• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාංග මචා වාංග… යෙක ග්‍රවුන්ඩ් එකට වාංග…! සජිත්ට හිනා වුණා – ⁠අනුර මුල්ගල තිබ්බා – ⁠2020 සැලසුම් හැදුවා! Sri Lanka Latest News

September 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වාංග මචා වාංග… යෙක ග්‍රවුන්ඩ් එකට වාංග…! සජිත්ට හිනා වුණා – ⁠අනුර මුල්ගල තිබ්බා – ⁠2020 සැලසුම් හැදුවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා යාපනයේ සංචාරයකට එකතු වුණා. යාපනයේ සංචාරයේ පින්තූර විශාල ප්‍රමාණයක් විවිධ තැන්වලදී අපි දැක්කා. යාපනයේ සංචාරයට එකතු වුණු අනුර කුමාර දිසානායක මහත්තයා මණ්ඩතිව්වල නව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් සඳහා මුල්ගල තිබ්බා. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට මුල්ගල තැබීමත් එක්ක එම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැදුවට පස්සේ දිස්වෙන්නේ කොහොමද කියලත් පින්තූර සාක්ෂි කිහිපයකුත් එළියට ආවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මේ ක්‍රීඩාංගණය සෑදීම සහ ඒ ආශ්‍රිත කතාබහ මුළු ලෝකයේම අවධානය යොමුවෙන තරමට පත්වුණා. විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වමින් ඒ පිළිබඳ ලෝකෙට කියන්න උත්සාහ කරන බවකුත් අපි දැක්කා.Sri Lanka Latest News

ඇත්තටම ලංකාවේ වාර්ගික යැයි නම්කරන ලද යුද්ධයක් තිබුණු රටක මෙවැනි ක්‍රීඩාංගණයක් නිර්මාණය වීම ඉතාම සුබවාදී දෙයක් විදිහටයි අපි කවුරුත් විශ්වාස කරන්නේ. දැන් බොහෝ දෙනෙක් මේ ගැන හොඳ කියනවා. බොහෝ දෙනෙක් මේ සංචාරයෙන් අනතුරුව ඇතිවෙච්ච සහජීවන සංකල්පය ගැන උදම් අනමින් ඉන්නවා. විශේෂයෙන්ම මාලිමාවේ ආණ්ඩුවේ කට්ටිය ඒකේ මුල් තැනක් ගන්නවා. සාමාන්‍යයෙන් තමන්ගේ පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් පත්වෙලා, ඔහු විසින් සිද්ධ කරන දේවල්වලට අත්පොළසන් දෙන එක අපේ රටේ සාමාන්‍ය සිරිතක්. ඒකේ වරදකුත් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ පිට්ටනිය හදන්න මීට කලින් කවුරු හරි කෙනෙක් මොනවා හරි කිව්වා වගේ මතකයක් ඔබ තමුන්නාසේලාට තියෙනවද කියන එක.

මම දන්නේ නෑ ඒක ඔබට තියෙනවද කියලා, හැබැයි අපිට නම් තියෙනවා. යාපනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ගැන පහුගිය කාලේ පොඩි කතාබහක් ඇති වුණා. ඒ කතාබහට මුල් වුණේ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට අනුර කුමාර දිසානායක මහත්තයා එක්ක තරග කරපු සජිත් ප්‍රේමදාස මහත්තයා. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා යාපනයට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍යයි කියලා. ඒක කියද්දි නම් එයාට එහෙන් මෙහෙන් පැටලුණා වගේ මතකයකුත් අපිට තියෙනවා. මොකක්ද මම දන්නේ නෑ අමුතු කතාවක් තමයි ඔහු කිව්වේ. ඒ කතාව හාස්‍යයට ලක් කරමින් ඔහුට බරපතළ ලෙස පහර දෙන්නට අපේ රටේ උගත්, නූගත් උදවිය උත්සාහ කළා අපි දැක්කා. ඒක දේශපාලන වශයෙන් එල්ල කරපු ප්‍රහාරයක්ද කියලත් වෙලාවකට අපිට හිතෙනවා. මොකද ඒකට හේතුව හැමෝම දැනගෙන හිටියා යාපනයට ඒ වෙද්දිත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක අවශ්‍යතාවක් තියෙනවා කියලා. මොකද යාපනය කියලා කියන්නේ ලංකාවේ අතිශය ප්‍රධාන නගරයක්.

යාපනයට ආසන්නතම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ගැන හෙව්වොත් අපිට හම්බවෙන්නේ දඹුල්ලේ. එහෙම නැත්නම් යාපනයේ වවුනියාව, මන්නාරම, අනුරාධපුරයේවත් අඩුම තරමේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්, නිසි ප්‍රමිතියට අනුව හදපු එකක් නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් බලන්න ඕනෙ නම් දඹුල්ලට එන්න සිද්ධ වෙනවා. ඒක විශාල දුරක්. ඉතින් ඒ වැඩේ වෙන්නේ නෑ. අපි දන්නවා යාපනයේ දැන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහිවෙමින් ඉන්නවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන, ඒ වගේම අයි.පී.එල්.වලට ක්‍රීඩා කරන, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ යාපනයේ ප්‍රධාන නගරවලින් බිහි වෙනවා. යාපනය මධ්‍යයේ තියෙන හින්දු විද්‍යාලය, හාට්ලි කොලේජ් එක, මේ වගේ ප්‍රධාන පෙළේ පාසල්වලින් දැන් ශිෂ්‍යයන් ක්‍රිකට්වලට එනවා. ඒ නිසා යාපනයට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍යයි. සහජීවනය සඳහාත් අපිට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍යයි. මනුස්සකමේ දෑත් දිගු කරද්දි අපිට ඒ පැත්තයි, මේ පැත්තයි කියලා පරතරයක් තියාගන්න බෑ. ඒගොල්ලෝයි, මේගොල්ලෝයි කියලා වෙනසක් තියාගන්න බෑ. මේ වෙනස නැති කරගන්න එක අත්‍යාවශ්‍යයි. ඉතින් ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයා කරපු වැඩේ මරු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, මේ වැඩේ අනුර කුමාර දිසානායක මහත්තයා කරද්දි හොඳ වෙන්නයි, වෙන කෙනෙක් කරද්දි නරක් වෙන්නයි තිබිච්ච හේතුව මොකක්ද කියලා අපේ රටේ මිනිස්සුන්ට දැනගන්න උවමනා වෙන එක.
දේශපාලනය කියලා කියන්නේ කරන හැම හොඳ දෙයක්ම විවේචනය කරන එකට නෙවෙයි. දේශපාලනය කියන්නේ හොඳ දේවල් විවේචනය නොකර ඉන්නත්, නරක දේවල් විවේචනය කරන්නත් පුරුදු වෙන එකට. ඒක කරන්නේ කොයි ආණ්ඩුවෙන්ද? කොයි පාලකයාද? ඒගොල්ලෝ ඒක කළාම ඒගොල්ලන්ට ලැබෙන වාසිය මොකක්ද? ඒක ජාත්‍යන්තර වශයෙන් කොච්චර වැදගත්ද කියන එක ගැනවත් හිතන්නේ නැතුව අපි ඔවුන්ට වැටෙන්න ගහනවා. කුඩු වෙන්න ගහනවා. සමහර වෙලාවට අපි ඔවුන්ට රිදෙන්නම පහර දෙනවා. මේක හරිම නරක දෙයක් විදිහටයි අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නේ.

අපිට මතකයි ඡන්දේ කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා සනීපාරක්ෂක තුවා බෙදනවා කියලා, බස් බෙදනවා කියලා, ස්මාර්ට් බෝඩ් බෙදනවා කියලා, ස්මාර්ට් ක්ලාස්රූම් බෙදාදෙනවා කියලා ඔහුට දරුණු විදිහට පහර දුන්නා. හැබැයි ඔහු ඉතින් ඒ පහර කාගෙන, දුක් විඳගෙන ඒ වැඩේ ඒ විදිහටම කරගෙන ගියා. ඒවා අදත් හරි ප්‍රයෝජනවත් විදිහට දරුවෝ භාවිත කරමින් ඉන්නවා. ඇත්තටම ඈත පිටිසර වන්නි වනාන්තර, ගම්මානවල තියෙන පුංචි පාසල්වලට තමන්ට කියලා බස් එකක් තියෙනවා නම් හරි හොඳයි. ඒක නරක දෙයක් නෙවෙයි. ඒක ඔවුන්ට තියෙන වත්කමක්. ඔවුන්ට සතුටු වෙන්න තියෙන කාරණයක්. තමන්ගේ කාලේ ඉස්කෝලෙට බස් එකක් හම්බ වුණා කියන එක සමහර අය අවුරුදු ගානක් තිස්සේ මතක් කරනවා, අවුරුදු ගානක් තිස්සේ කියනවා. ඒක උදම් ඇනිය යුතු කාරණයක් විදිහට සමහර අය සලකන්නේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා නෝනාවරුනි, මහත්වරුනි, නරක නරක විදිහටත්, හොඳ හොඳ විදිහටත් දකිමු. මේ රටේ මේ වෙලාවේ කරපු හොඳ වැඩක් තමයි මේ ක්‍රීඩාංගණයට මුල්ගල තියපු එක. හැබැයි ක්‍රීඩාංගණයට මුල්ගල තියන්න කලින් මේ වගේම ක්‍රීඩාංගණයක් හදන්න සිහින දැකපු තවත් මිනිස්සු හිටියා කියන එකත් මතක තියාගන්න.

2020දී හදපු ප්ලෑන් එකක් තමයි අද මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා සමහර අය කියනවා. අපි දන්නේ නෑ 2020දී ප්ලෑන් හැදුවට වැඩේ ක්‍රියාත්මක නොවුණා නම් ඒ ප්ලෑන් එක උඩ ක්‍රිකට් ගහන්න බෑනේ. ඒ නිසා ප්ලෑන් එක කවුරු හරි කෙනෙක් ක්‍රියාත්මක කරන්නයි ඕනේ. 2020දී හදපු ප්ලෑන් එකක් 21දී ක්‍රියාත්මක නොකර, 22දී ක්‍රියාත්මක නොකර, 23දී, 24දී ක්‍රියාත්මක නොකර ඉඳලා 25දී කෙනෙක් ක්‍රියාත්මක කරනකොට ‘ආ ඕක අපේ ප්ලෑන් එක’ කියලා ලකුණු දාගන්න හදන එකත් වැරදියි. හැබැයි ඒ වුණාට යම්කිසිවෙක් කරන්න හදපු දෙයක් නරකයි කියලා, ඒක අපි ආයෙත් කරලා හොඳයි කියලා, ඒ වෙනුවෙන් උදම් අනන එක නම් හොඳ පාලකයෙක්ගේ, හොඳ දේශපාලකයෙක්ගේ විතරක් නෙවෙයි, හොඳ මනුස්සයෙක්ගේ වැඩක් නෙවෙයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලොකු දේවල් කරලා නෑ… හැබැයි මිනිස්සු ආදරෙයි! Sri Lanka Latest News

Next Post

සජිත්ට ගහන තැන හොයාගනී! පිටිපස්සේ ඉඳන් ගේම් ගහපු කට්ටියයි කුලියට ලියපු අයයි නම් ගම් එක්කම මෙන්න! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.