DFCC බැංකුවේ තිරසර අංශය මඟින් සංවිධානය කරන ලද පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි. මේ සඳහා එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා මහතා, කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි විය. වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරන ලද්දේ ප්‍රධාන විධායක නිලධාරිතුමන් විසින් නා පැළයක් රෝපණය කිරීමෙනි. මෙහිදී විවිධ වර්ගයේ නා, කුඹුක් සහ ඇහැල ඇතුළු අප රටට ආවේණික මෙන්ම වටිනා ශාක ප්‍රභේද රැසක් සිටුවන ලද අතර මේ සඳහා රිෆොරස්ට් ශ්‍රී ලංකා ආයතනය DFCC සහ කොළඹ මහ නගර සභාවද සහාය දක්වන ලදී. DFCC බැංකුවේ තිරසාර වැඩසටහන් ප්‍රධාන අංශ 4කින් සමන්විත වන අතර ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, පරිසර සහ ආපදා සහන එම සිව්විද අංශයි. ආර්ථික, සමාජයීය සහ පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් සැබැවින් කැපවුණු බැංකුවක් ලෙස DFCC බැංකුව තම කාර්යමණ්ඩලය, පාරිභෝගික ප්‍රජාව සහ අනෙකුත් පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් අනාගත පරපුර සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ‘සැමට ඉංග්‍රීසි’ අධ්‍යාපනික වැඩසටහන, ව්‍යාපාර සහාය වැඩමුළු, වෙරළ පිරිසුදු කිරීම්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලි, අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන්, ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන්, පැළ සිටුවීමේ ව්‍යාපෘති DFCC බැංකුව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන්ය.











