• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වැදි පුතුන් බුදු පුතුන් කළ කවුද මේ පොට්ටනි හාමුදුරුවෝ

July 11, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
වැදි පුතුන් බුදු පුතුන් කළ කවුද මේ පොට්ටනි හාමුදුරුවෝ
Share on WhatsAppShare on Facebook

විජයාගමනයට පෙරම ලක්බිමේ බෞද්ධයන් සිටි බවට ඉතිහාස හා පුරාවිද්‍යා විද්වතුන් මත ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ බුදුන්ගේ ධර්මය ආරම්භක යුගයේ සිටම හෙළයේ බුද්ධ ධර්මයේ ව්‍යාප්තයද ආරම්භ වූ බවය. එදා මෙදා තුර හෙළයේ ධාර්මික සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් මෙම කර්තව්‍ය උදෙසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා කළ සේවය සුළුපටු නොවේ. ඒ වෙනුවෙන් රතු රුධිරය මේ මහ පොළොවට මුහුකළ බෞද්ධ භිකෂූන් වහන්සේලා සිටි බවද පැරණි හා නූතන ඉතිහාසයේ සඳහන් වේ.

වර්ෂ 1924 දි දකුණේ හේවා දූලිගේ දියෝනිස් මහතාට හා සයිනහාමි මාතාවට වාසනාවන්ත දරු උපතක් සිදුවුණේය. ඔවුහු ඒ දරුවාට හේවා දූලිගේ චාර්ලිස් ලෙස නම් තැබුවෝය. චාර්ලිස් කුඩා කල සිට තරුණ විය දක්වාම සමාජයේ අනෙක් දරුවන් මෙන් හැදී වැඩුණේය. වසර විසි දෙකක් පමණ වූ ඒ කාලය තුළ ඔහු ලැබූ සමාජ ජීවිතය නිසාම ලෞකික ජීවියේ ඇත්තේ සතුටක් නොවන බව පසක් කරගෙන සිටියේය. ඔහු කුඩා කල සිටම දහමට දැඩි ඇල්මක් දැක්විය. ඒ නිසාම පාසල් අධ්‍යාපනයට වැඩි ඇල්මක් නොදැක්වූ තරුණ චාර්ලිස් වයස අවුරුදු විසිදෙක සම්පූර්ණ වන විට බදුල්ලේ පඤා්ඤාලංකාර නාහිමියන් යටතේ පැවිදි දිවියට ඇතුළු වූයේ කිතලගම ශ්‍රී සීලාලංකාර නමිනි. වසර කිහිපයක් බදුල්ලේ පඤා්ඤාලංකාර නාහිමියන් වෙතින් දහම් අධ්‍යාපනය ලබාගත් කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන්, දිඹුලාගල ග්‍රාමයට වඩින්නට පෙර උන්වහන්සේ කදුරුවෙල, පළුගස්දමන ප්‍රදේශයේ භාවනායෝගීව වැඩ විසූහ. ඉන් ටික කලකට පසුව ගල් තලාවන් තරණය කරමින් කටුක දුෂ්කර මං ඔස්සේ දිඹුලාගලට වැඩම කළහ. දිඹුලාගල යනු ඵෛතිහාසික පුණ්‍ය භූමියකි. එදා ලක්දිව බුදු සමය ආරම්භයත් සමගම දිඹුලාගල ප්‍රදේශයේ ආරණ්‍යවාසි සංඝයා වහන්සේලා වැඩ විසූ බවට ඉතිහාසයේ සඳහන් වේ. යක්ෂයන්ගේ රාජධානියක් ලෙස වංශ කතාවල සඳහන් වන දිඹුලාගල ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ප්‍රදේශයක් බවට කරුණු අනාවරණය වන්නේ ඈත අතීතයේ උදුම්බරගිරි, උදම්වරසාලා පබ්බත, දූම්මරක්ඛ පබ්බත යන නම් භාවිතා කළ නිසාය. ආරණ්‍යවාසි භික්ෂූන් වහන්සේලා මුල් යුගයේ මෙහි වැඩ විසූ බවට වංශ කතාවල සඳහන් වූවත් ආරාමයන් ඉදිවී නැති බවත් සඳහන් වේ. බුදුරදුන් වැඩසිටි සමයේ සිටම හෙළයන් වාසය කළ බවට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන උදුම්බරගිරි ග්‍රාමය වර්තමාන දිඹුලාගලයි.
දහනව වන සියවසේ මැද භාගයේ මෙහි ජීවත් වූ ආදිවාසීන් ජීවිකාව සඳහා වන සතුන් දඩයම් කරමින් හා මස් පුලුස්සා ආහාරයට ගනිමින් ගල් ගුහාවන් තුළ ජීවත් වෙමින්, ඇඳි වස්තරයක් හෝ නොමැතිව සිටි යුගයේ දිඹුලාගල ඔවුන් තම රාජධානිය කරගත්තේය. එදා බුදු සමයේ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා එහි ඇති ලෙන්, පොකුණු, උයන් භාවිතා කරමින් වැඩ විසූ බවට වංශ කතාවල සඳහන්.

චූල වංශයේ සඳහන් කරුණු අනුව මහා පරාක්‍රමබාහු රජ දවසේ දිඹුලාගල වැඩ විසූ කාශ්‍යප මහ රහතන් වහන්සේ නිසා දිඹුලාගල ප්‍රසිද්ධ වූ බවද සඳහන්වේ. ඒ සිද්ධිය මෙසේය, මහා විහාරය, අභයගිරිය හා ජේතවනය නමින් ආරම්භ වී බෙදෙමින් ආ තුන් නිකාය සමගිකොට සංඝ සංශෝධනයක් ඇති කිරීමට රජු පියවර ගෙන තිබූ අවධියේ, සෑම නිකායකම සංඝයා වහන්සේලාගේ ගෞරවයට පාත්‍රවූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පුලතිසි පුරයට වඩම්මවා එම අරමුණ ඉටුකරගැනීමට රජුට සහායවී ඇත.

තවද අතීතයේ රහතුන් වැඩ සිටි දිඹුලාගල, මලියදේව මහ රහතුන් වහන්සේට සෙවණ දුන් බව රසවාහිනි හා සිහළවත්ථු නම් පාළි කතා සංග්‍රහවල සඳහන් වේ. එසේම විවේකය අවශ්‍ය වූ විටෙක මලියදේව මහ රහතන් වහන්සේ මෙහි වැඩමකොට මෙහි ඇති චන්දාමුකි නම් ලෙනෙහි වැඩ සිට ඇති අතර, ඒ ස්ථානයෙ සිට බණ දෙසූ විට දෙවි දේවතාවුන් බණ ඇසූ බවද සඳහන් වේ. දිඹුලාගල පුණ්‍ය භූමියේ අවසන් වරට වැඩ වාසය කළේ මලියදේව මහ රහතුන් වහන්සේ බවද වැඩිදුරටත් සඳහන්වේ.

ඉන් පසුව මෙම ඵෙතිහාසික පුණ්‍ය භූමිය, කාගෙත් නෙත නොගැටී වන වදුලක්ව සැඟව යන්නට විය. ඒ වන වදුලේ නැති කිසිවක් නොමැති විය. ඒ නිසාම වර්ෂ 1954 කිතලගම ශ්‍රී සීලාලංකර හිමියන් වැඩම කරනතෙක්ම ආදිවාසීන් එය තම රාජධානිය කරගනිමින් වාසය කළහ. කිතලගම ශ්‍රී සීලාලංකර හිමියන් දිඹුලාගලට වැඩම කර ප්‍රථම කාර්යය වූයේ දැහැමි ජීවිතයෙන් ඈත්වී දුගී ජීවිතයක් ගත කළ ඒ අවට ජනතාවට ජීවිතාලෝකයක් ලබා දීමය. එය ඉතාම අපහසු වෙහෙසකාරී දුෂ්කර කාර්යයක් වූවත් උන්වහන්සේ කිසි විටෙකත් පසුබට වූයේ නැත. ඒ වන විටත් උන් වහන්සේ වැඩ විසූයේ දරුණු වන සතුගෙන් පිරුණු ගුහාවකය. එහි වූයේ ඇටකටු හා සත්ව මාංශ පුලුස්සන ලද අළු ගොඩවල්ය. ඉන් පසුව උන්වහන්සේ සිය කාර්යය ආරම්භ කළේ මිල්ලාන, දලුකාන, ඇල්ලේ වැව, අලවතු කුඹුර, වැලික්නද, අරලගංවිල ආදී ගම්වල ඇවිද යමින් ග්‍රාමවාසීන්ගේ වගතුග මෙන්ම දුක සොයා බැලීමටය. මෙම ජනතාවගේ කම්කටොලු දුක්බර ජීවිතවලට ධාර්මිෂ්ට විසඳුමක් සෙවූයේ ජාති, ආගම්, කුල භේද පසෙකලාය. මේ අවට වාසය කළ අය උන් වහන්සේ දුටුවේ සියල්ලෝම මිනිසුන් ලෙස පමණි. මේ අහිසංක අසරණ මිනිසුන්ගේ සුබ විහරණය උදෙසාම බොහො වැඩ කොටස් ආරම්භ කළේය. ආදිවාසීන්ට ප්‍රථම ධර්මය වෙනුවට ඔවුන්ගේ කුස ගින්න පුරවාලන්නට ආහාර ලබා දුන්නේය. ඒ වෙනුවෙන් අපමණ වෙහෙසක් ගනිමින් පොට්ටනියක් පිටේ එල්ලන් නියංගම් පුරා ඇවිද්දේය. එයින් ලැබුණු දේ ආදිවාසීන්ට මෙන්ම සෙස්සන්ටද ලබා දුන්නේය. පිටේ එල්ලන් ආ පොට්ටනිය තුළින් ඇදගත් ඇඳුම් පැලඳුම් ඔවුන්ගේ නිර්වස්ත්‍රය වසාගැනීමට ලබා දුන්නේය. පොට්ටනි හාමුදුරුවෝ ලෙසින් උන් වහන්සේ නම් ලැබූයේ ඒ නිසාය. මුං, කව්පි, තල, මෙනේරි, හාල්, පොල් ආදී වශයෙන් බෙදාදී අහිංසක සතුන් දඩයම් කිරීමෙන් ලබා ගන්නා මස් පුලුස්සා කෑමෙන් රැස්කරගන්නා අකුසලෙන් ඔවුන් බේරා ගත්තේය. දුන්න, ඊතලය, කෙටේරිය, මන්නා පිහි වෙනුවට කැත්ත උදැල්ල ඔවුන් අතට ලබාදී වගා සංග්‍රාමය ආරම්භ කළේය. වැදි ජනයාගේ මෙන් අවට අනෙකුත් ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස්කොට නවෝදයක් උදා කළේය. පසුකාලීනව උන්වහන්සේ ජනයාට ආදරය කළා සේම අවට ජනයාද උන් වහන්සේට බෙහෙවින් ආදරය කළෝය. “පොට්ටනි හාමුදුරවෝ” පසුව කාලීනව “දිඹුලාගල හාමුදුරුවෝ” ලෙස නම් ලැබුවේය.

“යකුනේ මේ අහපල්ලා, තොපි මෙච්චර කල් ඇඟට වස්තරයක් නැතිවයි හිටියේ. උඹලගේ කොල්ලෝ කුරුට්ටෝ ඉබාගාතේ යනවා. උඹලා ගේන මස් කෑලි හප හපා උන් කාලේ කනවා. මේ උඹලගේ රට. උඹලගේ මුතුන් මිත්තෝ තමයි මේ රට හැදුවේ. ඒ මිනිස්සු මැරිලා දැන් කාලාන්තරයක් ගිහින්. දැන් ගිහින් ගනිල්ලා කැති පොරෝ අතට. අවුරුදු සිය ගණනක් ගස්වල කොළ වැටිලා සාරවත් වෙච්ච මහපොළොවක් තියෙනවා ඒවා අස්වද්දපල්ලා. මෙහෙම මං කීවට මාත් එක්ක තරහ ගන්ඩ එපා. උඹලා මගේ නෑයෝ”

උන් වහන්සේ මෙසේ වැදි ජනයාට බැන වැදුණේ දැඩි ළෙන්ගතුකමකිනි. මෙලෙස දිඹුලාගල හාමුදුරුවන්ගේ ආදරයට පාත්‍ර වෙමින් වැදි ජනයා කෙමෙන් කෙමෙන් සත්ව ඝාතනය අතහැර වගා බිම්වලට වැටුණෝය. උන් වහන්සේගේ සෑම කාර්යයකටම ළඟින් හිඳ සහාය වූ වැදිනායක මිල්ලානාගේ දරුවෙකු පළමුවරට ගිහි ජීවිතය අතහැර පැවිදි විය. මිල්ලානේ සිරියාලංකාර නමින් පැවිදිවූ උන්වහන්සේ පසුකාලීනව දිඹුලාගල විහාරයේ විහාරාධිපතිවද වැඩ සිට ඇත. මිථ්‍යා දුෂ්ටිකයන් බොහෝමයක් සුමගට ගෙන බුදු මගෙහි ආලෝකය ලබාදී ඇති උන්වහන්සේ දමිළ, මුස්ලිම් දරුවන්ද මෙසේ මහණ කරවමින් බුද්ධ සාසනයට බුද්ධ පුත්‍රයන්ව දායාද කළේය. උන් වහන්සේ සෑම රජයකටම බල කරමින් දිඹුලාගල හා අවට ප්‍රදේශ සංවර්ධනය කිරීමට වැව් අමුණු හා මං මාවත් සෑදීමට වෙහෙස වී කටයුතු කළහ. හිටපු ජනාධිපතිවරයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතාද දිඹුලාගලට මහඟු සේවයක් කළ බව වරෙක දිඹුලාගල හාමුදුරුවන් ප්‍රකාශ කළේය.
හඳපානගල, සොරිවිල ආදී ගම්වල ජනපද ඇතිකර එහි දමිළ, මුස්ලිම් ආදිවාසී ජනයාද ඇතුළුව හැට දහසක් පමණ පදිංචි කරවනු ලැබීය. ඉන් පසුව පාසල් විශාල ප්‍රමාණයක් ආරම්භ කෙරුණි. වෙහෙර විහාරස්ථාන විශාල ප්‍රමාණයක්ද ඇරඹිණි. ඒ නිසාම ජනතාවගේ ජීවිත දහමින් පෝෂණය වෙද්දී, දුගීභාවය තුරන් වෙමින් බත බුලතින් ස්වයංපෝෂිත ජන සමාජයක් බිහිවිය. කරුණු කාරණා එසේ සුබවාදීව සිදුවෙද්දි බන්ධනාගාරවලින් පැන ආ රැඳවියන් මඩකලපුව දෙසින් කඳු තරණය කරමින් දිඹුලාගට පැමිණියේ කරුණු දෙකක් හේතුකොටගෙනය. ආරක්ෂක අංශවලින් බේරි සිටීමට හා වන වදුලේ ඇති නිදන් වදුලු හැරීමටය. යකෙකුටවත් බිය නැති ජවසම්පන්න දිඹුලාගල හාමුදරුවෝ එයට ද වැට බඳිමින් ඔවුන් ද පලවා හැර නිදන් වදුලු ද ආරක්ෂා කළේය.

“වැදි ගුහා බුදු ගුහා කළා, වැදි පැටව් බුදු පැටව් කළා” උන් වහන්සේ වරක් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදීමේදී මෙසේ සඳහන් කළේය.

ශිෂ්ට සම්පන්න සමාජයක් ඇතිකිරීම වෙනුවෙන් වෙහෙසෙමින් ජීවිතයම කැප කළ උන් වහන්සේ රුදුරු ත්‍රස්තවාදීන් විසින් 1996 මැයි මස 26 වැනි ඝාතනය කරනු ලැබීය. වෙඩි තබා ඝාතනය කිරීමට නොහැකි තැන කෙටේරියකින් හිසට කොටා උන්වහන්සේ ඝාතනය කර තිබුණි. ඒ අන් කිසිවක් නිසාවත් නොව බලසම්පන්න සුර කිහිපයක් උන් වහන්සගේ ඉණෙහි බැඳ තිබූ නිසා බව තතු දත් ජනතාව සඳහන් කරයි. ලක් දෙරණම හඬවමින් උන් වහන්සේ අවසන් ගමන් ගියද, අදත් උන් වහන්සේ සිහිකරන විට දිඹුලාගල සොරිවිල් ආදී උන් වහන්සේ විසින් බිහිකළ ජනපදවල මිනිසුන්ට පමණක් නොව මුළු රටේම ජනයාගේ දෙනෙත්වලටද කඳුළු රැඳෙනු සැටි දැකගත හැකිය.
රොෂාන් මාවතගම

SendShareShare
Previous Post

ස්වර්ණමාලී මහා සෑයට පළිඟු මැණිකක් සොයා බුරුමයට ගිය ගමන

Next Post

උමාරියා පිඹුරෙක් එක්ක දාපු සෙල්ලම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.