සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ ජාතික දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගතය, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටිංස්‘ ආයතනය විසින් A-(lka)’ සිට A(lka) ‘ස්ථාවර’ යන ඉහළ මට්ටමට සංශෝධනය කර ඇත’ මෙම සංශෝධනය සමඟින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සමඟින් මුල්‍ය ස්ථාවරත්වයෙන් යුතු දේශීය බැංකුවක් ලෙස තවදුරටත් තහවුරු කෙරේ. තවද, සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත නිදහස් කළ හැකි ණයකරවල ශ්‍රේණිගත කිරීම A-(lka)’ සිට A(lka) දක්වා ඉහළට සංශෝධනය කර ඇති අතර බැංකුවේ යටත්, අනාරක්ෂිත නිදහස් කළ හැකි ණයකර සඳහා වූ ශ්‍රේණිගත කිරීම BBB-(lka) ලෙස තහවුරු කර ඇත.
සමස්ත ලෝකයම අනපේක්ෂිත වසංගත තත්ත්වයකට මුහුණ පා විවිධ ක්‍ෂේත්‍ර කඩා වැටුණු අවස්ථාවක මෙම ශ්‍රේණිගත සංශෝධනයන් හිමි වීම විශේෂත්වයකි. මෙම උසස් ශ්‍රේණිගත කිරීම් මඟින් මනාව පිළිබිඹු වන්නේ මූල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික ජනතාව වෙනුවෙන් අනාගතයට ඔබින බැංකුකරණ සේවාවක් පිරිනැමීම සඳහා සෙලාන් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීමයි. අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්ව හමුවේ වුවද 2020 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 902ක බදුවලට පසු ලාභයක් වාර්තා කළ සෙලාන් බැංකුව, නවෝත්පාදන විසඳුම් හඳුන්වා දෙමින් මාස ගණනක් පුරා පැවති රට වසා දැමීමේ තත්ත්වය තුළද සිය සේවා ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කළේය.











