• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රවි අපලයට විසඳුමක්

July 25, 2020
in Astrology
Reading Time: 1 min read
A A
රවි අපලයට විසඳුමක්
Share on WhatsAppShare on Facebook

කෙනෙකුට සතුට, සැප සම්පත් ලැබෙන්නේත් දුක, කඳුළ, කරදර විඳින්නට වෙන්නේත් ග්‍රහ මණ්ඩලයේ භ්‍රමණය අනුවය. ඒ ඒ ග්‍රහයන් ගෝචර වන ස්ථාන අනුව එකිනෙකාට ලැබෙන ප්‍රතිඵල වෙනස්වේ. එනිසා සෑම ජන්මියකුම නවග්‍රහයන්ගෙන් ලැබෙන හොඳ නරක ඒ ජන්මියාගේ උත්පත්ති කේන්දරේ ග්‍රහ පිහිටීම අනුව සොයාගත හැකි වෙයි. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සේ සැලකෙන රවි ග්‍රහයාද ජන්මියකුට විවිධාකාර සුබ අසුබ ලබාදෙන ප්‍රධාන ග්‍රහයෙකි. මේ නිසාම රවිගේ මහ දශා, අතුරු දශා මෙන්ම රවිගෙ අපල පිළිබඳවත් දැන සිටීම ඉතාමත් වැදගත්වේ.

රාශි චක්‍රයෙන් ජන්මියකුගේ පෞරුෂය ලැබෙන ධනය, සහෝදර සහෝදරියන් ගේදොර, යාන වාහන, අධ්‍යාපනය, රෝග, මාරක මරණ, පෙර පින්, රැකියාව, ඉපැයීම් හා වැයවීම්ද පෙන්නුම් කරයි. මේ ස්ථාන අතරින් රවි ග්‍රහයා ගෝචර වීම අනුව ඒ ඒ ස්ථානවලින් ලැබෙන සැප හෝ දුක් උරුම වෙයි. රවි ග්‍රහයාට සුබ ස්ථානයක ගෝචරයකු වුවද ජන්මියාට අසුබ පල දෙන අවස්ථා එමටවත් තිබේ. එසේ වීමට ජන්මියකුගේ උපන් කේන්දරයේ රවි ග්‍රහයාගේ දුබලතාව බලපායි. උපන් කේන්දරයේ රවි ග්‍රහයා භංග නොවන නීචයක පසුවේ නම් එම රවි 20 වැනි දෙර්කාණාධිපති හෝ 64 නවාංශකාධිපති වේ නම් හෝ චර නවාංශකාධිපති වේ. බොහෝ නරක පල ලබාදේ.

එමෙන්ම රවි නිදනාමිශ හෝ අෂ්ටමාංශගත වී ඇත්නම්ද රවිට අසුබ දෘෂ්ටි ලැබේ නම්ද ජන්මියාට බොහෝ අසුබ ප්‍රතිඵල රාශියක් ගෙන එනු ඇත.

රවි ග්‍රහයා ප්‍රධාන වී යෙදෙන අපලයන්ද ජ්‍යොතිෂයේ සඳහන්වේ. ඒ පාඩත අපලයයි. මෙහිදී ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා සිටින රාශිය හරහා පාපී අසුබ ග්‍රහයකු ගමන් ගන්නා විට මෙම අපලය ජන්මියාට උදාවෙයි. පාඩත අපලය ඇති ජන්මියාට බලාපොරොත්තු බිඳවැටීම, මානසික පීඩා, නිතර අඬදබර ඇතිවීම, ශරීර සෞඛ්‍ය දුර්වල වීම ආර්ථික පරිහානිය සහ තමන්ගේ රැකියාවේද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවේ. එමෙන්ම ජන්මියකුට උන්හිටි තැන් පවා අහිමි කරන්නට පාඩත අපලයට හැකි බව ජ්‍යොතිෂ විශ්වාසයයි.

ජන්ම පත්‍රයෙන් රවි ග්‍රහයා මෙවැනි අපලකාරී තත්ත්වයකට පත්ව ඇත්නම් ඊට සුදුසු පිළිවෙත් කර අපලය දුරුකර ගැනීම අනිවාර්ය කටයුත්තකි. අපලයක් යනු පෙර කළ පව් පලදීමකි. එනිසා අපලය කලින් හඳුනාගෙන ඊට පිළිවෙත් කොට සිදුවීමට නියමිත අසුබ ක්‍රියාකාරීත්වයන් පාලනය කරගත හැකිය.

ජන්ම පත්‍රයක රවි ග්‍රහයා අපල කරන තත්ත්වයකට පත්වී ඇති බව දැනගත් විගස සියල්ලට පෙර තමන් දැහැමි දිවියකට නැඹුරු විය යුතුය. පස්පවින් වැළකී ගුණ දහම් වඩවන ක්‍රියාවන්ගේ නිරත වීමෙන් බරපතළ තත්ත්වය අඩුකර ගත හැකිය. එසේම රවිගෙන් අපල ඇති අය ගමන් බිමන් යෑමේදී රිය පැදවීමේදී මෙන්ම යම් යම් අනතුරුදායක කටයුතුවලදී වඩාත් කල්පනාකාරීව වැඩකළ යුතුය. නිතරම තම ඉෂ්ට දේවතාව සිහිකරමින් පිහිට පැතීමද සුදුසුවේ.

මෙයට අමතරව පෙර සඳහන් කළ ආකාරයට යහපත් පුද්ගලයකු වී ඉන් පසුව රවි අපලයට වත්පිළිවෙත් සිදු කිරීමෙන් වඩාත් උසස් ප්‍රතිඵල ලැබේ. එහිදී ශිව දෙවියන්ට පුදපූජා පැවැත්වීම ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව විෂ්ණු දෙවියන්ට හෝ කතරගම දෙවියන්ට සෙත් කවි කීම, රතු නෙලුම්, රතු අරලිය, රත්මල් වැනි රතු පැහැයෙන් යුතු මල් සර්වඥ ධාතූන් උදෙසා පූජා කර බෝධිපූජා පැවැත්වීම, ඉඹුල් ගසක් සිටවා එයට සත්කාර කිරීම, ඉඹුල් සෙවණක මොහොතක් ගත කිරීම සහ රවි ග්‍රහයාට අදාළ ග්‍රහදාන දීමද සුදුසුවේ. මෙයට අමතරව රතු රෙදි, රතු පරිප්පු, රතු සීනි වැනි දේ සිල්වත් ගුණවත් අය හට ලබාදීම මඟින්ද රවි ග්‍රහ දොස් දුරුකර ගත හැකිය.
මරණයට කැපවූ ගවයන්, කුකුළන්, ඌරන් වැනි සතුන්ද සිරවූ ගිරවුන්, පරවියන් වැනි සතුන්ට නිදහස ලබාදීම තුළින්ද, අටපිරිකර පූජාව, ධර්ම දානය, කැසිකිළි, වැසිකිළි තැනීම තුළින්ද ඉඹුල් කොළ තැම්බූ ජලය ස්නානය තුළින්ද රවි අපල දුරුවනු ඇත. එසේම කිරි අම්මාවරුන්ට දානයක් දී එම දානය වෙනුවෙන් තැනූ ආහාර, අඟහිඟකම් නැති ධනවතුන් හට බෙදාදීමෙන්ද සහනයක් උදාකරගත හැකිවේ.

රවි ග්‍රහ අපලය සඳහා පුද පූජා කටයුතු කිරීමේදී පූජා වට්ටිය, රතුමල්, රත්හඳුන්, පද්ම රාග හෝ රතුකැට, තිරිඟු පිටි, රතු වදමල් මාලා, රතු රෙදි, රතු කොඩියක්, ඉඹුල් කොළ, සුනු සහල් බත්, උක් හකුරු මිශ්‍ර කිරිබත් සහ තුරඟ රූපයක්ද තැබීම සුබපල වැඩි කරන කරණාවන් බවද අමතක නොකළ යුතුය.
තරුපති ගෝවින්ද

SendShareShare
Previous Post

වසල දේශපාලනයට ගහපු අමුඩෙ

Next Post

හෙවණැල්ලත් අහිමි කරවන වාස්තු දෝෂ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.