ලොව ඈත ඉතිහාසයට එබී බැලීමේදී ලොව ප්‍රබලතම රාජ්‍යයක් වූ ඇමෙරිකාව තුළ ප්‍රකට දේශ ගවේෂකයෙක් වූ කොලොම්බස් විසින් වසූරිය නමැති විෂබීජය (වෛරසය) බෝ කරන ලදී. නමුත් මේ මහා වසංගතය සුවපත් කිරීමට හැකිවිය.
අපේ රටේ පැරැණි කාලයේදී දේව රෝග නමින් හැඳින්වෙන පැපොල, සරම්ප වැනි ආබාධ දුරුකර ගැනීමට වෙදකමට වඩා හෙදකම උපයෝගී කරගන්නා ලදී.
එකල කොහොඹ කොළ, කෙසෙල් කොළ මත අතුරා ඒවා ඇඳට දමා ඒ මත පන්පැදුරු දමා රෝගය වැලඳුණු අයට නිදා ගැනීමට සලස්වන ලදී. මේ එදා නිරෝධානය ක්‍රමයයි. මේ රෝග සඳහා ඖෂධ නොගත් අතර, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පත්පාඩකම් පානය කරන ලදී.
එහෙත් මේ දිනවල ලොව පුරා පැතිර ඇති මහා වසංගතය වූ ‘කොරෝනාව’ නිසා මිය යන සංඛ්‍යාව ලක්‍ෂ ගණන් දක්වා ඉක්ම යමින් ඇත.
ලංකා ජන ජීවිතයට අතිශයින් හානිකර වූ මෙම වසංගතය නිසා ජනයා පීඩාවට ගොදුරු වූ අතරම සරල දිවි පෙවෙතකටද හුරුපුරුදු වූහ. එය ඉතාමත් කාලෝචිත ක්‍රියාවකි. පිටරටින් ආනයනය කරන ලද විවිධ පන්නයේ ආහාරපානවලටද, දේශීය ක්‍ෂණික ආහාරවලටද හුරු පුරුදු වී සිටි ජනතාව මේ වන විට අල වර්ග, ධාන්‍ය වර්ග හා විවිධ ශාක පත්‍රවලින් සකසා ගන්නා කැඳවලටද පුරුදු වූහ. එක පැත්තකින් බලන විට මෙවැන්න යහපත්ය.
සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදය තුළින් ශාරීරික පවිත්‍රතාවයකට පෙළඹුණි. අත්-පා, මුහුණ-කට සේදීම නිරන්තරයෙන්ම සිදුකෙරේ. එයින් බාහිරව ශරිර ගතවන විෂබීජ ඉවත් කෙරේ.
ඉතාම සරල දිවි පෙවෙතකට ක්‍රමක්‍රමයෙන් හුරුපුරුදු වීම ජීවිතවල යහ පැවැත්මට හිතකර තත්ත්වයෙන් උපකාරී වෙයි. විශේෂයෙන්ම කුඩා ළමයින් නිතර නිතර රෝගී තත්ත්වයට පත්වීම නිසා වෛi ප්‍රතිකාර ගැන්මට මීට මාස 3කට පෙර නිරන්තරයෙන්ම සිදුවී තිබුණේ විෂබීජ සමඟ තරගකාරීව හැසිරුණ බැවිණි. අද වන විට පරිසර දූෂණයක් නැත. ඔසෝන් ස්ථරයද යහපත්ය. මෝටර් රථවලින් පිටවන දුම් රොටු නිසා වායුගෝලය අපිරිසුදු වූ අතර, අද හරිම නිදහස් වාතාවරණයක් බිහි වී තිබේ.
සෑම අතින්ම අද මිනිස් දිවිය සරලව ගෙවීමේ වාසනාවක්ද පෑදී තිබේ. එය ජනතාව ලබන ලද පෙර වාසනාවකි.
සියල්ල වනුයේ යහපතට යැයි යන කියමන අනුව පැමිණි දුක් පැණි රස සේ විඳ ගනිමු.
අධි පෝෂිතදායී ආහාරපාන ගැනීමට හුරු වී සිටි අයගේ රුධිරය පරීක්‍ෂා කිරීම සෑම මසකට වරක්ම සිදුකෙරිණි. නමුත් මේ ගතවූ මාස කිහිපය තුළ සීනි, කොලෙස්ටරෝල් (මේදය), රුධිර පීඩනය කිරා මැන නොබැලින. රෝග පරීක්‍ෂා කිරීමට නොහැකි වූයේ රසායනාගාර වසා ඇති බැවිනි. නමුත් කිසිවෙකුගේ එවැනි අතුරු ආබාධවලින් විශාල ලෙස පීඩාවන්ට පත්නොවූ බැව්ද පැහැදිලිය.
මනෝ පුග්ගමං ධම්මා මනස මුල් විය සියල්ලටම මුලින්ම හේතුකාරකය උපදින්නේ සිත තුළය. මේ වසංගත කාලය තුළ මනස සංවර තත්ත්වයට පත්වීම විශේෂ වාසනාවකි. සියලුම ශාරීරික (ව්‍යාධි)වලට හේතුව සිතයි. හිත සංසුන් හා ක්‍රමවත් පාලනයකින් යුක්ත වී නම් රෝග අඩු වෙයි. කොරෝනාව නිසා මිනිස් මනස ක්‍රමවත්ව පාලනය කරගැනීමට මිනිසා සමත් විය. ඕනෑම දෙයක වැඩි වීම නිසා අනවශ්‍ය මානසික අවශ්‍යතාවක් (ඉල්ලුමක්ද) වැඩි වෙයි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











