ශ්‍රී ලාංකීය බිස්කට් නිෂ්පාදනයේ පුරෝගාමියා වන මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගම පසුගියදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) වෙතින් COVID-19 ආරක්ෂක කළමනාකරණ පද්ධති සහතිකය දිනාගනු ලැබීය. මෙමගින් ආයතනයක් ලෙස මැලිබන්, සිය වත්මන් නිෂ්පාදන අවකාශය තුළ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා සිදුකළ කාර්යයන් හි ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූ අතර, එමගින් ආහාර නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ මෙම සහතිකය ලත් පළමු නිෂ්පාදන සමාගම බවටද පත්ව ඇත.
සමාජීය වශයෙන් වගකිවයුතු මෙන්ම ඒ වෙනුවෙන් කැපවූ ආයතනයක් ලෙස සිය ආයතනික සේවකයින්ගේ, ගනුදෙනුකරුවන්ගේ සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මනා කළමනාකරණ දැක්මකින් දියත් කරනු ලැබූ COVID-19 ආරක්‍ෂක ක්‍රමවේදයන්හි සාර්ථකත්වය මෙම සහතික කිරීම තුළින් මැනවින් ප්‍රකට වන කරුණකි. තවද මෙම වසංගත තත්ත්වයේ අනාගත බලපෑම සම්බන්ධයෙන් කිසිදු විටෙක පූර්ව නිගමනයන් කළ නොහැකි බැවින්, COVID-19 වසංගත අවදානම් තත්ත්වයෙන් සමස්ත පරිසරයම නිදහස්ව නිෂ්පාදන කාර්යයන් සිදුකරනතුරු මෙම COVID-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධතිය නඩත්තු කිරීම හා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට මැලිබන් ආයතනය ක්‍රියාත්මකව ඇත.











