කොහේවත් සඳහනක් නැත. ඒ අතින් බලද්දී බැසිල් කියන්නේ නිකම් නිකම් සහෝදරයෙක් නොව අයියලා රජ කොට පැත්තක ඉඳන් සතුටු වන අපූරු සහෝදරයෙක්ය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

සජිත් රනිල් වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

රෑට රෑට ඉඟිබිඟිපාන මිහිරගේ කෝලම්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.