• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුවට අකුරු කියවන්නේ කොහොමද

July 25, 2020
in Astrology
Reading Time: 1 min read
A A
දරුවට අකුරු කියවන්නේ කොහොමද
Share on WhatsAppShare on Facebook

දරුවකු යනු පවුලකට, ගමකට, රටකට වටිනා සම්පතකි. එනිසාම දරුවකු නැණයෙන්, ගුණයෙන් පිරිපුන් පුද්ගලයකු ලෙසට පත්කිරීම මවුපියන්ගේ යුතුකමක් සහ වගකීමකි. එම වගකීමේ ප්‍රධාන කාර්යභාරයක් වන අධ්‍යාපනය ලබා දීමට මූලික අඩිතාලම යෙදෙන්නේ දරුවාට අකුරු කියැවීමේ කටයුත්තේ සිටයි. පිරිමි දරුවකු නම් අවුරුදු තුනක් පිරීමට පෙර අකුරු කියැවීම සම්ප්‍රදාය වන අතර, අතීතයේ මේ කටයුත්ත සඳහා සම්බන්ධ කරගන්නේ ගමේ වැඩිහිටියකු, උගතකු හෝ බුද්ධිමතෙක් යැයි සැලකෙන විශේෂිත කෙනෙකි. ඒ අතර පාසලේ විදුහල්පති, පන්සලේ හාමුදුරුවෝ හෝ ගමේ වෙද මහතාටද ප්‍රධාන තැනක් හිමි විය. එහෙත් අද වෙද්දි තත්ත්වය යම් තරමකට වෙනස් වෙමින් මව හෝ පියා අකුරු කියවන කටයුත්තට මුල්වන බව පෙනී යයි.

අකුරු කියැවීමේ කටයුත්තට කාලය ආසන්න වෙද්දි සුදුසු ජ්‍යොතිෂවේදියකු හමුවී දරුවාගේ කේන්දරය පරීක්‍ෂා කර සුදුසු දිනයක්, නැකැතක් සාදවා ගතයුතුය. ඉන්පසුව අදාළ දිනයට පෙර දින පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා ආශීර්වාද ලබාගැනීමෙන් දරුවාගේ අනාගතයට සෙතක් සිදුවෙයි. අධ්‍යාපනය නිසි අයුරින් පිහිටන්නටද එය ශක්තියක් වෙයි.

අකුරු කියවන දිනයේ සුබ මොහොතට පෙර නුවණට අධිපති ගණ දෙවියන්ට සහ හෙළ කලාවට අධිපති සරස්වතී දේවියට පූජාවන් තැබිය යුතුය. එම පූජාව තැබීමේදී පිරිසුදුකර කහ දියර ඉස පිළියෙළ කරගත් විශේෂිත තැනක් සූදානම් කරගත යුතු අතර, එම ස්ථානයේ මේසයක් තබා ඊට සුදු පිරුවටයක් එළා සූදානම් කරගන්න. ඒ මත ගණ දෙවියන්ගේ හා සරස්වතී දේවියගේ ඡායාරූප හෝ ප්‍රතිමා දෙකක් තබාගන්න.

ඉන්පසුව වෙන වෙනම දෙවියන් සඳහා පූජා වට්ටි සකස් කළ යුතුය. ගණ දෙවියන්ට වෙනම පූජා වට්ටියකුත්, සරස්වතී දේවියට වෙනම පූජා වට්ටියකුත් ලෙස සකස් කරගත් පූජා වට්ටි දෙක දරුවා ලවා දේව රූප ඉදිරියේ තැන්පත් කරවන්න. පසුව දෙවිවරු වෙනුවෙන් පහන් දෙකක් දල්වන්න. ඊට අලුත් පහන් තැටි දෙකක් සපයාගත හැකිනම් වඩාත් ගැළපේ. ඉන් අනතුරුව සුවඳ දුම් අල්ලා හඳුන් කූරු ආදියද දැල්විය යුතුය. එසේ සූදානම් කළ පූජා ස්ථානය වටා තෙවරක් දරුවා දක්‍ෂිණ වෘත්තව පැදකුණු කරවන්න. ඉන්පසු දේව රූප සහිත පූජා මේසය ඉදිරිපිට දරුවාව හිඳුවන්න. වාඩි වූ දරුවාට දේව රූප පෙනෙන ආකාරයේ උසට ගැළපෙන මේසයක් මේ සඳහා යොදාගත හැකිනම් වඩාත් සුදුසු වෙයි.

දරුවා වාඩි කරවූ පසු මවුපියන්ද එම ස්ථානයේ වාඩි වී දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා ගණ දෙවියන් සහ සරස්වතී දෙවියන්ගෙන් පිහිට පතා දෙවියන්ට පින් දීමෙන් පසුව සුබ මොහොතකට දරුවාට අකුරු කියවන්න.
මේ කටයුත්තේදී ඒ ඒ දරුවාගේ කේන්දරය පරීක්‍ෂාවෙන් පසුව සුදුසු අකුරු ජ්‍යොතිෂ මහතා සඳහන් කරනු ඇති සුබ මොහොතට එම අකුරක් කියැවීමෙන් වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට දරුවාට අවශ්‍ය ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබෙනු ඇත.
පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය
* පලතුරු වර්ග 5යි. (අඹ, කෙසෙල්, දොඩම්, උක්දඬු, තැඹිලි, දිවුල් වැනි පලතුරු විශේෂයෙන් සුදුසු වෙයි.
* කැවිලි වර්ග 5යි. (එහිදී කොණ්ඩ කැවුම්, අග්ගලා, හා කිරියා කෑලි වැනි කැවිලි විශේෂ වෙයි.)
* උක් හකුරු
* මුංඇට සහ එළකිරි යොදා සැකසූ කිරිබත්
* කහ, රතු, සහ සුදු මල් යොදා සැකසූ මල්මාලාවක්
ඉහත සඳහන් වර්ගම සොයාගත නොහැකි නම් ඊට ආදේශකයන් යොදා ගැනීමද වරදක් නොවේ. වඩාත් වැදගත් වන්නේ කටයුතු කාරණා, සඳහා සැදී පැහැදී කටයුතු කාරණා ඉටුකිරීමයි.

ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

මහණවෙලා දවස් හතෙන් පැයකටත් වැඩිය බණක් කිව්වා

Next Post

හැමෝම බලන්නේ නිර්මාණ ගැන නොවේ මුදල් ගැනයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.