• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහණවෙලා දවස් හතෙන් පැයකටත් වැඩිය බණක් කිව්වා

July 25, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
මහණවෙලා දවස් හතෙන් පැයකටත් වැඩිය බණක් කිව්වා
Share on WhatsAppShare on Facebook

අද ජූලි 26, අදට හරියටම සති දෙකකට කලින් ඒ කියන්නේ ජූලි 12 වැනිදා සමාජ මාධ්‍ය ජාලයට හරි අපූරු වීඩියෝවක් එකතු වෙනවා. මේ වීඩියෝව දවසෙන් දෙකෙන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් නරඹනවා. ඒ වීඩියෝව තමයි ප්‍රවීණ මාධ්‍යවේදී හරේන්ද්‍ර ජයලාල් මහත්මා සිය ‘යූ-ටියුබ්’ නාලිකාව වෙනුවෙන් විචිත්‍ර ධර්මදේශක, පූජ්‍යපාද කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ සමඟින් කරපු සම්මුඛ සාකච්ඡාව. සිය ධර්මදේශනා ඇසුරින් මෙරට පමණක් නොව ලෝකය පුරා ජීවත් වන බොහෝ පිරිසක් යහමඟට ගන්නට හැකියාව ලද උන්වහන්සේ පක්‍ෂ, පාට, ආගම්, කුලමල භේදයකින් තොරව කාගෙත් හදවත් තුළ මුල් ඇදගත්තා. උන්වහන්සේ කිසිදු භේදයක් නැතිව හැම කෙනකුටම අමතන හරි අපූරු වචනයකුත් තිබුණා. ඒ තමයි ‘පුතා’ කියන වචනය. කාගම හාමුදුරුවන්ගේ බණක් කියලා ආරංචියක් ගියොත් රැස්වන ජනතාව පිළිබඳව ස්ථීර තීන්දුවක් ගන්න ධර්ම දේශනා සංවිධායකවරුන්ටත් බැරි වුණා. එතරම් විශාල ජනගඟක් උන්වහන්සේ වටා එකතු වුණා. මොකද්ද ඒ රහස කියලා උන්වහන්සේ මේ සාකච්ඡාවේදී පැහැදිලිවම කියනවා.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගිහිකාලේ නම මොකද්ද?
මුල් කොටස අනුර
එතකොට අනෙක් කොටස මොකද්ද?
අනුරසිරි ගුණරත්න. ඉතින් ඒ කාලේ අපේ ගෙදර ඔක්කොගෙම නම් ටික ගත්තාම කවියක් වගේ.
ඒ නම් ටික කියන්නකො බලන්න?
ලොකු අයියා චන්ද්‍රසිරි රාජරත්න, අනෙක් අයියා නන්දසිරි තිලකරත්න, ඊළඟ අයිය ධර්මසිරි විජේරත්න, මම අනුරසිරි ගුණරත්න, ඊළඟ මල්ලි නිමල්සිරි නවරත්න, අනෙක් මල්ලි සුමනසිරි වික්‍රමරත්න.
ගැහැනු සහෝදරියන්ගෙත් එහෙමයි. රංජනී හේමලතා ගමගේ, කාන්ති රූපලතා ගමගේ, දමයන්ති රූපලතා ගමගේ, ශීරෝමනී පද්මලතා ගමගේ.
පවුලෙ සහෝදර සහෝදරියො දහදෙනෙක්ද අපේ හාමුදුරුවනේ?
ඔව්. දහදෙනයි.
අපේ හාමුදුරුවෝ මහණ වෙන්නේ වයස කීයෙන්ද?
මම මහණ වෙනකොට වයස අවුරුදු 23යි.
ඒ කොයි කාලෙද?
හරියටම 1993 අවුරුද්දෙ.
ඔබ වහන්සේ මහණ වෙනකොට රැකියාවක් කරමින් හිටියද?
නැහැ. එතකොට ගොවිතැන් කටයුතු තමයි කරමින් හිටියේ.
අපේ හාමුදුරුවෝ මහණවෙන්න පන්සලට ඇවිල්ලා කොයිතරම් කාලයක් ඇබිත්තකම කළාද?
මං කොහොමත් මහණවෙන්න කලිනුත් ඇබිත්තයා තමයි. පන්සලට එන්න කලින් මම අවුරුදු දහයක්, පහළොවක් විතර හාමුදුරුවෝ ආශ්‍රයේමයි හිටියේ.
කොයි පන්සලේද හාමුදුරුවෝ මහණ වුණේ?
මං මහණ වුණේ පහමිණියාගම. ඒ කියන්නේ මෙතැන ඉඳලා කිලෝමීටරයකට විතර දුරින් තියෙනවා පොඩි පන්සලක්. ඒකේ තමයි මහණ වුණේ. එතකොට පොල්අතු වහපු කුටියක් තමයි පන්සලේ තිබුණෙ.
හාමුදුරුවන්ට මහණවෙන්න හිතෙන්න බලපාපු ප්‍රධානම හේතුව විදියට මොකද්ද කියන්න තියෙන්නෙ?
මම භික්‍ෂු ජීවිතේට ආශාවක් තිබුණා. එහෙම නැතිව විශේෂිත සම්බාධක යෙදිලා නැහැ. හැබැයි ගොඩක් අය මගෙන් අහලා තියෙනවා අවුරුදු 23දී මහණ වෙන්න මොකක් හරි බලපෑමක් තිබුණද කියලා.
ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතාවක් බලපෑවද කියලා?
ඔව්.
ඇත්තටම ඒ කාලේ අපෙ හාමුදුරුවන්ට ප්‍රේම සම්බන්ධතා තිබුණාද?
මට ගොඩක් යෙහෙළියො ඉඳලා තියෙනවා. හැබැයි පෙම්වතියො නෙවෙයි.
අපේ හාමුදුරුවන්ගෙ පවුල් පසුබිම කොයිවගේද?
අපි ගොවි පවුලක්. රජරට වන්නියෙ ගොවිතැන් ඔක්කොම කළා. තල, කුරහන්, වී, කවුපි, උඳු, බඩඉරිඟු, සෝගම් වගේ දේවල්. ඒ කාලේ හරකුන්ගෙන් හෑවේ. කර්කශ ජීවිතයක් තිබුණේ. ගිහිකාලේ ජීවිතෙත් කටුමැටි ගහපු පොඩි ගෙදරක හිටියෙ. අපි දරුවෝ දහයක් හිටියට කාමර දෙකයි අපට තිබුණේ. ඊට පස්සෙ මං පැවිදි වුණෙත් පොල්අතු පැලකමයි. මට මතකයි මම පැවිදි වෙන්න යන්න හදනකොට හාමුදුරුවෝ මගෙන් ඇහුවා කොහෙවත් යන්නෙ නැතිව මෙහෙ පැවිදිවෙන්න බැරිද කියලා. ඊට පස්සෙ මං කිව්වා මට ගැටලුවක් නැහැ හාමුදුරුවනේ. මෙහෙ පැවිදි වෙන්න පුළුවන් කියලා. එතකොට ලොකු- හාමුදුරුවෝ කිව්වා හැබැයි මට වස්තුව නම් නැහැ කියලා. මං කිව්වා පැවිද්ද නමැති වස්තුව විතරක් ලැබුණාම ඇති කියලා. ඊට පස්සෙ ඒක මට දෙන්න පුළුවන් කියලා හාමුදුරුවෝ කිව්වාම මම නතර වුණා. හාමුදුරුවෝ කාමරේ නිදාගන්නවා මම එළියෙ. ඉස්තෝප්පු කෑල්ලෙ බූරු ඇඳක් දාගෙන ඒකේ නිදාගත්තා.
ඒ කාලේ දානෙ එහෙම ලැබුණද?
ඔව්… ඔව්… දානෙ ලැබුණා. ගමේ හරිම අහිංසක මනුස්සයො ඉන්නෙ. නමුත් දානෙ කවදාවත් වරද්දන්නෙ නැහැ.
අපේ හාමුදුරුවෝ මුලින්ම බණ කියපු දවස මතකද?
මං මහණවෙලා දවස් හතයි. හරියටම එදා අපේ ලොකු හාමුදුරුවෝ බණක් බාරගෙන තිබුණා හත් දවසේ ධර්ම දේශනාවක්. මනුස්සයා කෝච්චියට පැනලා මැරිලා තිබුණෙ. බණ බාරගෙන තිබුණු දවසට කලින් දවසෙ මහලොකු වැස්සක් තිබුණා. ඒ වැස්සට මේ හැවැන්ඇල්ල ඔය පිටාර දැම්මා. ලොකු හාමුදුරුවෝ වතුරට බයයි. පාලමෙන් ගොඩවෙන්න බැහැ වතුර සාමාන්‍යයෙන් ඉණවටක් විතර තිබුණා. ඒ ගමන අර මිනිස්සු ආවට පස්සෙ හාමුදුරුවෝ ඒ මිනිසුන්ව පන්නලා දැම්මා. මට බණ කියන්න යන්න පුළුවන්ද මේ වතුරේ තොපි මාව මරන්න නේද හදන්නෙ කියලා කිව්වා. ලොකු හාමුදුරුවෝ වයස නිසා ඇත්තටම හාමුදුරුවන්ට යන්න බැහැ. ඉතින් මිනිසුන්ටත් ඒක තේරෙන්න ඕනෑ. නමුත් තේරුම් නොගෙන බලකරන කොට හාමුදුරුවන්ට කේන්ති ආවා. ඉතින් හාමුදුරුවෝ බැන්නාම ඒ මිනිස්සු අපහසුතාවට පත්වුණා. රෑ බණට පැය දෙකක් විතර තිබුණෙ, ආයෙ හාමුදුරු කෙනෙක් හොයාගන්න තැනකුත් නැහැ. ඊට පස්සෙ මම ගාවට ආවා. මම මහණවෙලා. දවස් හතයි කියලා ඒ මිනිස්සු දන්නෙ නැහැ. ඉතින් මට විස්තරේ කිව්වා, කියලා ඇහුවා ඔබ වහන්සේට බණට වඩින්න බැරිද කියලා. මම ගිහින් හාමුදුරුවන්ගෙන් ඇහුවා. උන්වහන්සේ මා දිහා බලලා ඇහුවා පුළුවන්ද ගිහින් කරන්න කියලා. මම පුළුවන් කියලා ගියා. එදා මම ධර්ම දේශනාව පැයකුත් විනාඩි පහළොවක් කළා. බණ කියලා ඉවරවෙලා මම කිව්වා මම පැවිදි වෙලා දවස් හතයි. ඔයාලගෙ අඩුව සම්පූර්ණ කරන්න ආවා මිසක් ධර්ම ඥානය තිබිල ආවා නෙවෙයි කියලා.
එදා මං කෝච්චියට පැනපු මිනිහගෙ කර්මශක්තිය ගැන තමයි කිව්වේ. මනුස්සයෙක් වෙලා ඉපදෙන්න කොච්චර වාසනාවක් තියෙන්න ඕනද, ඒ වාසනාවට පයින් ගහපු මේ මිනිහා මතුභවයේ කොතැන උපදීද කියලා මම ඇහුවා. ඒ නිසා අඬන්න එපා කිව්වා. පෙරේත වැඩක් කළොත් පෙරේතයෙක් තමයි වෙන්නෙ කියලා කිව්වා. ඇත්ත කතාවත් ඒකම තමයි.
ඔබ වහන්සේ අද වගේම එදත් ඇත්තම කියලා?
ඔව්. මං මගේ ගිහි කාලෙත් ඇත්තම තමයි කිව්වෙ.
ඔබ වහන්සේට පැයේ බණ කියලා දෙයක් නැහැ නේද?
පැයට නම් බණ කියන්න බැහැ තමයි. මට සාමාන්‍යයෙන් පැය දෙකකට එහා කාලයක් අවශ්‍ය වෙනවා.
ඒ කාලය ඔබ වහනf්ස්ට වෙහෙසක් නෙවෙයිද?
නැහැ. මට පැය පහක් වුණත් එක දිගට කියන්න පුළුවන්.
අපූරු, අමුතු වෙනස් ශෛලීය අපේ හාමුදුරුවන්ට හුරුවුණේ කොහොමද?
මේ රජරට වන්නියෙ ඉතින් අමුතු භාෂාවක්නෙ තියෙන්නෙ. ලංකාවේ ඉතින් ඔය මොන පරිසරේ හිටියත් ඇත්තටම ලංකාවේ අපි ඔක්කොම වන්නියෙ තමයි. ඒනිසා ඒ මිනිසුන්ට සමීප භාෂාවකින් එපැයි කතා කරන්න. ආරූඪ කරගෙන එක එක දේවල් කිව්වට තේරෙන්නෙ නැහැනේ. පාලි තේරෙනවද මේ මනුස්සයන්ට.
ඔබ වහන්සේ ධර්ම දේශනාවලදී ගීත උපුටා දක්වන්න හේතු වුණේ මොකද්ද?
මිනිසුන්ට සමීප භාෂාවක්නෙ ගීතය කියලා කියන්නෙ.
ඔබ වහන්සේ මේ වැඩඉන්න පන්සල අපි හඳුන්වන්නෙ කොහොමද?
පහමිණියාගම සිරිසමාධි මහා විහාරය.
මෙතැන හරිම සුන්දර තැනක්. ඈතින් කලාවැව පේනවා. කලාවැව පිස එන සිසිල් සුළඟ අපේ ගත දැවටෙනවා. ඔබවහන්සේ මේ කලාවැවත්, අවුකන පිළිමයත් ගැන ලියැවුණු ගීතයක් ගැන නිතරම කියනවා ඇයි ඒ?
කලාවැවයි, අවුකන පිළිමයටයි මම ගරු කරනවා, වන්දනා කරනවා. ඒවා අපේම නෑයොනෙ හදලා තියෙන්නෙ. මාත් කලාවැව පහළ කාගම පිළිමෙ නෙළපු ගල්වඩුවන් කලාවැව පල්ලෙහා ගල්වඩුවාගම. ඒ හින්දා මට හිතෙනවා අපි නෑයො වෙන්න ඇති කියලා. ඒ නිසා එය පාදක කරගෙන ලියැවෙච්චි ගීතයටත් මම ආදරෙයි.
ඇයි ඔබවහනසේ නගරබද අසපුවකට වඩින්නට තිරණය නොකළේ?
පහසුකම් ඕනෑ තරම් තියෙන හින්දා.
පහසුකම් මෙහෙ තියෙනවද?
පහසුකම මේක තමයි. සතුටින් ජීවත් වෙන්න ඕනෑ පහසුව තියෙනවා කියලා කියන්නෙ නිදහසනේ. ඒකට අවශ්‍ය වටපිටාව තියෙනවා නම් ඒක තමයි පහසුව. යාන-වාහනවල තෙල් දුම, දූවිල්ල සද්දෙ ඇහෙන කර්කශ කොන්ක්‍රීට් ගොඩවල්වල උණුසුම දැනෙන, ඇළක, දොළක ගහකොළයක සිසිලසක් නැති, සතා සිවුපාවාගෙ හඬක් ඇහෙන්නැති, පරිසරයක කොන්ක්‍රීට්වලින් අසපුවක් හදලා මොකටද? ඉස්සර මම මෙතැනට ටිකක් එහා පාර අයිනෙ පන්සලේනෙ හිටියෙ. ඉතින් එතකොට මම පාඩම් කරන්න ආවේ ඔය මෙතැන තියෙන ලොකු ගල උඩට. ඒ ඉද්දි මට හිතුණා ඉස්සර රජදරුවො පන්සලක් හැදුවේ ඊට උචිත ස්ථානයක් බලලා. ඒ කියන්නේ ගමෙන් චුට්ටක් දුරස්වෙච්චි හුදකලා තැනක. බලන්නකො රජමහා විහාර ඔක්කෝම හදලා තියෙන්නේ උස් බිමක. ගල්කුළු තියෙන, ගල්ලෙන් තියෙන, ආර්ථිකමය වශයෙන්, කෘෂිකර්මාන්තයට යොදාගන්න බැරි, ඒත් ආධ්‍යාත්මික වශයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනක් තෝරාගන්නේ. ඉතින් ඒක මෙතැන තියෙනවා කියලා මට දැනුණා. පස්සෙ මම කුඩෙයි පන්සිය පනස් ජාතක පොතයි, සද්ධර්මරත්නාවලියයි අරගෙන මෙතැනට ආවා පැලක් හදාගෙන.
අවසන් වශයෙන් ඔබ වහන්සේගේ විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා දායක වීමට කැමැති අයට සම්බන්ධ වෙන්න දුරකතන අංකයක් සඳහන් කරන්න කැමැතිද?
මම හිතන්නෙ එහෙම හොඳ නැහැ කියලා. මගෙන් ධර්මය අහපු අය ගොඩාක් ඉන්නවනේ. ඉතින් ඒ අය සැදීපැහැදී ශ්‍රද්ධාවෙන් දෙන දෙයක්නෙ වටින්නෙ. මම හිතනවා මේ කටයුතු සඳහා ඒ ඇති කියලා.
සැකසුම – කුමාර රත්නායක

SendShareShare
Previous Post

මහින්දට බය ත්‍රිකෝණය (රටේ පැත්ත)

Next Post

දරුවට අකුරු කියවන්නේ කොහොමද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.