• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ආන්දෝලනාත්මක කුරුණෑගල රජ මාලිගය

August 8, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ආන්දෝලනාත්මක කුරුණෑගල රජ මාලිගය
Share on WhatsAppShare on Facebook

රාජධානි කියන වචනයත් සමඟම ලංකාවේ ප්‍රසිද්ධ වෙච්ච ස්ථාන, ප්‍රදේශ කිහිපයක්ම මතකයට නැඟෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය ඔය වගේ ප්‍රදේශ ගණනාවක්ම ඒ වචන අතර ඉහළින්ම තියෙනවා. හැබැයි ඒ වචන අතරින් පසුගිය කාලය පුරාවටම විද්‍යුත්, මුද්‍රිත වගේම සමාජ මාධ්‍යවලින් හරි හරියට කතාබහට යොමුවුණු අවධානය දිනාගත් වචනයක් තිබුණා. ඒ තමයි කුරුණෑගල කියන වචනය. ලංකාවේ බොහෝමයක් රාජධානි පිහිටි ස්ථාන ගැන ජනතාව නිතර නිතර කතා කළාට ඒ තැන් නරඹන්න ගියාට, ඊට සාපේක්ෂව කුරුණෑගල රාජධානියට තැනක් තිබුණෙ නැද්ද කියලත් කෙනකුට හිතෙන්න පුළුවන්. මොකද බොහෝ දෙනෙක්ට මේ කුරුණෑගල රාජධානිය කිව්වාම තරමක නුහුරු බවක් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

කුරුණෑගල රාජධානිය ගැන කතා කරද්දි කුරුණෑගල පැරැණි නගර නිර්මාණය ඒ කියන්නෙ ඉපැරැණි ගොඩනැඟිලි සහිත මාලිගා පරිශ්‍රය පිහිටි පැරැණි නගර සැලැස්ම තිබුණු බවට හෙළිවී ඇත්තේ ඇතුගල සීමා කරගෙන දෙපසින් ඇති කුරුමිණිගල හා ඉබ්බාගල අතර විහිදුණු බිම් තීරයකයි. අර්ධ කවාකාරව ඉදිකෙරුණු ප්‍රාකාරයක් සහිතව ඇතුගල් සිට කුරුමිණිගල දක්වා විසිරී පැවතුණු නටබුන් රාශියක් මේ වන විටත් දක්නට ඇත. දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව එය ඇතුළු නුවර ප්‍රාකාරය ලෙසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව කුරුණෑගල පැරැණි නගරයේ ඇතුළු නුවර පිහිටි සීමාවෙන් ක්‍රි.ව. 14 වැනි සියවසට අයත් පැරැණි රාජ මාලිගා පරිශ්‍රය පැහැදිලිව හඳුනාගෙන ඇත. මෙම පරිශ්‍රය තුළ දැකගත හැකි නටබුන් අතර පරිශ්‍රයේ දකුණු දෙසින් ගල් තලාවෙහි පඩි හතකින් යුත් පඩි පෙළකින් පසු හමුවන හතරැස් හැඩ ඇති ගොඩනැඟිල්ලක නටබුන් ඉතිරිව පවතී. ඉන් පහළ ගල් තලාවටද පඩිපෙළක් දැකිය හැකිය. මෙම ගල්තලා දෙක සම්බන්ධ කර වේදිකාවක් ඉදිකර තිබූ බවටද අනුමාන කළ හැකි නටබුන්ද එහි දක්නට තිබේ.

IV වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1302 – 1326) රජ දවස ඉදිකරන ලදැයි සැලකෙන දළදා මාලිගය කුරුමිණිගල සමීපයේ පිහිටා තිබී ඇති අතර කුඩා කඳු ගැටයන් වටා කැටයම් කළ ගලකින් නිමවූ ගොඩනැඟිල්ලක නටබුන්ද මෙම ස්ථානයේ දැකගත හැකිය. එසේම IV වන පරාක්‍රමබාහු රජු මෙම දළදා මන්දිරය සිය රාජමාලිගා පරිශ්‍රයේම ඉදිකර තිබූ බව මහාවංශයේද සඳහන් වේ. එසේම දළදා සිරිතෙහි දළදා වහන්සේ වෙනුවෙන් කළ පුද සිරිත්ද සටහන් කර ඇත. II වැනි බුවනෙකබාහු රජු දළදාව කුරුණෑගලට වැඩම කරවූවද එදවස ඉදිකළ දළදා මැඳුරේ ඉදිකිරීම් සොයා ගැනීමට අපහසුය. IV වැනි පරාක්‍රමබාහු රජ දවස ඉදිවූ දළදා මැඳුර මහල් තුනකින් නිමවා තිබූ බව මූලාශ්‍රයන් තුළ සඳහන් වේ. වර්තමානයේ හමුවන ශෛලමය දොරටුවට අනුව දළදා මැඳුර දැවයෙන් නිමවා තිබූ බවටද අනුමාන කළ හැකිය. කැටයම් සහිත ගල් පුවරු සිංහ රූපයක්, ඇත්රූප, ජගසිංහ රුවක් කවන්ධ ගණදෙවි රුවක් ආදී වූ විවිධ කැටයම් සහ නටබුන් රැසක්ද මෙම පරිශය තුළින් හමුවී තිබේ.

ඒත් සමඟම කුරුණෑගල වැවෙන් හමුවූ බවට පැවසෙන අඩි 32ක් දිග අඩි 5 1/2ක් පමණ පළල කුඹුක් ලීයෙන් නිම කරන ලද දැව ඔරුවක්ද මෙම ස්ථානයේ තබා ඇති අයුරු දැකගත හැකිය. පැරැණි රජ දවස මාලිගා පරිශ්‍රයේ සිට ඇතුගල දක්වා අඩිපාරක් විහිදී තිබූ බවටද සාක්ෂි, සාධක හමුවී ඇත.

එසේම මෙම පරිශ්‍රය තුළ හමුවන සිංහ රූපයන්හි උඩ අතට නැමුණු වල්ගය වක්‍රව දක්වා තිබේ. 1848 නිදහස් සටනට උරදුන් ඩිංගිරාළ මුන්තෙට්ටුහලදී අල්ලාගත් බි්‍රතාන්‍යයන් ඔහුව නුග ගසකට බැඳ වෙඩි තබා ඝාතනය කළ තැන ඔහු සිහිවීමට ඉදිකළ ගල්ටැඹක්ද මෙම පරිශ්‍රය තුළම දැකගත හැකිය.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

දේශපාලනයෙන් මං බැට කෑවා

Next Post

සෙලාන් බැංකුව ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය නවීකරණය කිරීමට අනුග්‍රාහකත්වය ලබා දෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.