• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

දවල් හීන

August 27, 2019
in Politics
Reading Time: 2 mins read
A A
දවල් හීන
Share on WhatsAppShare on Facebook

ආශික්ලන්ත ජනතාව මේ දවස්වල ඉන්නෙ අන්දමන්ද වෙලා. නරපතිතුමාගෙ රාජ මාලිගේ අමුතු දේවල් සිද්ධවෙන්න පටන් අරන්. රාජ මාලිගේ ඇතුළෙ ඉන්න අයවත් දන්නෙ නැහැ නරපතිතුමා මොනවද කරන්නෙ කියලා. රෑට රෑට නරපතිතුමා රාජ සභාවෙ රහස් කුටියට ගිහින් එක එක ඇමැතියත් එක්ක සාකච්ඡා පවත්වනවා.
පසුගිය කාලෙ හැම සිකුරාදාවකම මොනව හරි අමුතු දෙයක් වෙනවා.
“අද විශේෂ රැස්වීමක්. රාජ සභාව වැඩිපුර ආසන පනවලා ලෑස්ති කරනවා!”
නරපතිතුමා අග්‍ර පුරෝහිතයට නියෝග කළා.
“යුවපතිතුමාගේ ආසනේ තියන්න ඕනද නරපතිතුමෝ?”
අග්‍ර පුරෝහිතයා වෙනදට අහන ප්‍රශ්නෙම ඇහුවා.
“එපා! එපා! ඕකට මේ කපේදි මගෙ රාජ සභාවෙ ආසන පනවන්න එපා. ඊයෙත් මං එක්ක විසල් නිවාස පද්ධතියක් විවෘත කරන්න ගිහින් මට නොදී පීත්ත පටිය කැපුවා. මට හොරෙන් දවස ගානෙ අරව මේව විවෘත කොරන්න යනවා. මං දන්නව ඕකට කරන්න ඕන වැඬේ!”
නරපතිතුමා දත්මිටි කකා ගිගුරුවා. අග්‍ර පුරෝහිතයා අතුරුදන් වුණා.
හවස් වෙනකොට අන්ධකාරෙ මැද්දෙ ඇමැතිවරුන්ගෙ රථ මාලිගේ පිටිපස්ස දොරටුවෙන් ඇතුළු වුණා. ටික වෙලාවකින් රාජ සභාවෙ පනවල තිබුණු ආසන පිරිල ගියා.
නරපතිතුමා උපදේශක මණ්ඩලයත් එක්ක රාජ සභාවට ඇවිත් සිංහාසනේ වාඩි වුණා.
“කෝ අපේ හිටපු නරපතිතුමා නැද්ද?” නරපතිතුමා ඇහුවා.
“එතුමාට අපි දිනේ දීල තියෙන්නෙ හෙටනෙ නරපතිතුමෝ!”
අග්‍ර පුරෝහිතයා ඩයරිය බලල උත්තර දුන්නා.
“අර ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියල කපන කතාව තමුන් දන්නවද?”
නරපතිතුමා ඇමැතියන්ගෙන් ඇහුවා.
“අනේ දන්නෙ නැහැනෙ නරපතිතුමෝ!” ඇමැතිවරු කිව්වා.
“හා එහෙනම් කමක් නැහැ, අපි වැඬේට බහිමු දැන් ගණන් කරල බලනවා ගාන හරිද කියලා!” ගිය සැරේ වගේ ගාන වරද්දගන්න එපා!” නරපතිතුමා එහෙම කියද්දි ඩිජිටල්තුමා ඔළුගෙඩි ගණන් කරන්න ගත්තා’


“හරියටම 97ක් ඉන්නවා නරපතිතුමෝ!”
“කෝ ඒත් තව 16ක් අඩුයිනේ?”
“බය වෙන්න එපා නරපතිතුමෝ. ඇමෑත්ත මණ්ඩලේ තව ලොකු කළොත් ඒ ටිකත් හරි!”
“ආ! ඒ ටික මං හෙට හිටපු නරපතිතුමා එක්ක රැස්වීමේදී හදල දෙන්නම්!”
නරපතිතුමා එහෙම කියද්දී ඇමෑත්ත මණ්ඩලේ සෙට් එක අප්පුඩි ගැහුවා.
“ජයවේවා!”
“අපේ නරපතිතුමාට දීර්ඝායුෂ ලැබේවා! හිතන පතන සියලු දේ ලැබේවා! සියලු දෙවි දේවතාවරුන්ගේ ආශිර්වාදය ලැබේවා!”
ඇමැතිවරු තරගෙට කෑගහන්න ගත්තා.
“ඇති! ඇති! නවත්තගන්නවා කෑගැහිල්ල. ඔහොම තමා ගියපාර උන්ටිකත් කෑගැහුවෙ. අන්තිමට මං ඇන්දුනා. නීති සභාව මට පිටුපෑවනෙ.”
“කෝ අර රංගෙයා ආවෙ නැද්ද?”
නරපතිතුමා වටපිට බලමින් ඇහුවා.
“ආ! ඒ යකා එන එකක් නැහැ. ඌ අණ්ඩයනෙ!” කවුදෝ කිව්වා.
“අපෝ ඔව් ඌ ගියපාර අපේ හඟුරන්කෙතයව නියමෙට ඇන්දුවනෙ!”
“නොදකින් හඟුරන්කෙතයා ඌට හරියට වැඩක් කොරන්න බැහැනෙ. අහුවෙන්නෙ නැතිව. ඕකත් එක්ක ටෙලිපෝනෙන් කතා කරනව හෙම නෙවෙයි මෙදා පාර!” නරපතිතුමා කිව්වා.
“දැන් මේ පාර අපිට ලැබෙන ඇමැතිකම් මොනවද නරපතිතුමෝ?”
සේනාධිනායක පරම්පරාවෙන් එන කෙට්ටු හාදයෙක් ඉවසුමක් නැතිව නරපතිතුමාගෙන් ඇහුවා.
“තමුසෙ මේ පාරත් ආවද? ගිය පාර එහෙට මෙහෙට පැන පැන මාවත් නෝන්ඩි කළා!” නරපතිතුමා එහෙම කියපු ගමන් අර හාදයා ලජ්ජාවෙන් බිම බලාගත්තා.
“දැන් එතකොට තමුසෙලා ටික ෂුවර්නෙ!”
“100%් ෂුවර් නරපතිතුමනි!” හැමෝම අත් උස්සලා කිව්වා. “මේ පාර මට ටිකක් සතුටුයි. සේනාධිනායකතුමත් මගේ පැත්තේ. නීති සභාවත් මගේ පැත්තේ. කෝ ඒත් මේ ඕනෙම කරන මිනිහා කෝ ඇත්තටම නිවාසපතිතුමා?”
“ඇත්ත නේන්නම් එතුමා නැහැනෙ. අපිත් එක්කම ආව හැබැයි!” එක එක ඇමැතියා මුණු මුණු ගාන්න පටන් ගත්තා. එතකොටම රථයක් ඇවිත් රජමාලිගේ ඉදිරියෙ නතර කළා. මෙගා මහල් නිවාසපතිතුමාගෙ රථයෙන් ඇවිත් නිවාසපතිතුමා බැස්සා. මෙගා මහල් නිවාසපතිතුමා ආපු වේගෙන්ම රථය හරවගත්තා. පිටුපස්ස ආසනේ හිටපු යුවරජතුමා නිවාසපතිතුමාට අත වැනුවා. නිවාසපතිතුමා රාජ සභාවට ඇතුල් වුණා.
“ආ! මේ එන්නෙ දෙයියො! අපි මේ බැලුව පරක්කු මොකද කියල?” සෙසු ඇමැතිවරු කියන්න ගත්තා.
“මං ගියානෙ නක්‍ෂත්‍රතුමා මුණගැහෙන්න. වෙලාව බලා ගන්න!” “ඉතිං! ඉතිං! එතුමා මොකද කිව්වෙ?” නරපතිතුමා ඇහුවා.
“මගේ වෙලාව හොඳම නැහැ කිව්වනෙ. රාජ යෝගෙ තිබුණට මේ වෙලාවෙ නීචවෙලාලු. පච වෙනවලු! අනේ එහෙම නම් මට පච වෙන්න බැහැ. අර ගෝතය මදිවට ඕං රතුමලයත් එනවලු! මට නම් බැහැ. මං යනවා ඔන්න!” එහෙම කියල උබර් රථයක් ගෙන්නගෙන නිවාසපතිතුමා රජ මාලිගයෙන් පිටත්වෙලා ගියා.
නරපතිතුමා කට ඇරන් බලන් හිටියා.
“ඕකා! ඔහොම්මයි! අන්තිමේ පච වුණේ අපිනෙ!”
එහෙම කියාගෙන ඇමැතිවරුන් එක එකා රාජ සභාවෙන් පිටවුණා.
“ගණන් ගන්න එපා නරපතිතුමෝ! අපි වෙන ගැටයක් ගහමු!” අග්‍ර පුරෝහිත උපදේශක බමුණා නරපතිතුමාට කිව්වා.
එතකොට නරපතිතුමා උපදේශක බමුණට කම්මුල රතු වෙන්න එකක් ගැහුවා.
“යකෝ මට මේ පේන හීන ඔක්කොම පේන්නෙ දවල්ට විතරද?” එහෙම කියල නරපතිතුමාත් රාජ සභාවෙන් පිටවුණා.

SendShareShare
Previous Post

මහින්දානන්දගේ අල්ලස් නඩුව පහළින් ඉහළට

Next Post

බැසිල් හරි කියයි

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.