ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතන දෙකක් විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙම ආයතනවල වෙබ් අඩවි මගින් දේශීය සහ විදේශීය සිසුන්ට මෙම ආයතනවලට ඉතාමත් ආරක්ෂාකාරීව අන්තර්ජාලය ඔස්සේ ගාස්තු ගෙවීමේ අවස්ථාව මේ සමග උදාවී තිබේ.
මේ අනුව බැංකුවේ අන්තර්ජාල ගෙවීම් සේවාව සමග අලුතෙන්ම ඒකාබද්ධ වී තිබෙන ආයතන අතරට CIMA අධ්‍යාපනයේ මෙරට ප්‍රමුඛතම ආයතනයක් වන විස්ඩම් බිස්නස් ඇකඩමි සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍ය අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන ඒෂියන් ඉන්ටර්නැෂනල් ඇකඩමි (AIA) හෝල්ඩින්ග්ස් අයත් වේ.
බැංකුව විසින් මෙම ආයතන දෙක සඳහා ලබාදී තිබෙන IPG සේවාවන්ට ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් අනුමත කිරීම, වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ සන්නාමවලින් යුතු කාඞ්පත්වලින් කරන සෘජු ගෙවීම් සැකසීම ඇතුළත් වේ.
මෙහිදී මෙම ආයතන දෙකේම වෙබ් අඩවි ඔස්සේ සිදුකරන අන්තර්ජාල ගෙවීම් ක්‍රියාවලිය සඳහා කොමර්ෂල් බැංකුව විසින් පහසුකම් සපයන අතර ඒ සඳහා සම්පූර්ණයෙන්ම ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප්‍රමිති (fPCI) අවශ්‍යතාවයන්ට අනුකූල මාස්ටර්කාඞ් ගෙවීම් ද්වාර සේවාව සපයා තිබේ.











