• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 14, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ සුබසාධන රාජ්‍යයේ ප්‍රධාන පදනම වුවත් වර්තමාන අධ්‍යාපන පද්ධතිය වාර්ෂික රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතා සමඟ නොගැළපෙන, රැකියා ලබාගැනීමට අපහසු උපාධිධාරීන් දහස් ගණනක් බිහි කරන බවත් මෙහි දී කටපාඩම් අධ්‍යාපනය ඇතුළු පාසල් විෂය නිර්දේශවල නොගැළපීම සහ භාෂා අයිතිවාසිකම් දේශපාලනීකරණය වීම අධ්‍යාපන ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රට තුළ පාසල් 10,000කට අධික සංඛ්‍යාවක් තිබුණත් ජාතික පාසල් සහ ප්‍රමුඛ පාසල් සීමිත සංඛ්‍යාවක් වැඩි සම්පත් සහ පහසුකම් භුක්ති විඳින බවත් බහුතර පාසල් තවමත් අඩු පහසුකම් යටතේ ක්‍රියාත්මක වන බවත් සුබසාධන රාජ්‍යයේ අරමුණ වූයේ අසමානතා අවම කිරීම වුවද, වර්තමානයේ එම පද්ධතිය තුළම විෂමතා තවදුරටත් පුළුල් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මෙම ව්‍යුහාත්මක ගැටලු විසඳා ගැනීමට සහ ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ තරඟකාරීත්වය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ (AIIA) නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

AIIA වික්ටෝරියානු ශාඛාව විසින් ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවක නියැලී සිටින මෙම නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන, ආර්ථික සහ සමාජීය භූ දර්ශනය පිළිබඳ පුළුල් සාකච්ඡාවක නිරත විය. දෙපාර්ශ්වය අතර ඇතිවූ මෙම සාකච්ඡා රටේ වත්මන් දේශපාලන පරිසරය, නැගී එන සමාජ ගතිකත්වය සහ දේශීය දේශපාලනයට විකාශනය වන ජාත්‍යන්තර වර්ධනයන්හි බලපෑම කෙරෙහි ද අවධානය යොමු කළේය.

මෙම ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ AIIA කවුන්සිලයේ සාමාජික සහ දකුණු ආසියානු වැඩසටහනේ සම-ප්‍රධානී ප්‍රකාශ් මිර්චාන්දනි සහ රිචඩ් අයන් විසිනි. මෙම නියෝජිත පිරිසට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ විද්වතුන්, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති විශේෂඥයින් සහ සිවිල් සමාජ නියෝජිතයින් යනාදී පිරිසක් ඇතුළත් විය.

මෙම හමුව අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග සහ අවස්ථා පිළිබඳ තම ඉදිරි දර්ශනය පැමිණ සිටි පිරිස සමඟ බෙදා ගත් අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත්කම, ආර්ථික ස්ථාවරත්වය, සමාජ සහජීවනය සහ ඵලදායී ජාත්‍යන්තර සම්බන්ධතාවය ද අවධාරණය කළේය. තිරසාර සංවර්ධනය සහ පාලනය පිළිබඳ මහජන විශ්වාසය සහතික කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුකූලතාව සහ ආයතනික ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහි දී අවධාරණය කළේය.

රට පුරා කළ පුළුල් අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන භූ දර්ශනය පිළිබඳ අවංක අදහස් හුවමාරුවක නිරත වීමට සහ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව නියෝජිත පිරිස අගය කළහ.

SendShareShare
Previous Post

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Next Post

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.