• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලොකු දේවල් කරලා නෑ… හැබැයි මිනිස්සු ආදරෙයි! Sri Lanka Latest News

September 7, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ලොකු දේවල් කරලා නෑ… හැබැයි මිනිස්සු ආදරෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ ගායක ග්‍රේෂන් ආනන්දගේ පුතා මාරියෝ ආනන්ද මොකක්දෝ අලුත් තාලේ වැඩකට අත ගහන්න යනවා කියලා ආරංචියක් තිබුණා. වැඩි සද්දයක් නැති තාලෙට පාඩුවෙ හිටියට මාරියෝ ආනන්ද කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්. ඒක බොහෝ දෙනා මුලින්ම තේරුම් ගත්තේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි ඩ්‍රාමා එකේ ඔහු කළ සංගීත අධ්‍යක්ෂණයෙන් පස්සෙයි. ඒ විතරක් නෙවෙයි ‘මා නොවන මම’ වැඩසටහනට ඇවිදින් ඔහු කළ ගී ප්‍රසංගයටද විශාල ප්‍රතිචාරයක් ලැබුණා.Sri Lanka Latest News

මොකක්ද දැන් මේ වැඩි සද්දයක් නැතිව මාරියෝ අත ගහන්න හදන අලුත් වැඩේ? එයාගෙන්ම අහලා දැනගනිමු ඒක.
ඉතින් මාරියෝ කොහොමද අලුත් තොරතුරු?
වරදක් නැහැ. හොඳින් ඉන්නවා. මියුසිකල් ෂෝවලටත් දැන් දිගින් දිගටම සහභාගි වෙනවා.
ඒ කියන්නේ කාලයක් ඔබ සංගීත ප්‍රසංග වර්ජනය කරලා තිබුණද?
අයියෝ නැහැ. මම මා තුළ මීට කලකට ඉහත පොඩි සීමාවක් හදාගෙන හිටියා මියුසිකල් ෂෝවලට සහභාගි වුණේ නැහැ. අලුත් යමක් කරන්න හිතුවේ නැහැ. කෙටියෙන් කියනවා නම් කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලා හිටියා.
හේතුව මොකක්ද ඒකට?
මම පොඩි සමාජ සේවාවක නිරතව සිටියා. පාසල් යන දරුවන්ව මත් උවදුරින් බේරාගැනීමේ වෑයමයි එම සේවාවේ තිබුණේ. මම විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙක් ඒ සඳහා මට සහාය වුණා.
තාත්තා මතට ඇබ්බැහිව විඳපු දුක නිසාද ඒ පියවර ගත්තේ?
බොහෝ දුරට ඒ සංවේදී කාරණයද ඊට හේතු වුණා. එයින් මිදෙන්න බැරිව ඔහු මැදිව සිටි අසරණකම, ඒ පීඩනය මම දැක්කා. එතකොට මම ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක්. හැමදාමත් තාත්තා මට කිව්වේ ‘කවදාවත් බීමට ඇබ්බැහි වෙන්න එපා මාරියෝ, මේවා කටේ තියන්න එපා, ගැලවෙන්න බැරි පාපයක් ඒක’ කියලා. තාත්තා හුඟක් සංවේදී විදියට දුන්න ඒ අවවාදය මගේ හිතට තදින්ම වැදුණා.
‘අවවාදයට වඩා ආදර්ශය උතුම්’ කියලා ඔබ ඒ වෙනුවෙන් ආදර්ශවත් මෙහෙවරක නියැළුණාද?
එහෙම හිතෙනවා මට.
ළාබාල යෞවනයකු ලෙස සංගීත අධ්‍යක්ෂණයට පිවිසුණු හපන්කම ගැනත් මතක් කරමු?
ඔව්, ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි ඩ්‍රාමා එකේ මියුසික් ඩිරෙක්ටර් විදියට වැඩකරන කොට මගේ වයස අවුරුදු 21යි. මම ඒ නිර්මාණ මෙහෙවරට හවුල් වුණේ පුදුමාකාර සතුටකින්. ඒ වගේම හැකි උපරිමය මම කළා.
හෝ ගාලා ප්‍රශංසා ආවා, ප්‍රවීණයෝ පවා ඔබව අගය කළා?
සත්තකින්ම ලොකු සතුටක් දැනුණා. හිතුවේ නැති විදියට ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඒත් කියන්න දුක හිතෙන කාරණයක්ද මෙතැනදී මතකයට එනවා. ඒ තමයි 2021 දෙරණ ටෙලි සම්මාන උළෙලට මා සංගීත අධ්‍යක්ෂණය කළ නිර්මාණය ඇතුළත්ව තිබුණත් මට ඊට සහභාගි වෙන්න ආරාධනා ලැබුණේ නැහැ. සම්මාන හෝ කුසලතා නැති වුණත් මං වෙනුවෙන් ඉන්විටේෂන් එකක් එදා දුන්නෙ නැත්තෙ ඇයි කියන එක අදටත් හිතාගන්න අමාරුයි. හැබැයි ඒ ගැන අමනාපයක් නම් නැහැ.
මොනවට අමනාප වෙන්නද ඔබට ඉන්නවා හොඳ රසික පිරිසක්?
ඒක පුදුමාකාර ආදරයක්. මාරියෝ ආනන්ද තවම මහ ලොකු දෙයක් කරලත් නැතුව මේ තරම් රසික ප්‍රතිචාරයක් මොනවට ලැබෙනවද කියලා හිතාගන්න බැහැ ඇත්තටම.
මාරියෝ ආනන්ද ලොකු වැඩකට අතගහන්න යනවාය කියලා ආරංචියක් දැන් නම් තියෙනවා?
ඔව්. ටෙලි නිර්මාණයකට මැදි වෙලයි ඉන්නේ.
විස්තර ටිකක් කියමු මාරියෝ?
තවම වැඩි ප්‍රචාරයක් දෙන්න අදහසක් නැහැ. මොකද පොඩි සර්ප්‍රයිස් එකක් විදියටයි මේ නිර්මාණය ටෙලිකාස්ට් කරන්න යන්නේ. ඒත් මං පුංචි තොරතුරු ටිකක් කියන්නම්. මේක වෙනස් තාලේ නිර්මාණයක්. ප්‍රවීණයන් බොහොමයක් රඟපානවා. මේ දවස්වල ටෙලියෙ පබ්ලිසිටිවලට දුවනවා පනිනවා. මා සමග එක්ව සිටින බොහෝ දෙනකුගේ සහාය මත තමයි හැම දේම කෙරෙන්නේ. ඩ්‍රග්ස් ගැන තමයි තිර පිටපත මූලික වෙලා තියෙන්නේ.
ඔබ ඊට දායකව ඇත්තේ මොන ආකාරයටද?
කිව්ව විස්තර මදැයි ඉතින් ඔය. ඉතිරි හැම දේම ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්. කුතුහලය තාත්විකයි, අහම්බය සුන්දරයි. ඒ හින්දා මෙතැනින් නවතිමු.
හොඳයි, සුබ පතනවා සියල්ල සාර්ථක වෙන්න කියලා…
බොහොමත්ම ස්තුතියි. අප සැමගේ ප්‍රාර්ථනයද එහි සාර්ථකත්වයයි.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

බිනර පෝය දවසේ විපක්ෂනායක සජිත් බෞද්ධාලෝක මාවතේ කල්‍යාණ ධර්ම ආශ්‍රමයට යයි! තලගල ධම්මගවේෂී හිමියන්ගේ සුමධුර දම් දෙසුමට සවන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

වාංග මචා වාංග… යෙක ග්‍රවුන්ඩ් එකට වාංග…! සජිත්ට හිනා වුණා – ⁠අනුර මුල්ගල තිබ්බා – ⁠2020 සැලසුම් හැදුවා! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.