ග්‍රහ අපල එක එක විදියට ජන්මියට බලපානවා. හැබැයි ග්‍රහ අපලවලින් බොහෝ දෙනෙක් අකමැතිම සහ බියට පත්වන අපලය තමයි සෙනසුරු අපලය. සෙනසුරු අපලයේත් විවිධ කොටස් තිබෙනවා. සෙනසුරු මහ දශාව, අන්තර් දශා, ජන්ම ඒරාෂ්ටක, ලග්න ඒරාෂ්ටක, අෂ්ටම ඒරාෂ්ටක, සඳු අෂ්ටම ඒරාෂ්ටක විදියට ඒවා හැඳින්වෙනවා. උපන් ලග්නය සෙනසුරුගෙ පිහිටීම අනුවත් මේ අපල අඩු – වැඩි වෙනවා.
භයානක අනතුරු, දරුණු ලෙඩ රෝග, සිත්තැවුල්, අගහිඟකම්, බලාපොරොත්තු බිඳ වැටීම්, පදිවි, තනතුරු අහිමි වීම, නින්දා-අපහාස, සතුරු කරදර ආදී පීඩා සෙනසුරුගේ අපල කාලවලදී සිදුවෙනවා. ඇතැම් අය සෙනසුරු අපල කාලවලදී විදේශගත වුවද එය අසාර්ථක උත්සාහයක්. එයින් අපල දෙගුණ තෙගුණ වෙන්නත් බැරි නැහැ.
සෙනසුරුගෙ අපලවලින් බේරෙන්න පුළුවන් ප්‍රතිකර්ම ඕනෑ තරම් තියෙනවා. සමහර ප්‍රතිකර්ම බහුලව භාවිත වන ඒවා නිසා නිතර දකින්න ලැබෙනවා. රජවරු, සිටුවරු වැනි පුද්ගලයන් මෙවැනි අපලවලින් බේරෙන්න විවිධ දේ කරනවා, කර තිබෙනවා. ඔවුන් ඒවායින් මහඟු ප්‍රතිඵලත් අත්විඳ තිබෙනවා. අද වෙද්දි සමාජයෙන් ඈත්ව තිබෙන්නෙත් එවැනි අය භාවිත කළ වටිනා ක්‍රමවේදයි.
ඊට හේතුව තමයි, එදා භාවිත කළ ඇතැම් ගුරුකම් අද වෙනකොට භාවිතයේ නැති වීම. ඒවා භාවිත කළ බොහෝ දෙනෙක් ඒවා කිසිකෙනකුට නොදී රහසේම මියගිහින්. ඒවා ලියා තිබූ පුස්කොළ පොත්, රන්පත් ආදිය සොරසතුරු උවදුරු නිසා විනාශ වෙලා. දැනට ඒවා තිබෙන්නේ ඉතාමත් රහසිගත ස්ථානවල පමණයි. එනිසා අප තීරණය කළා එලෙස ප්‍රසිද්ධ නොවූ රහස් ක්‍රම කිහිපයක් ඔබට ලබාදෙන්නට.
සෙනසුරු ගුළිය
නුගපොතු, නුග කොළ, තලුතල රැගෙන මේ සියල්ල සිහින්ව අඹරාගෙන කුඩා සුරයකට දැමිය හැකි ප්‍රමාණයට කුඩාවට ගුළි සාදාගත යුතුය. ඉන්පසු මේසයක් මත නුගකොළ අතුරා නිල් මල් තබා මල් යහන සකසා ගන්න. මල් යහන මත එම ගුළි තබා පහත මන්ත්‍රය දහස් වරක් මතුරාගෙන සෙනසුරාදා දිනයක සෙනසුරු හෝරාවෙන් සුරයක බහා කරේ හෝ ඉනේ පැලඳගන්න.
මන්ත්‍රය :
ඕං සමග්නී රග්නිගඃ
කරච්ජං නස්න පතු සූර්යඃ
ශංවාතො වාත්වරපා, අපස්නිධ්‍රඃ
සෙනසුරු හූය
නුග ගසක් යට මල් යහනක් සාදා ගන්න. නුග අත්තක් සිටවා ගත්තද සුදුසු වෙයි. යහනට තද නිල් රෙද්දක් එළා නිල් මල් අතුරන්න. කළුපාට නූල් නව පොටක් එකට අඹරාගෙන ගැට නවයක් ගසා ගැට හිර නොකර තබා ගන්න. තළුතල, අශ්න ලොත්සුඹුල, පොරි, බැවිල, සනතුජප යන ඖෂධ රැගෙන මල් යහනෙහි අතුරන්න. නූල ඖෂධ වර්ගවල ස්පර්ශ වන අයුරින් තබාගෙන කෙළවරක් අතින් අල්ලාගෙන පහත මන්ත්‍රය 1008 වරක් මතුරාගන්න. පසුව නූල ගෙන එක ගැටයකට මන්ත්‍රය නව වාරය බැගින් මතුරා ගැට හිරකරගන්න.
සෙනසුරාදා සෙනසුරු හෝරාවෙන් නූල කරේ, ඉණේ හෝ අතේ බැඳගන්න.
මන්ත්‍රය :
ඕං ඓං හ්‍රීං හ්‍රීංගෙනෛශ්වරාය නමඃ
ඕං කොඩඃ ශපුනෙශ්වරො
චක්ත්‍රස් ජාය හෘදයනන්දනඃ
මාර්තණ්ඩජයෂ්තථා සෞරිඃ
පාතංගිර් ග්‍රහනායකඃ
බ්‍රහ්මණ්‍ය ක්‍රෑර කර්මාව නීල
වස් ක්‍රොංජනද්‍රනිඃ
ද්වද ශෛතානි නාමානි
ප්‍රාතරුත්ථාය යඃ
පථෙත් විෂ මස්තොවි භගවාන්
සු විනස් ස්‍ය ජයතේ
ගාර්ගශ්ච කෞෂික ශෛවව
පජපලාද්‍රෙ මහාමුනිඃ
ශනෛශ්වර කෘතාන් දෝෂාන්
නාසයන්ති එෂඃ ස්මෘතඃ
ඉහත සඳහන් කළ ගුප්ත ක්‍රමවේද අදට වසර දහස් ගණනකට පෙර විසූ මහා රජවරු, සිටුවරු ආදීන් මහත්පල ලබාගත් පිළිවෙත් බව පොතපතෙහි සඳහන් වෙයි. එසේම මෙමගින් ලැබෙන පල කෙසේද යන්න වර්තමානයේද මෙවැනි දේ දන්නා අය හොඳින්ම වටහාගෙන සිටිති.
එස්.කේ. බණ්ඩාර











