සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනය අදට (7) යෙදී ඇති බිනර පොහොය නිමිති කර ගෙන කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාන ධර්ම ආශ්‍රමයේ දී පැවැත්විණි.Sri Lanka Latest News
මෙවර දේශකයානෝ ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාස සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික පූජ්‍ය තලගල ධම්මගවේසි හිමිපාණන් වහන්සේය. මේ මහැඟි පුන්‍ය අවස්ථාව සඳහා සැදැහැති බැතිමතුන් විශාල පිරිසක් එක්විය.






















