Uber සිය නවතම සේවාව වන ‘Uber RentalsZ ’ පසුගියදා දියත් කළේය. මෙම සේවාව ඔස්සේ මගීන් හට Uber මෝටර් රථ සහ එහි රියැදුරන් පැය ගණනට වෙන් කරවා ගත හැකි අතර, එහිදී ඔබගේ අවශ්‍යතාවය පරිදි නැවතුම් කාර්යයේ යෙදීමේ අවස්ථාවද ලබාදෙමින් ඔබට අවශ්‍ය පරිදි සේවාව ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම සේවාව සතිය පුරා දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන්නකි.
රට නැවත සක්‍රීය වීමෙන් පසු දෛනික කාර්යයන් සඳහා යොමුවන මගී ජනතාව වෙත නම්‍යශීලී මෙන්ම පුද්ගලබද්ධ අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ඹඉැර මඟින් හඳුන්වා දීමට යෙමුවූ මෙම සේවාව Uber Zip සහ Uber Premier යනුවෙන් සේවා කාණ්ඩ දෙක ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මෙහිදී Uber Zip කාණ්ඩය යටතේ පැයක/කිලෝමීටර දහයක පැකේජයක් රු. 499ක් වැනි දැරිය හැකි මිලකට ලබාගත හැකි අතර, Uber Premier කාණ්ඩය යටතේ පැයක / කිලෝමීටර දහයක පැකේජය රු. 549 සිට ආරම්භ වේ. මගීන් පැය කිහිපයක සේවා අවශ්‍යතාවයකදී උපරිම වශයෙන් පැය 12ක කාලයක් දක්වා වෙන්කර ගැනීමේ හැකියාව ලබාදී ඇත.
මෙම සේවාව මඟින් මගීන් හට පැයට වඩා වැඩි කාර්යයක් කිරීමේ පහසුකම සලසාදී ඇති අතර, එහිදී ස්ථාන කිහිපයක් වෙත යාමට හෝ ව්‍යාපාර හමුවකට සහභාගි වී පහසුවෙන්ම එම රථයෙන් අවශ්‍ය ස්ථානයන් කරා නික්මයාම වැනි පහසුකම් සලසා දී ඇත.











