• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කෝටිපතියෙක් වෙන්න පින් කරලා තියෙනවද? අතේ ඇඟිලි පහේ සල්ලි මල්ල පෑදෙන රහස් මෙන්න! Sri Lanka Latest News

February 7, 2026
in Astrology
Reading Time: 3 mins read
A A
කොච්චර අමාරුකම් තිබුණත් ආණ්ඩුව ගිය අවුරුද්දේ අත දිගහැර වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මනුෂ්‍යයකුගේ දෑත යනු හුදෙක් වැඩපළ කිරීමට ඇති අවයවයක් පමණක් නොවේ. ජ්‍යොතිෂයට සහ සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව, අපේ ඇඟිලිවල දිග, මහත සහ ඒවායේ පිහිටීම අනුව පුද්ගලයකුගේ ධන වාසනාව මෙන්ම බලය සහ කීර්තිය තීරණය වේ. කේන්දරයේ ප්‍රධාන ග්‍රහයන් ඔබේ අත්ලේ ඇඟිලි පහ තුළ නිවාස සාදාගෙන සිටින අතර, ඒ තුළ සැඟවී ඇති රහස් හඳුනා ගැනීමෙන් ඔබේ ‘සල්ලි මල්ල’ පෑදෙන කාලය පිළිබඳව නිවැරදි ඉඟියක් ලබාගත හැකිය.Sri Lanka Latest News

ධනය සහ ව්‍යාපාරික බුද්ධිය දෙන බුධ ඇඟිල්ල (සුළැඟිල්ල)
ඔබේ අතේ සුළැඟිල්ල, වෙදැඟිල්ලේ ඉහළ පුරුකෙන් ඔබ්බට දිගු වී පවතී නම්, ඔබ උපතින්ම ව්‍යාපාරික බුද්ධියක් සහිත අයෙකි. එවැනි ඇඟිලි හිමි අය අත ගසන සෑම දෙයකින්ම මුදල් මැවීමේ හැකියාවක් පවතින බව ශාස්ත්‍රයේ දැක්වේ. බුධ ග්‍රහයාගේ බලය ඇඟිලි තුඩු හරහා ශරීරයට උරාගන්නා බැවින්, පැහැදිලි සුළැඟිල්ලක් හිමි අය ස්ව උත්සාහයෙන් ධනවත් වීමේ වාසනාව හිමිකර ගනී.

කීර්තිය සහ වාසනාව ගෙනෙන රවි ඇඟිල්ල (වෙදැඟිල්ල)
වෙදැඟල්ල දිගු වූ පුද්ගලයා කලාවට මෙන්ම ව්‍යාපාරවලට දැඩි ඇල්මක් දක්වයි. සූර්යයාගේ ශක්තිය ගලා එන මෙම ඇඟිල්ලේ පිහිටීම අනුව පුද්ගලයාට ලැබෙන ප්‍රසිද්ධිය තීරණය වේ. වෙදැඟිල්ලේ තුඩ මත රවුම් හෝ හක්ගෙඩියක ලකුණක් ඇත්නම්, එම පුද්ගලයාට හදිසි ධන ලාභ මෙන්ම ලෝක පූජිත කීර්තියක් අත්කර ගැනීමේ හැකියාව පවතී.

ස්ථාවර ධනය සහ දේපළ දෙන සෙනසුරු ඇඟිල්ල (මැදැඟිල්ල)
අත්ලේ දිගම ඇඟිල්ල වන මැදැඟිල්ල සෙනසුරු ග්‍රහයා නියෝජනය කරයි. මෙම ඇඟිල්ල ඍජුව සහ ශක්තිමත්ව පිහිටා තිබීමෙන් කියැවෙන්නේ පුද්ගලයාගේ ස්ථාවර භාවයයි. නිශ්චල දේපළ, ඉඩකඩම් සහ වතුපිටි හිමිවන්නේ මැදැඟිල්ල මැනවින් පිහිටා ඇති අයටයි. විශේෂයෙන්ම මැදැඟිල්ලේ පුරුක් දිගු වීමෙන් පෙන්වන්නේ කාලයත් සමග ක්‍රමයෙන් ගොඩනැගෙන මහා ධනයකි.

බලය සහ නායකත්වය ගෙනෙන ගුරු ඇඟිල්ල (දබරැඟිල්ල)
දබරැඟිල්ල ඉතා ඍජුව සහ වෙදැඟිල්ලට වඩා තරමක් දිගු වී පවතී නම්, ඔහු හෝ ඇය සමාජයේ ඉහළම තනතුරු දරන රාජ්‍ය යෝග සහිත පුද්ගලයෙකි. ගුරු ග්‍රහයාගේ ආශීර්වාදය ලබන මෙවැනි අයගේ අණසකට යටත්ව අන් අය සේවය කරන අතර, ඔවුන්ට ලැබෙන වැටුප් හෝ ආදායම් මාර්ග ඉතා ඉහළ මට්ටමක පවතී.

සැප සම්පත් සහ පෞරුෂය දෙන සිකුරු ඇඟිල්ල (මහපට ඇඟිල්ල)
මුදල් ලැබුණත් ඒවා පරිහරණය කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට නම් මහපට ඇඟිල්ල මැනවින් පිහිටිය යුතුය. මහපට ඇඟිල්ල පිටුපසට නැමිය හැකි නම් (ත්‍කැංසඉකැ එයමපඉ), එම පුද්ගලයා ඕනෑම තත්ත්වයකට හැඩ ගැසෙන, මුදල් වියදම් කිරීමට ලෝභ නොවන අයෙකි. මහපට ඇඟිල්ලේ මැද පුරුකේ ‘යව’ (බාර්ලි ඇටයක හැඩය) ලකුණක් ඇත්නම්, ඔහු ජීවිතයේ කිසිදා මුදල් හිඟයකට මුහුණ නොදෙන වාසනාවන්තයෙකි.

මුදල් රඳවා ගැනීමේ රහස
ඔබේ අතේ ඇඟිලි පහම එකට තද කළ විට ඇඟිලි අතරින් එළිය පෙනේ නම්, එනම් හිඩැස් පවතී නම්, එයින් කියැවෙන්නේ ඔබේ අතට ලැබෙන මුදල් රඳවා ගැනීම අපහසු බවයි (වැය පස වැඩියි). එහෙත් ඇඟිලි අතර කිසිදු හිඩැසක් නොමැතිව තදින් පවතී නම්, ඔබ මුදල් කළමනාකරණයට දක්ෂ, කෝටිපතියකු වීමේ සම්භාවිතාව වැඩියෙන් පවතින අයෙකි.
ජ්‍යොතිෂයට අනුව අත්ලක රේඛා වෙනස් වුවද, ඇඟිලිවල මූලික පිහිටීම පුද්ගලයාගේ දෛවය සමග තදින් බැඳී පවතී. ඔබේ ඇඟිලිවල මෙවැනි විශේෂ ලකුණු තිබේදැයි අදම පරීක්ෂා කර බලන්න. විශ්ව ශක්තිය නිසි ලෙස හසුරුවමින් ඔබේ අතේ සල්ලි මැවෙන ඒ වාසනාවන්ත කාලය උදාකර ගැනීමට මේ රහස් ඔබට පාලමක් වනු ඇත.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

ප්‍රේතයෙක් වගේ නිදියලා හිඟන්නෙක් වෙනවද? නැත්නම් සිංහයෙක් වගේ ඇහැරිලා ලෝකයම දණගස්වනවාද? රෑට නිදාගන්න විදියෙන් හෙට දවස තීරණය වෙන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Next Post

ඊළඟට එන්නේ 65′ බලවේගයද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා...

Read more
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.