COVID-19 වසංගතය මෙරට දෙමාපියන්ට මෙන්ම දරුවන්ටද බරපතළ ලෙස බලපා තිබේ. නැවත පාසල් ආරම්භ කිරීම යනු ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා තබන්නා වූ වැදගත් පියවරකි. කෙසේ වුවද දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් පාසල් පිරිසිදු හා සුරක්ෂිත ස්ථාන බවට පත්කිරීම අත්‍යවශ්‍ය ය.
මෙම අවශ්‍යතාව හඳුනාගනිමින් ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන සන්නාමය වන ඇන්කර් නියෝජනය කරන කණ්ඩායමක් විසින් බියගම ප්‍රදේශයේ පාසල් පිරිසිදු කිරීම සඳහා විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී බියගම මධ්‍ය මහ විද්‍යාලය සහ බියගම ප්‍රාථමික විද්‍යාලය යන පාසල්වල පන්ති කාමර සහ උද්‍යාන ආදිය පිරිසිදු කිරීම සිදුකෙරුණු අතර දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද පැවැත්විණි.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් බියගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති යූ. වී. ගුණරත්න මහතා මෙසේ පැවසීය. “COVID-19 වසංගතය අප කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ දැවැන්ත අභියෝගයක් වුවත් මේ මොහොතේ පාසල් පරිශ්‍ර නිසි ලෙස නඩත්තු නොවීම නිසා මදුරුවන් බෝවීම ආදිය මගින් මතුවන අනෙකුත් අවදානම්ද අප කිසිසේත් අමතක කළ යුතු නැහැ. එම අවදානම් මගහරවා ගැනීමට අප වහාම පියවර ගත යුතු වනවා.
“අපගේ පාසලේ ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 2,000 කට අධිකයි. එම දරුවන් වෙනුවෙන් පාසල වඩාත් පිරිසිදු හා සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීම සඳහා කැපවීම සහ සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම කටයුතු සිදුකිරීම වෙනුවෙන් දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් ඇන්කර් කණ්ඩායමටත් මගේ ස්තූතිය මෙසේ පුදකිරීමට මා කැමතියි”











