හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් ඊයේ දින පැවැත්වූ සිය මංගල උත්සවයේ දෙවැනි ගමනේ තවත් විස්තර මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.Sri Lanka Latest News
වතුකරය නාය ගොස් වතුකරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්ව සිටියදී සහ මුළු රටම ඛේදවාචකයක් බවට පත්ව තිබියදී ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ රාත්‍රියේදී සිය විවාහ මංගල්ලයේ දෙවැනි ගමන කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වීමට කටයුතු කර තිබිණ.
ඒ, ඉන්දියාවේ චෙන්නායිහිදී ගනු ලැබූ සුපිරි විවාහ මංගල උත්සවයකින් අනතුරුවය.
ඒ අනුව ඊයේ රාත්‍රි පැවැති දෙවැනි ගමනේ උත්සවයට පක්ෂ විපක්ෂ මැතිඇමැතිවරුන් විශාල පිරිසක් එක්ව ඇති බව දැනගන්නට තිබේ.
නමුත් ආරාධනා ලැබූ තවත් විශාල පිරිසක් රටේ මතුව ඇති ආපදා තත්ත්වය හේතුකොටගෙන ඊට සහභාගී වී නැති බවක්ද දැනගන්නට ඇත.
මීට අදාළ තවත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.









