ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.Sri Lanka Latest News
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට ඊයේ (29) දිනය තුළ මි.මී 274ක වාර්ෂාපතනයක් ලැබී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
මේ අතර, මන්නාරමේ පොර්ටකනි ප්‍රදේශයට මි.මී.210ක් සහ මන්නාරමේ, මඩු ප්‍රදේශයට මි.මී. 193ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයයේ දුනමාලෙයි වත්ත ප්‍රදේශයට මි.මී.181ක වාර්ෂාපතනයක් ලැබී ඇති අතර, ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයට මි.මී 121ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.








