ප්රේක්ෂකයන් වසඟයට ගත් සුවිසල් පරාසයක විහිදී යන හඬ පෞරුෂය ඇති ගායිකාවන් අතර උමාරියා සිංහවංශට හිමිවන්නේ සුවිශේෂී ස්ථානක්. ලාංකේය ගායන ක්ෂේත්රයට වෙනස් ආරක හඬක් එක් කළ ඇයගේ අලුත්ම මියුසික් වීඩියෝව ‘ඇයිද පමා’ ගැන උමාරියා අදහස් දැක්වූයේ මේ අයුරින්.
උමාරියා අලුත් වැඩක් කළා නේද?
ඔව්. මගේ අලුත්ම වැඬේ තමයි ‘මන්ද පමා’ කියන මියුසික් වීඩියෝ එක.
කොහොමද ‘මන්ද පමා’ හැදෙන්නෙ?
මමයි මගේ හස්බන්ඞ් දිමිත්රියි එකතු වෙලා තමයි මේ මියුසික් වීඩියෝ එක කරන්නෙ. සින්දුව ලියන්නෙ තරුණ පරපුරේ ජනප්රියම ගීත රචකයෙක් වුණ මනුරංග විජේසේකර. සංගීතය කරන්නෙ දිමිත්රි.
මොනවගේ තීම් එකක්ද සින්දුවෙ තියෙන්නෙ?
එහෙම විශේෂ තීම් එකක් අනුව නෙමෙයි සින්දුව කළේ. මට ඕනෙ වුණා බයිල බීට් එකට යන සින්දුවක් කරන්න. ඒක හින්ද ඇරබික් මියුසික් එකත් බයිල බීට් එකටම මික්ස් වෙලා යන විදිහට තමයි දිමිත්රි මේකෙ මියුසික් එකත් කළේ. මියුසික් වීඩියෝ එකෙත් අපි ඇරබික් පැත්තට බර වෙන්න තමයි කළේ.
මියුසික් වීඩියෝ එක ගැන කතා කළොත්?
මියුසික් වීඩියේ එක කරන්නෙ හසිත් පතිරත්න. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කළේ මගේ අදහසක් අනුව. මම හිතපු විදිහටම වීඩියෝ එක හොඳ කොලටියට කරගන්න අපිට පුළුවන් වුණා.
සින්දුවෙ ඔබ සුවිශේෂී රංගනයක යෙදෙනව?
ඔව්. අපි මේ වැඬේට පිඹුරෙක් යොදාගෙන තියෙනව. මං පොඞ්ඩක්වත් කැමැති නෑ පිඹුරන්ට. කොහොම හරි හිත හදාගත්ත වැඬේ හොඳට කරගන්න ඕනෙ හින්ද. අනිත් පැත්තෙන් මම අභියෝග බාරගන්න කැමැති කෙනෙක්. මම කැමතියි මගේ නිර්මාණවලට වෙනස් විදිහෙ දේවල් යොදාගන්න. මේකෙ කරන ඩාන්සින් ගැනත් මම ටිකක් ඉගෙන ගත්ත. ඒ දේවල් කළේ හොඳ නිර්මාණයක් එළියට දාන්න ඕනෙ හින්ද.
මියුසික් වීඩියෝ එකේ තියෙන ප්රබලත්වය නිසා ඔබේ කටහඬ යටපත් වෙලා තියෙනව කියල හිතෙන්නෙ නැද්ද?
මං හිතන්නෙ මගේ ප්රේක්ෂකයො දන්නව මගේ හැකියාව මොකක්ද කියල. මම කැමතියි ගොඩක් වෙනස් විදිහෙ ගීත කරන්න. අනිත් එක මම හිතන්නෙ නෑ මම කියන හැම ගීතයකම හfඞ් තියෙන උපරිමය පෙන්වන්න ඕනෙ කියල. මගේ හඬේ හැකියාව මේකෙන් යටපත් වුණා කියල මට හිතෙන්නෙ නැහැ.
ඔබ හිතන විදිහට ගීතයකට වඩා වැදගත් වෙන්නෙ හඬද? රූපයද?
මම හිතන්නෙ මේ දෙකම වැදගත් මියුසික් වීඩියෝ එකකට. මං හිතන්නෙ අද කාලෙ මියුසික් කරන කෙනෙක්ට මියුසික් වීඩියෝ එක ගොඩක් වැදගත්. ඒ හින්ද ඒ දෙකම බැලන්ස් වෙන විදිහට තමයි මියුසික් වීඩියෝ කරන්න ඕනෙ.
ගීතයට ලැබෙන ප්රතිචාර ගැන කතා කළොත්?
ඇත්තටම හොඳයි. දැනට යූටියුබ් එකේ දවස් හතරක් ඇතුළත ලක්ෂ දෙකහමාරක් විතර සින්දුව බලල තියෙනව. මේක ඇත්තටම මම ලොකු අවදානමක් අරගෙන කරපු ගීතයක්. ඉතින් ඒකට ලැබෙන ප්රතිචාර ගැන මම ගොඩක් සතුටු වෙනව.
ඉන්දික වික්රමරත්න











