ශ්‍රී ලංකාවේ විශාලතම LP ගෑස් ආනයන හා බෙදාහැරීම් සමාගම සහ මෙරට LP ගෑස් වෙළඳපොළේ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, සිය භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම සඳහා විශේෂයෙන් සැකසූ ජංගම යෙදුමක් (Home Delivery Mobile App) හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේය. ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී මෙම හඳුන්වා දීම සිදුකෙරිණි. මෙමගින් රටපුරා විසිරුණු ලිට්රෝ ගෑස් නියෝජිතයන් හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට LP ගෑස් සිලින්ඩර ගෙනගොස් භාරදීමේ ක්‍රියාවලිය වඩාත් ඉක්මනින් හා පහසුවෙන් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.
ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කර ඇති මෙම යෙදුම ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් සරල හා පහසු කිරීමේ අරමුණින් නිර්මාණය කර තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාව/නිෂ්පාදනය තෝරාගෙන, ඉතාමත් සරල පියවර කිහිපයකින් පසුව එය නිවෙසටම ගෙන්වා ගැනීමට හැකිවනු ඇත. මෙය දැනට පවතින දුරකථන ඇමතුම් මගින් ඇණවුම් ලබාදීමේ ක්‍රමයට වඩා නවීන හා කාර්යක්ෂම ක්‍රමවේදයකි.
ජංගම දුරකථන සමග මෙන්ම ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සමගද භාවිතා කළ හැකි මෙම යෙදුම පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් මගින් කළමනාකරණය වන අතර, යෙදුම හරහා ලැබෙන ඇණවුම් අදාළ ලිට්රෝ ගෑස් නියෝජිතයන් වෙත යොමුකරනු ලබන්නේ මෙම මධ්‍යස්ථානය මගිනි.











