පසුගිය ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මගින් ආනයනය කරන ලද කැරම්බෝඩ් සහ දාම් ලෑලි ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රුපියල් මිලියන 53 ක මුදලක් රජයට පාඩු සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට අද (27)නියම කෙරුණි.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ එම විත්තිකරුවන්ට එරෙහිව මේ වනවිට කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති නිසා මෙම අධිකරණයේ නඩු කටයුත්ත අවසන් කරන ලෙසටය.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත නිමා කිරීමට තීන්දු කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සිතාසි ලැබුණු පසුව විත්තිකරුවන්ට කොළඹ විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙසද දැනුම් දුන්නේය.